(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
නිකවැරටිය ප්‍රදේශයේ ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් භූමියක අනවසරයෙන් පස් කැපීමේ ජාවාරමක් වටලා ටිපර් රථ රියදුරන් 18 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යංශය සහ පොලිස් විශේෂ කාර්‍ය බලකාය අද(04) සමත්වූහ.
එහිදී අනවසරෙන් පස් ප්‍රවාහනයේ යෙදුණු ටිපර් රථ 18ක් සහ පස් කැපීමට යොදාගත් ස්කැවේටර් යන්ත්‍රයක් ද පොලිස් විශේෂ කාර්‍ය බලකාය සිය බාරයට ගත්තේය.
ජාතික පශු සම්පත් මණ්ඩලය විසින් එම ඉඩමේ ගොඩගසා තිබූ පස් කියුබ් දහසක් පමණ එම ස්ථානයෙන් ඉවත් කිරීමට ටෙන්ඩරයක් ලබාදී ඇති නමුත් එම ස්ථානයේ පස් කැපීමට අදාල පුද්ගලයින් සතුව කිසිම වලංගු බලපත්‍රයක් නොතිබූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යංශයේ ප්‍රධාන වැටලීම් නිලධාරී බුද්ධික ශිල්පරත්න මහතා පැවසීය.
මේ වනවිට එම ස්ථානයේ තිබෙන වැවකින් පස් කියුබ් 3000කට අධික ප්‍රමාණයක් ඉවත් කර ඇති අතර එම පස් දිවයිනේ නොයෙකුත් ප්‍රදේශ වලට ප්‍රවාහනය කර තිබෙන්නේ කිසිදු බලපත්‍රයක් නොමැතිව බව එම කාර්‍යංශය කියයි. අදාල ඉඩමේ සිට මහා මාර්ගයට අවතීර්ණ වන ස්ථානයේම නිකවැරටිය පොලිසිය විසින් යොදවා ඇති මාර්ග බාධකයක්ද තිබියදී බලපත්‍ර නොමැතිව මෙසේ පස් ප්‍රවාහනය කිරීම ගැටලු සහගත තත්වයක් බවද වැටලීම් නිලධාරීහු කියති.
තවද මෙම ටිපර් රථ රියදුරන් තම රථවල මාර්ග සංවර්ධන අධිකාරියේ නාමපුවරු යොදාගෙන පස් ප්‍රවාහනය කරන ආකාරය ද දක්නට ලැබිණ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අනවසරෙන් පස්කැපූ ටිපර් රථ රියැදුරන් 18 ක් අත්අඩංගුවට