(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
අප්‍රිකානු රටවල් 6ක සිට මෙරටට පැමිණි පුද්ගලයින් 104 දෙනෙකු දඹුල්ල පැල්වෙහෙර රජයේ ගොවි පුහුණු මධ්‍යස්ථානයේ දින 28ක කාලයක් නිරෝධායනය වී සිය නිවෙස් වෙත යැවීම අද (18) සිදුකෙරිණි.
යුද හමුදාවේ 53 වැනි අතිරේක ප්‍රහාරක සේනාංකය විසින් මෙම නිරෝධායන මධ්‍යස්ථානය පවත්වාගෙන යන අතර එහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.එච්.ඒ.එස්.පී.කේ. සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පිරිස් වෙත නිරෝධායන සහතික ලබාදීමෙන් අනතුරුව ඔවුන් නිවෙස්වෙත යැවීම සිදුකරනු ලැබීය.
අප්‍රිකානු රටවල් වන උගන්ඩාව, මැඩගස්කරය, කෙන්යාව, රුවන්ඩාව , ටැන්සානියාව, මොසම්බික් ආදී රටවල සිට පුද්ගලයන් 106 දෙනෙකු මෙම ස්ථානයට ගෙනැවිත් තිබුණු අතර ඉන් පුද්ගලයන් දෙදෙනෙකු කොරෝනා ආසාදනය වූ අය බව හඳුනාගෙන තිබිණි.
ඉතිරි පිරිස දින 28 ක කාලයක් යුද හමුදා නිලධාරීන් යටතේ නිරෝධායනය කිරීම සිදුකර තිබිණි.
ඒ අනුව මෙම දඹුල්ල පැල්වෙහෙර රජයේ පුහුණු මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ පිරිස් වෙත සහතික පත්‍ර ප්‍රදානය කිරීම සඳහා එක්වූ 53වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.එච්.ඒ.එස්.පී.කේ. සේනාරත්න මහතා කියා සිටියේ රජයේ සහ මහජනතාවගේ මුදල්වලින් නිරෝධායන කටයුතු සිදුකළ ආහාරපාන සෞඛ්‍ය සියලු පහසුකම් ලබා දුන් මෙම පිරිස සමාජයට මුදා හැරීමෙන් පසුව සමාජය වෙත වගකීම් ඉටු කරන පිරිසක් බවට පත් විය යුතු බවය.
දින 28ක නිරෝධායන කාලය අවසන් කළ අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණි කිහිප දෙනෙක් යුද හමුදාව සහ රජය සිදුකරන මෙහෙය පිළිබඳව දැඩි අගය කරන බව පැවසූහ. ඔවුන් කියාසිටියේ යුදහමුදා නිලධාරීන් සුවිශාල වූ කාර්යභාරයක් තමන් වෙත ඉටුකළ බවයි. එමෙන්ම අප්‍රිකානු රටවල මෙම වසංගතය මර්දනය කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති සිද්ධීන් සහ මෙරට සිද්ධීන් බැලූ කළ ඉතා පැහැදිලි වෙනසක් පවතින බව ද එම පිරිස පැවසූහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අප්‍රිකානු රටවල සිට පැමිණ නිරෝධායනය වූ 104 ක් පිටව යති