IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


අඹගස්වැව පෙදෙසේ පිරිසක් අනවසරෙන් කුඹූරු කරතියැයි ගම්මුන්ගෙන් චෝදනා

(ඩබ්. ඒ. පියතිලක)
 
මැදිරිගිරිය අඹගස් වැව ජලය පවතින ප‍්‍රදේශය තුළ අනවසරයෙන්  පිරිසක් කුඹුරු කරන බවත් ඒ පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නත් මෙතෙක්  කිසිදු පියවරක් නොගෙන ඇති බව අඹගස්වැව මහසෙන් ගොවි සංවිධානය සහ එක්සත් ගොවි සංවිධානය කියයි.


මෙම වැවෙන්  කුඹුරු අක්කර 3000කට වැඩියෙන් ගොවිතැන් කටයුතු සිදු කරන අතර ගොවි පවුල් 3000කට වැඩි පිරිසක් යල මහ දෙකන්නයේ  ගොවිතැන් කරති. 


වඩිගවැව,කදුරුගස්වැව,මීගොල්ලෑව,පතොක්වැව,ගොඩපොත්ත,අඹගස්වැව,ජයතුගම,මහකන්දාරාව,පුපුදුගම,නිකහේන ආදි ගම්මානවල වැසින්  ගොවිතැනට අමතර තම දෛයිනික අවශ්‍යතා ඉටුකර ගනු ලබන්නේ ද මෙම අඹගස්වැවෙන් බව ප‍්‍රදේශයේ ගම්වැසියෝ කියති.


මේ පිළිබද අදහස් දැක්වු අඹගස්වැව එක්සත් ගොවි සංවිධානයේ සභාපති  කේ ජි ජගත් මහතා මෙසේ පැවසීය.

‘මේ වැව රජ කාලේ ඉදලා තමයි තියෙන්නේ. මේ වැවෙන් කුඹුරු අක්කර 3500ක් පමණ යල මහ දෙකන්නයේ ම වැඩ කරනවා. මේ වන විට  වැව ඉහළින් ව්‍යාපාරිකයෝ පිරිසක් වැවේ වතුර තියෙද්දීම නියරවල් දාලා කුඹුරු කරනවා. රජවරු වැව්  හැදුවේ වැවේ කුඹුරු කරන්න නෙවෙයි වැවට එකතු වෙන ජලයෙන් කුඹුරු කරන්න.

නමුත් දැන් වෙන්නේ වැව ඇතුලේ  කුඹුරු කරන්න පටන් අරන්. අපි දන්න විදියට වැවක තණ කොළ පිඩල්ලක්වත් කපන්න අවසරයක් නෑ. නමුත් දෙයියනේ  ට‍්‍රැක්ටර් දාලා කුඹුරු කරන කල් කිසිදු නිළධාරියකු මැදිහත් නොවී සිටිම පුදුමයක්. 


සෑම නිලධාරියකුටම දැනුම් දිලා තියෙනවා. ඒ වගේම හැම ගොවි රැස්වීමක ම කියලා තියෙනවා .මේ වෙනකං කිසිම නිලධාරියකු මේ පිළිබඳ බලන්නවත් ඇවිත් නෑ. අපි කියන්නේ මේ වැවට අයිති සීමාව මැනලා අනවසරයෙන් වැවේ කුඹුරු කරන  අයව ඉවත් කරන්න කියලා තමයි. එහෙම නැති වුණොත් තව කන්නයක් යනකොට අඹගස්වැව තිබුණ තැනවත් හොයන්න හමු වෙන්නේ නෑ.



අදහස් (0)

අඹගස්වැව පෙදෙසේ පිරිසක් අනවසරෙන් කුඹූරු කරතියැයි ගම්මුන්ගෙන් චෝදනා

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 318 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1308 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 385 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 467 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 448 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 338 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 589 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 793 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2211 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site