IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


අලි තිදෙනකු මරා දමන්නේ යයි සූරියවැව ගම්වැසියෝ තර්ජනය කරති

(දිලීප් ජයසේකර)

සුරියවැව බෝගහඉදිවැව ගම්මානයට නිතර කඩා පැන නිවාසවලට හානි කරන අලි තිදෙනා අල්ලාගෙන යාමට වගකිවයුතු බලධාරීන් සතියක් තුළ කටයුතු නොකරන්නේ නම් නම් ගම්වාසීන් එකතු වී මෙම අලි තිදෙනා මරා දමන බව ප්‍රදේශවාසීහු කියති.

පසුගිය දින 04 තුළදී වන අලි පහර දිම් හේතුවෙන් නිවාස 10ක් පමණ හානි වී ඇතැයි ද ඔවුහු පවසති.

මේ සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශව කොතෙකුත් දැනුවත් කළද මෙතෙක් කිසිදු පලක් නොවු බවද ගම්වාසීහු පවසති. මෙම වන අලි තිදෙනාගෙන් එක අලියෙකු නිවෙස් කඩා හාල් කෑමට පුරුදු වී සිටින බවද කියති.

මෙම අලි තිදෙනා අල්ලා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවත් පසුගිය දින කිහිපයේම බෝගහඉදිවැව ගම්මානයේ නිළධාරීන් රාජකාරියේ නිරත වී සිටි බවත් හම්බන්තොට අඩවි වන සහකාර නිලධාරී විජයකුමාර මහතා පවසයි.

නමුත් ගම්මුන්ගෙන් රාජකාරියට බාධා එල්ල වීම නිසා එහි අලි මෙහෙයුම් තාවකාලිකව නතර කළ බවත් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ගැන සුරියවැව පොලිසියට පැමිණිලි කළ බවත් ඒ මහකා කියයි.

(පසුගිය දින කිහිපය තුළදි වන අලින් බෝගහඉදිවැව නිවෙස් කඩා දමා ඇති අයුරු)



අදහස් (5)

අලි තිදෙනකු මරා දමන්නේ යයි සූරියවැව ගම්වැසියෝ තර්ජනය කරති

රජින්ද Tuesday, 25 April 2017 07:48 AM

ඉස්සෙල්ලම පරිසරයට දැඩි හානි කරමින් සත්ව අභයභූමි බලහත්කාරයෙන් ගිනි තබමින් හේන් කරන මේ ගම්වල ඉන්න 'ගැමියන්' යයි කියාගන්නා අයව අත්අඩංගුවට ගත යුතුයි. මහා වනාන්තරවල ගෙවල් අටවාගෙන අන්තිමේදී වන සත්තු පලවා හරින්න යයි කීමට කිසිවෙකුට අයිතියක් ඇත්තේ නැත. එසේම, විල්පත්තු මහා විනාශය කළවුන් ඉක්මනින්ම ස්වභාවධර්මයේ නියමයන්ට යටත් වනු ඇතැයිද දනිමු.

:       18       220

Buddhi Tuesday, 25 April 2017 11:54 AM

සමහර අය කෑගහනවා සිංහල අයට දරුවෝ 5,6 හදන්න කියල. ලංකාව දැනටම ලෝකයේ වැඩිම ජන ගණත්වය තියෙන රටවල් 20 න් එකක්. දැන්ම ජනගහන වැඩිවීම පාලනය නොකරොත් මේ වගේ දේවල් දිගටම වැඩි වේවි. හොඳම වැඩේ දැන් නීති තුලින් හෝ දැනුවත් කිරීම් තුලින් ජනගහන වැඩිවීම පාලනය කරන එකයි. විශේෂයෙන් මුස්ලිම් ජනගහනය වැඩිවීම පාලනය කිරීමට නීති ගෙන ඒම ඉතාම වැදගත්. එමගින් ජනගහන අනුපාතය දිගට පවත්වා ගත හැකි වේවී. පුංචි පවුල රත්තරන් කියමන ඉතාම නිවැරදියි. එය මුස්ලිම් ඇතුළු සෙසු ජාතින්ටද නීති මගින් හෝ හඳුන්වා දීම කලයුතුමයි. එය රජයේ වගකීමක්.

:       60       374

nimallalitha Wednesday, 26 April 2017 02:00 AM

බුද්ධි ඔබ හරියටම හරි .....රජින්ද නැති බැරි මිනිස්සු කැලා කොටගෙන පැල් අටවාගෙන දුක් විදින්නේ ජිවත් වෙන්න. ඔබේ වචනයෙන් ගම්වල ඉන්න ගැමියන් යැයි කියා ගන්න අය ඇත අඩංගුවට ගන්න කියන්න පෙර මේ මිනිසුන්ගේ ජිවත් වීමේ ප්‍රශ්නය විසදන ලෙසට පාට කුමක් වුවත් ඔබ පුදන දෙසපලුවන්ට කියන්න. ඔබ,ඔබේ දරුවෙකු,බිරිඳ හෝ සමීපතමයෙකු පසු පස වල අලියෙකු හෝ වෙනත් සතෙකු පන්නන අවස්ථාවක ඔබේ අතේ තුවක්කුවක් තිබේ නම් ඔබ නිකන් සිටිනවාද ?

:       1       74

sahan Thursday, 27 April 2017 01:56 AM

අලින්ගේ කැලේ ගෙවල් හදල, දැන් අලි මරන්න කතා කරනවා, මුන් මිනිස්සු නොවේ.

:       127       1

neil Tuesday, 09 May 2017 12:01 PM

ගම්මු හරියට හරි අවසාන විසඳුම ඒක තමා. ඔය බෙරිහන්දෙන කාටත් ඔහොම උනොත් උත්තරේ ඕක තමා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 405 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1386 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 440 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 537 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 509 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 392 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 561 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 302 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 453 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site