IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අලිංචිපතාන විල්ලුවේ අනවසරෙන් වී ගොවිතැන් කළ අයෙකුට ඇප

(ක.ග.කරුණාරත්න)
 
ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් අලිංචිපතාන විල්ලුවට අනවසරයෙන් ඇතුළුවී පරිසරය විනාශ කරමින් වී ගොවිතැන් කළ බව කියන පුද්ගලයෙකු ඇප මත මුදාහරින ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත් අසේලද සිල්වා මහතා අද(21) නියෝග කළේය.

ඒ අනුව රුපියල් ලක්‍ෂයක ශරීර ඇපයක් සහ රුපියල් 25,000 ක මුදල් ඇපයක් මත සැකකරු මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
 
මෙසේ ඇප මත මුදා හරින ලද්දේ වැලිකන්ද, නවසේනපුර, ඇතුගල, අංක171 ලිපිනයේ පදිංචි අච්චි මොහමදු නසීර්මුදීන් යන අයයි. 
 
අලිංචිපතාන විල්ලුවට අනවසරයෙන්  ඇතුළුවීම, විල්ලුවේ පරිසරය වෙනස්කර එයට හානි සිදුකරමින් වී ගොවිතැන් කිරීම, විල්ලුවේ ශාක පුළුස්සා විනාශ කිරීම, වන සතුන්ට හානිකර ලෙස විද්‍යුත් පරිපථයක් සහිත විදුලි වැටක් ඉදිකිරීම යන චෝදනා යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත්කර තිබුණි.
 
පොළොන්නරුව  වනජීවී කලාප කාර්යාලයේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබීය.



අදහස් (0)

අලිංචිපතාන විල්ලුවේ අනවසරෙන් වී ගොවිතැන් කළ අයෙකුට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site