(නිහාල් ජයවීර )
සිය නිවසේ සාලයේදී ඇතෙකුගේ පහරදීමකට ලක් වු තිදරු මවක් මියගොස් ඇතැයි මහව පොලිසිය කියයි .
මහව , දළදාගම , උල්ලලපොළ පදිංචිව සිටි පී.එච් .නන්දාවති ( අවුරුදු 47) නමැති මව මෙසේ මරණයට පත්ව ඇතැයි පරීක්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය පවසයි .
පාදෙණිය - අනුරාධපුරය ප්‍රධාන මාර්ගයේ දළදාගම හන්දියට ආසන්න අතුරු මාර්ගයක මීටර් 100ක් පමණ දුරකින් ඔවුන්ගේ නිවස පිහිටා තිබෙන බව ද සිද්ධිය වු දා දළ ඇතා ගෙවත්තට කඩා වැදී ඇතැයි පොලිසිය කියයි .
ඇතාගේ ශබ්දය ඇසි නිවැසියන් අවදි වී ඇතාව පලවා හැරිමට උත්සාහ කොට ඇති බවත් ,ඇතා ඒ අවස්ථාවේ අල්ලපු වත්තට ගොස් ඇති බවත් පොලිසිය පවසයි .
මේ තිදරු මවත් ,ඇගේ සැමියා හා ලේලිය මිදුලට පැමිණ ඇතාව පලවා හරිමින් සිටියදී යාබද වත්තට ගිය ඇතා ක්ෂණයෙන් ආපසු හැරි ඔවුන් වෙතට පන්නාගෙන පැමිණ ඇති බවත් ,සැමියා හා ලේලිය කුස්සිය පැත්තේ දොරින් නිවසට ඇතුළු වී ඇති බවත් ,තිදරු මව ඉදිරිපස දොරෙන් ඇතුළු වීමේදී ඇතාගේ ග්‍රහණයට හසුව මෙලෙස මියගොස් ඇතැයි පරීක්ෂණවලදි අනාවරණය වු බව පොලීසිය පවසයි
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇත් පහරින් තිදරු මව නිවසේදීම මරුට