සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්. බී. දිසානායක මහතාගේ මව වන ග්‍රේස් ප්‍රේමා පණ්ඩිතරත්න මහත්මිය (84) අද (19)දහවල් අභාවප්‍රාප්ත වූවාය.
පිරිමි දරුවන් 06 ක් හා ගැහැණු දරුවන් 02කගේ දයාබර මෑණියන් වූ ඇය පරලෝ සැපත් විශ්‍රාමලත් විදුහල්පති උ.බ.දිසානායක මහතාගේ බිරිඳ වූවාය.
අමාත්‍ය එස්.බී දිසානායක, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ජයලත්බණ්ඩාර දිසානායක, ජී.බී.දිසානායක (නැසීගිය ), මධ්‍යම පළාත් සභා ඇමැති සාලිය බණ්ඩාරදිසානායක (නැසීගිය ), එන්.ආර්.බී දිසානායක, රංජිත් බණ්ඩාර දිසානායක,වෛද්‍ය මානෙල් දිසානායක හා ඉන්ද්‍රලතා දිසානායක යන අය ඇයගේ දරු දැරියෝ වෙති.
ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සෙනසුරාදා (23) සවස හඟුරන්කෙතදී සිදුකිරීමට නියමිතය. දේහය අමාත්‍ය එස්බී දිසානායක මහතාගේ හඟුරන්කෙත නිවසේ තැන්පත් කර ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇමැති එස්.බීගේ මව කළුරිය කරයි
සතයපාල Tuesday, 19 July 2016 11:02 AM
ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරමු! (ම)
අරවින්ද Tuesday, 19 July 2016 11:53 AM
ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් නිර්වාණ සම්පත්තිය ලැබේවා! (නි)
පිටිගල Wednesday, 20 July 2016 04:28 AM
අම්මේ ඔබට නිවන් සුව පතමි. (ම)
බුද්ධික රාජපක්ෂ Tuesday, 19 July 2016 12:06 PM
නිවන් සුව ලේබේවා !(හේ)
ඇන්ඩෘෘ Tuesday, 19 July 2016 02:34 PM
නිවන් සුව ලැබේවා ! (හේ)
ගලගම ඒ සමරෙස්කර Tuesday, 19 July 2016 03:46 PM
නිවන්සුව පතමු (හේ)
අබය Tuesday, 19 July 2016 10:53 PM
අවසන හැමෝටම එකම තැන තමා උරුම වෙන්නේ. එයට කලින් රටට මනුෂ්‍ය වර්ගයාට යහපතක් කළොත් තමා හොඳ. (නි)
ලංකා Wednesday, 20 July 2016 02:49 AM
ඇයට නිවන් සුව පතන්නෙමි! (නි)