IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ඇලහැර ගොවීහු මොරගහකන්දෙන් වතුර ඉල්ලති

(ක.ග. කරුණාරත්න)

රජරට ජනතාවගේ ජල හිඟයට විසඳුම් ලැබෙන බව කී මොරගහකන්ද ජලාශය ඉදි කිරීමේ සිහිනය සැබෑවී ඇතත් ඇලහැර ගොවි ජනතාවගේ ජල ප්‍රශ්නය මේ වන උග්‍ර වී ඇතැයි ඇලහැර ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ආනන්ද එදිරිසුරිය මහතා පවසයි.

“මොරගහකන්ද ඉදිකරන විට අප සිතුවේ එය ඇලහැරට ආශිර්වාදයක් වෙයි කියලා. නමුත් දැන් ඇලහැර අමුණේ සිට යෝධ ඇලේ වතුර බින්දුවක් එන්නේ නෑ. අපේ කුඹුරු වේලිලා. දැනට අක්කර අඩි 130 000ක් පමණ වතුර තියෙන මොරගහකන්ද ජලාශයෙන් අපිට වතුර මුර දෙකක් ලබා දෙන්න.“

“ඇලහැර වගාවන් වතුර නැතිව විනාශ වෙමින් තියෙනවා. බීමට ජලය ගන්නා ළිං පවා සිඳෙමින් පවතින්නේ. එනිසා ඇලහැර අමුණට අක්කර අඩි 500ක ප්‍රමාණයක් නිදහස් කර දෙන ලෙස ඉල්ලා සිටිනවා.“ යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

අද (25 වැනිදා) පැවැති පොලොන්නරුව දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී ඒ මහතා මේ බව පැවසීය. 



අදහස් (4)

ඇලහැර ගොවීහු මොරගහකන්දෙන් වතුර ඉල්ලති

සෙනෙවි Tuesday, 25 April 2017 04:53 PM

මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ පාරිසරික අගැයීම් කමිටුවේදී මෙම අනතුර පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා .එහිදී මහවැලි අමාත්‍යාංශය ,මහවැලි අධිකාරිය වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් අත්සන් කර ඇලහැර අංගමැඩිල්ල අමුණුවලින් ජලය සැපයෙන ප්‍රදේශ වල ප්‍රවේණි අයිතිය රැකීමට අවබෝධතා ගිවිසුමකට එලඹුනා.එහි පිටපත් අදාල ආයතන වල තිබේ .එය උල්ලංඝනය කලොත් නීතිමය පියවර ගත හැකියි.

:       4       44

ආසිරිTuesday, 25 April 2017 07:14 PM

කරුණාකර මෙය ආනන්ද සෙනෙවිරත්න මහතා වෙත දැනුම් දෙන්න. නැත්නම් නිලධාරි පැලැන්තිය තීරණ ගන්නා විට කුඹුරු ටික පුරන් වෙලා තියෙයි. ස්තූතියි

:       0       0

සෙනෙවිFriday, 28 April 2017 03:33 PM

ආසිරි මහතානෙනි මෙම ගිවිසුමේ මුල් පිටපතක් පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් සතුව තිබේ .එකල ගිවිසුමට දිසාපති ලෙස අත්සන් කලේ කොටි බෝම්බයකින් අනතුරකට ලක්වූ රංජිත් මහතාය .වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙත් මහවැලි අධිකාරියේත් මධ්‍යම පරිසර අධිකාරියේත් මොරගහකන්ද පාරිසරික අගැයීම් අනුමැතියට අදාල ගොණුවල ඇත.ඔවුන්ව වග උත්තරකරුවන් කර නඩු පැවරුවොත් මෙම ගිවිසුම ඉදිරිපත් කිරීමට සිදුවේ .

:       0       0

de silva Wednesday, 26 April 2017 12:12 PM

ලංකාවේ ලොකු එකා ඇති වෙන්න බෙදාගෙන ඉතුරු වෙන දෙයක් පොඩි එකාට දෙන තියරි ඒක තමා හැමදාම ක්‍රියාත්මක වුනේ , මෙ ජලාශ ප්‍රශ්නෙදි අලුත්ම ලොකු ජලාශය පුරවල ඉතුරු වෙන දෙයක් තමා පොඩි ජලාශ වැව් වලට ලැබෙන්නේ. කුඹුරු පුරන් වෙන තරමට වී මෝල්කාරයන්ට වාසි, ගොවියන්ට පාරිභෝගිකයාට වඩා මේ දවස්වල වී මෝල්කාරයන්ට දේශපාලන බලතල වැඩි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 405 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1386 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 440 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 537 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 509 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 392 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 556 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 301 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 453 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site