(ඉන්දික අරුණ කුමාර)
කන්ද උඩරට අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අණින් කෘෘර ලෙස ඝාතනයට ලක්වු ඇහැලේපොල කුමාරිහාමි සිහි කර පිං පැමිණවිමේ උත්සවයක් මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන කාන්තා මන්ත්‍රි සංසදය විසින් අද පවත්වන ලදි. මාතලේ - ඇහැලේපොල පුරාණ විහාරස්ථානයේ දී උත්සවය පැවැත්විණි.
වීර මද්දුම බණ්ඩාර විරුවාගේ පිළිරුව අබියසින් ආරම්භ වූ පෙරහරකින් පැමිණි පාර්ලිමේන්තු හා පළාත් පාලන නියෝජිතවරියෝ ඇහැලේපොල විහාරස්ථානය අසල පිහිටි ඇහැලේපොල කුමාරිහාමිගේ පිළිරුවට පුෂ්පොහාර පවත්වා පසුව විහාරස්ථාන මළුවේ පිහිටි ඇහැලේපොල අධිකාරම්ගේ පිළිරුවටද පුෂ්පොපහාර දැක්වූහ.
උත්සව සභාව ඇමතු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිණි කුමාරි විජේරත්ත මහත්මිය කියා සිටියේ ඉතිහාසයේ කාන්තාවට සිදුවු අසාධාරණයන් සේම වර්ථමානයේද ඇතැම් පුද්ගලයින් කාන්තා හිංසනයන් සිදුකරන බවයි.
මෙහි දි අදහස් දැක්වු මාතලේ අනුරැද්ධ අරණ විහාරාධිපති, ලෝක තරැණ බෞද්ධ සම්මේලනයේ සභාපති පුජ්‍ය මුකුණුවෙල අනුරැද්ධ ස්වාමීන් වහන්සේ කියා සිටියේ බුදු දහම තුළද කාන්තා හිංසනය පිටු දැක ඇති බවයි.
මාතලේ දිස්ත්‍රික් පළාත් පාලනල මන්ත්‍රි සංසදයේ සභාපතිනි අචලා රාජකරුණා මහත්මිය ඇතුළු මන්ත්‍රිවරියන් පිරිසක් විසින් සංවිධාන කර තිබු මෙම උත්සවය සදහා නිපුණතා සංවර්ධන හා වෘත්තීය අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල සහ කෝවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය සුදර්ශණි ප්‍රනාන්දු පුල්ලේ මහත්මීහු සූම් තාක්ෂණය හා එක්වූහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇහැලේපොල කුමාරිහාමිට මාතලේදී උපහාර