එළඹෙන මහ මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයට වාසි සහගත තත්ත්වයක් ඇතැයි ජ්‍යෝතිර්වේදී ධනුෂ්ක අබේරත්න මහතා කියයි.
ඔහු මේ බව කියනුයේ ලංකාදීප එසැණ විද්‍යුත් ලිපිනයට ([email protected]) ලිපියක් එවමිනි.
ඉදිරි ඡන්දයේ වැඩි වාසිය එක්සත් ජනතා නිදහස් සන්ධානයට බව කියන අප වෙත ලැබුණු පළමු ජ්‍යෝතිෂ්‍ය ලිපිය මෙයයි.
එම සම්පූර්ණ ලිපිය මෙසේය.
"සෙනසුරු ග්‍රහයා සිය වක්‍ර ගමන අවසන් කරමින් සදුදා (03/08/2015) නිර්වුත තත්වයට පත් විමත් සමග සාමාන්‍ය ජනතාව නියෝජනය කරන සෙනසුරු නැවත බලවත් වී තිබේ. මේ තත්වය ජනතාවගේ සිතිවිලි වෙනස් කිරීමට හේතුවන නිසා මේ වන විට පවතින ජන මතය ක්‍රමයෙන් වෙනස් විය හැකි බව පෙනෙන්නට තිබේ. මේ තත්වය යටතේ මහින්ද රාජපක්ෂ මහතා සතුව තිබූ ඡන්ද පදනමට එතරම් බලපෑමක් නොවන නමුත් පවතින රජයේ ඡන්ද පදනමට එතරම් සුබ දායක තත්වයක් පෙන්වන්නේ නැත. කෙසේ නමුත් ඡන්දය සඳහා ඇත්තේ ඉතා සීමිත දින ගණනක් බැවින් මහින්ද පිලට මෙයින් උපරිම ඵල නෙලා ගැනීමට හැකිවේද යන්න ප්‍රශ්නාර්ථයක් බව පෙනෙන්නට තිබේ.
මේ අතර තවත් විශේෂ පිහිටිමක් වන්නේ ඡන්ද දිනය පසු වන තුරුම රාජ්‍ය කාරක රවී රෝගස්ථානයේ තැම්පත්ව සිටිමින් නීච කුජ ග්‍රහයා සමග සංයෝගව කුජගෙන් පිඩාවට ලක්වීමයි. කුජ ග්‍රහලොව සෙන්පතියා වුවාට නීච වූ කුජ සෙන්පතියෙක්ට වඩා මැරවරයෙක් ලෙස ක්‍රියා කරයි. කුජ ග්‍රහයා නීච රාශියට ඇතුළු වුයේ පසුගිය මස 31දාය (31/06/2015). පළමු වෙඩි මුරය රවී කරුණානායක මහතාගේ ජන්ද වැඩ සඳහා සහභාගි වූ පිරිස වෙත එල්ල වුයේ එදිනය. මේ අනුව ඡන්දය පවතින තුරුම පාතාලය පිලිබඳ ප්‍රවෘත්ති වලින් අඩුවක් නොවන බව පෙනෙන්නට තිබේ. මෙයින් පිඩාවට පත්වී තිබෙන්නේ රාජ්‍ය කාරක රවි ග්‍රහයා වීම නිසා මෙවැනි සිද්ධි සියල්ලෙන්ම පවතින රජය අපහසුවට පත් වන අතර එහි ජන්ද පදනමට හානි සිදුවෙන බව පෙනෙන්නට තිබේ.
මේ සියලුම තත්ත්වයන් මත ඉදිරී දින කීපය තුල රජයේ ඡන්ද පදනම අවදානමට ලක්වීමට ඉඩ ඇති බවටත් මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට වාසි සහගත විය හැකි බවටත් පෙනෙන්නට තිබේ. මේ සති දෙක තුල මහින්ද පාර්ශ්වය මෙම තත්වයෙන් කොතරම් ප්‍රයෝජන ගනීද, රජය මෙම අවස්ථාවට කෙසේ මුහුණ දෙයිද? එය ප්‍රශ්නාර්ථයකි.
ජ්‍යොතිෂ හා ගුප්තවිද්‍යා පර්යේෂක, වෛදික ජ්‍යොතිෂවේදී ධනුෂ්ක අබේරත්න
(විශේෂ - ඉදිරි මහ මැතිවරණය ගැන ජ්‍යෝතිෂ්‍ය මත ඇතොත් දුරකතන අංකය ද සමග අපේ විද්‍යුත් ලිපිනයට එවන්න. [email protected])
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රභා ඉවරයි (නදී)
දිනන්නේ පෙරටුගාමීන්..... අගමැති වන්නේ පුබුදු ජාගොඩ.. විපක්ෂනායක ගලගොඩඅත්තේ හිමි (බ)
මේ ජ්‍යෝතිර්වේදීයා දැනට ඉන්නේ වට උඩ බවයි පෙනෙන්නේ. 18 එළිවෙන යාමෙට මොහු ස්ථිරවම වාසි පැත්තට වැටෙයි.(ම)
ඔබ ඔබගේ පෞද්ගලික ආකල්ප සහ ජෞතිෂය පටලවාගෙන සූක්ෂම ලෙස එය මතයක් කරන්නට උත්සාහයක් මේ. ව්‍යක්ථ ජෞතිෂවේදීන් අතර අපිට දැනෙන්නේ ඔබ සහ ඉන්දික තොටවත්ත අයත් වන්නේ චන්ද්‍රසිරි බණ්ඩාර අයත්වන හිසට වෙඩි තබාගන්නා කුලකයටමයි. ප්‍රසිද්ධ වීම හරහා ලබන ආර්ථික වාසියක් කරා නෝනාද පොල්ලද බැලීමක්.(නදී)
මහින්ද පරදිනවා සෙනසුරා උච්ච වෙලා තියෙන්නේ. ඇපත් නැති වෙනවා (නදී)
තාමත් හිතන්නේ මහින්ද දිනාවී කියල 18 උදේට තනි ඇහැට අැඩේවි (නදී)
බොහොම හොඳයි (නි)
මේ ගැන අනාවැකි අවශ්‍ය නැහැ.මහින්ද අගමැති වේවි.එසේ නොවුණහොත් රට අස්ථාවර වෙනවා ස්ථිරයි. (නි)
සුමනදාස මොකද කියන්නේ? (නි)
ජේවීපී දිනනවා. ජය නියතයි (නි)
මේ මස 17 වෙනිදා ජනතාව තීරනය කරයි. ජ්‍යෙතිර්වෙිදින් කියන්න ඕනේ නැහැ. (නදී)
සුමනේ කිව්වෙත් ඒකනේ. එයාගේ ගෝලයෙක්ද දන්නේ නෑ. නැත්නම් පස්සේ සල්ලි දීලා කියවගන්නවද දන්නේ නෑනේ. ඕවා විශ්වාස නෑ. ඔක්කොම කියන ඒවා වෙනවානම් අපි හරි වාසනාවන්තයිනේ (බ)
මේ ඔක්කොටම ඉස්සෙල්ල ඔය කියන කෙනාගේ වෙලාව බලගත්තනම් හොද නැද්ද බොරු අනාවැකි තමන්ට වෙන දෙය නොදන්නා මිනිස්සු අනුන් ගැන කියවන්න පටන් අරගෙන මේවා පිළිගන්න මිනිස්සු මී හරක් අනේ අපොයි (බ)
ඔය අනාවැකියට මහින්ද මහත්තය කීයක් දුන්නද? (බ)
ස්ථිරවම වැඩි ආසන අරගෙන සරත් ෆොන්සේකා අගමැති වෙනවා (නදී)
මෙවර මැතිවරණය කරට කර සටනක්. උතුරු නැගෙනහිර අපේ ප්‍රධාන පක්ෂ 2 න් එකකටවත් දිනන්න ලැබෙන්නෙ නෑ. අනිත් කොටස් ට්ක ගත්තාම නුවරඑළිය, කොළඹ , මහනුවර දිස්ත්‍රික්ක වල වැඩි වාසිය එජාපෙට ලැබෙයි.. අනිත් සියලුම දිස්ත්‍රික්කවල වැඩි වාසිය සංධානෙට ලැබෙයි. ඒ අනුව සංධානය මේ මැතිවරණය ජයග්‍රහණය කරයි. නමුත් බහුතර බලයක් ලබාගන්න ලැබෙන්නෙ නෑ. එවිට එජාපෙ , ජවිපෙ , මුස්ලිම් ක්‍රොන්ගසය , දෙමළ ජාතික සංධානය එකතු උනොත් තමා ප්‍රස්නයක් වෙන්නෙ. (නදී)
මේවා ගල් යුගයට ඔබින අදහස් පමණයි. එකම දෙයක් වත් හරියට කියන්න බැරුව දොඩවනවා අන්තිමේදී කියයි මම ඕක තම කිව්වේ කියලා. ලංකාවේ වැඩි දෙනාට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි (නදී)
දනුෂ්ක අබේරත්න මහතාණෙනි, ඔබගේ තනතුර තවමත් පර්යේෂක නිසා දිගටම පර්යේෂණ කරන්න. ඔබගේ නිගමනය වැරදියි බොරු කරන්න එපා. මහන්සි වෙලා රැකියාවක් කරලා ජීවත් වෙන්න (නදී)
මේ තවත් අන්ධ භාක්තිකයෙකුගේ උඩුබුරුලෑමක්.(ම)
මහින්ද පරදිනවා...ඉර හද වගේ විශ්වාසයි............(ම)
මහින්ද මහත්තයෝ, ඕවා ගැන හිතන්න එපා. කොහොම හරි මේ පාර රට බේරා ගමු.(නදී)
අපි හැමෝම දන්නවා මහින්ද දිනන බව. අමුතුවෙන් ඕක කියල ලකුණු දාගන්න ඕනේ නැහැ (නදී)
කොහොමත් මහින්ද දිනනවා (නි)
මහින්ද දැනටමත් පැරදිලා ඉන්නේ. රනිල් තමයි අගමැති වෙන්නේ. මහින්දට කවදාවත් එන්න ලැබෙන්නේ නැහැ. මේක තමයි ඇත්ත... (නි)
සරත් හේවා නම් හීන දකිනවා වගෙයි (නි)
මහින්ද රාජපක්ෂ අනිවාර්යෙන් දිනනවා. එතුමා පරාද උනේ දෙමළ ඡන්ද ලැබුනේ නැති නිසා (නදී)
මහින්ද දිනනවා. ඒක අනිවාර්‍යයි.(නදී)
වාසිය කොහොමත් මහින්දට තමයි (නි)
කවුරු කොහොම කිවුවත් 17 වෙනිදට වෙන්නේ යහපාලනයට විරුද්ධ කට්ටිය බුරුතු පිටින් ගෙදර යන එක. මොකද දැන් රටේ මිනිස්සු ගතානුගතික සිතිවිලි බැහැර කරලා තියෙන්නේ. යහපාලනයට ජයෙන් ජයම වේවා! මෛත්‍රී මහතාගේ කණ්ඩායම අනිවාර්යයෙන්ම දිනනවා ඒකාන්තයි (නි)
17 න් පස්සේ බලමු. (නි)
මහින්ද රාජපක්ෂ අනිවාර්යෙන්ම දිනන්ද ඕනේ .නැත්නම් රට ඉවරයි (බ)
කොහොමත් මහින්ද දිනනවා (නදී)
අපේ අගමැති තුමාට ජය වේවා (නදී)
පැරදුනොත් වෙඩි තියා ගන්නවා කියල නැද්ද?. (නදී)
මේ අය මිනිස්සුන්ට බොරු කරලා සල්ලි හොයාගන්න ජාතියක්. (නදී)
මහින්ද මහතා අගමැති කරමු (නි)
ජනවාරී 8 වෙනිදා මහින්ද දිනනවා කියලා මාළබේ පැත්තෙ ඉන්න තවත් වෛදික ජ්‍යොතිෂවේදියෙක් කිව්වා. අන්තිමට මෛත්‍රී ජනාධිපති වුන ගමන් තමන්ගේ ෆේස්බුක් ගිනුමත් වහලා දාල හැංගුනා. ආයේ ආවේ මාසයකට විතර පස්සේ. දැන් තවත් මාලඹේ පැත්තේ ඉන්න වෛදික ජ්‍යොතිෂවේදියෙක් මහින්දට වාසියි කියල කියනවා. මෙයත් මහ මැතිවරණයෙන් පස්සේ සැඟවිලා යාවිද කියල බලාගෙන ඉන්න වෙනවා. මටනම් හිතෙන්නේ එකම දේ ලංකාවේ ඉන්න වෛදික ජ්‍යොතිෂවේදියො කියන අය ඔක්කොම කියන්නේ පට්ට බොරු. ඉන්දියාවේ ඉන්න නියම වෛදික ජ්‍යොතිෂවේදීන්ටත් යන එන මං නැතිකරනවා ලංකාවේ ඉන්න හොරු (නදී)
ජෝතිෂ්‍යෙන් විතරක් නෙමේ විද්‍යාවෙන් ගත්තත් දිනන්නේ මහින්ද. මහින්දට ලැබුණු ඡන්ද ලක්ෂ 58 එහෙමම තියනවා. ඒක වැඩි මිසක් අඩු වෙන්නේ නෑ. එ්ත් හංසයාගේ 62 යු.එන්.පී, ජේ.වී.පි දෙමල සන්දානය වගේ කැඩෙනවා. මුස්ලිම් වෙනම බෙදෙනවා. ඉතින් දිනන්නේ කවුද කියල හිතාගන්න ජෝතිෂ්‍ය ඕනි නැහැ නේද ?(නදී)
අපි කියන්නේ මහින්දගේ පරාජය වෙනවා කියන එකයි. (නි)
වාසිය කොහොමත් මහින්දට තමයි (නි)
ජයවේවා! (නි)
ගයනි, සෙනසුරු උච්ච වෙලා යහපත් පිහිටීමක ඉන්නවා නම් සමාජයේ ඉහලින්ම විදුසරක් සේ බැබලෙන්නේ ඔහුය. (ම)
ඉර හඳ වගේ විස්වාසි මහින්ද පරදිනවා ..පරදිනවා ...පරදිනවා ....! (ම)
දැන් ඉතින් ප්‍රතිපලේ දන්නවනේ. ජන්දයක්නම් ඕනෙත් නැහැ ඉතින් (ම)
මේ අයට පිස්සු (නදී)
ඇයි මතක නැද්ද සුමනදාස කියපුවා ? ඔක්කොම කියන්නේ බොරු අනික ලංකාවේ හිටපු හොඳම ජේතිර්වේදියා සුමනදාස කියලා මිනිස්සු මාස ගණන් පෝලිමේ හම්බ උනේ. එ්ත් අන්තිමට මොකද උනේ ? ඇයි මේ මී හරක් මිනිස්සු මේ අයගේ පස්සෙන් යන්නේ ?(නදී)
මේවා බොරු හලෝ, එක්සත් ජාතික පක්ෂය දිනනවා. එයාලටනේ බලය තියෙන්නේ. එ්කනේ රවී කරුනානයකලා වගේ වැදගත් දේශපාලකයෝ මිනිස්සු 200 ක් විතර අරන් පාරේ චන්ද ප්‍රචාරණ කටයුතු කරන්නේ. පැහැදිලිවම එක්සත් ජාතික පකෂය දිනලා ඉවරයි. ජෝතිර්වේදියෝ ප්‍රසිද්ද වෙන්න කියන කතාවලට රැවටෙන්න එපා ඔයගොල්ලෝ.(නදී)
මේ වගේ කඩේ යන මිනිස්සු නිසා තමයි මේ ලංකාවට හෙන ගහල තියෙන්නේ.. (නදී)
මේවත් වැඩද ?
තවත් සුමනදාස කෙනෙක් වගේ. කව්ද මේ ධනුෂ්ක කියන්නේ ? ඊමේල් එකක් එවන්නේ නැතුව වීඩියෝ එකක් දාන්න මුණ බලන්න. , මොකද 17 ට වෙඩි තියාගන්න වෙයිද? (නදී)
අඩි හයක් පොලව කපා ගත්තොත් හොදයි හැමෝම.(ම)
මම හිතන්නේ මෙවරත් මේ කට්ටිය මහින්ද අමාරුවේ දාන්න වගෙයි සුදානම. (ම)
ඇයි මේ අපේ මිනිස්සු තාම මෙව පස්සෙ යන්නෙ, අපි ඉන්නේ විසිවන සියවසේ...(ම)
හරියටම අගමැති වෙන්නේ රනිල්. ඒක ස්ථීරයි. .(ම)
රවි කොහොමත් මේ දවස්වල නීච වෙලා ඉන්නේ. ඡන්දෙන් පස්සේ කුජීත වෙලාම යනවා (නදී)
සන්ධාන රැස්වීම් වල හොඳම රාජ්‍ය නායකයා කෙටිකරලා "හොරාට ජය වේවා " කියනවා. අහගෙන ඉන්න අප්‍රසන්නයි. (නි)
අයියෝ! එහෙනම් අපේ බලාපොරොත්තු ඉවරයි (නි)
පුලුවන් නම් කෙළින්ම කියන්නකො හරියට අගමැති වෙන්නේ කවුද කියලා. (නි)
දැනුයි ඇඟට ලේ ඉනුවේ. එහෙනම් දැන් මහින්ද ප්‍රචාරක වැඩ කරන්න ඕනෑ නැහැ. හුරේ. ...! (නි)
එහෙනම් හොඳයි. ජයවේවා! (නි)
සාමය ඕනෑ නැත්නම් රටක් ගෙනයන්නේ කොහොමද. (නි)
අපේ සුමනදාස මොකුත් කියලා නැද්ද? (නි)
මහින්ද දිනන බව ස්ථිරයි (නි)
දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ (නි)
අරවින්ද, ලංකාව ගැනද කියන්නේ? ඔයා 1988-90 කොහෙද දන්නේ නැහැ හිටියේ? (නි)
මේකේ "මහින්ද" හරියටම දිනනවා කියලා නැහැ. වාසියක් තියෙනවා කියලා විතරයි තියෙන්නේ. අනික "බ්ලූමැන්ඩල්" සිද්ධියෙන් නැතිවුනේ යූ. ඇන්.පී කාරයෝ මිසක් වෙනත් පක්ෂෙක මිනිස්සු නෙමෙයි. ඒ නිසා මේ සිද්ධිය මුල් කරගෙන සන්ධානෙට දේශපාලන වාසි ගන්න හම්බවෙන්නේ නැහැ. ජනවාරි 08 වෙනිදට කලිනුත් ගොඩක් අය ගොඩක් දේවල් කිව්වනේ. පවතින රජයට වාසි සහගත විදියට දේශපාලන අනාවැකි කීම සාමාන්‍ය දෙයක්. නමුත් ජනවාරි 08 වෙනිදා තිබුනු දේශපාලන වටපිටාව නෙමෙයි අද තියෙන්නේ. එදා මිනිස්සුන්ට ඕන වුනේ "මහින්දව" ගෙදර යවන්න. නමුත් මේ මාස 6 ට මිනිස්සු ආපහු වෙනස් වෙලා "මහින්දට" ඡන්දෙ දෙයි කියන එක හිතන්න අමාරු දෙයක්. අනික තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙම වුනත් ඉන්නව "මහින්දට" අකමැති මිනිස්සු. එහෙම එකේ මේ ඡන්දේ වැඩි අවාසිය තියෙන්නේ සන්ධානෙට. හැබැයි වැඩිම වාසිය තියෙන්නේ ජේ.වී.පී එකට. (නදී)
මහින්ද දිනනවා කිව්වම තමා මට අැඟට පන ආවේ, අපේ පැත්තෙන් ඉල්ලන එක්කෙනා මට පොරොන්දු ගොඩක් දීල තියෙනවා. දැන් මම ඔට්ටුවකුත් දානවා.(නදී)
ඔය ජෝතිෂ්‍ය අමුලික බොරුවක්. (බ)
ඉහත අදහස් දක්වල තියෙන සිරිමලුයි චන්දනයි එක්කෙනෙක් නේද? තවම සත්‍යයට මුහුණ දෙන්න බැරුව නේද ඔය හුරය දාන්නෙ? (බ)
මහින්ද දිනන්නේ නැහැ එ්ක ස්තිරයි. රනිල් තමයි දිනන්නේ (නදී)
ලිපිය පල කිරීම සම්භන්ධව මුලින්ම ස්තුති වන්ත වෙමි. ඉදිරි සති දෙක තුල ජනමතයේ ඇතිවෙන ඉහත වෙනසට සාර්ථකව මුහුණ දෙන කෙනා අගමැති වනු ඇත. ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතාට තමාගේ චන්ද්‍ර අෂ්ටම එරෂ්ටකය සමග සාර්ථක ලෙස ගනුදෙනු කිරීමට සිදුවනු ඇති අතර රජයට පොදුවේ මෙම කාලයේ ග්‍රහ පිහිටිම සුභ දායි නොවේ. රනිල් වික්‍රම සිංහ මහතාගේ හඳහන මෙ අවස්ථාවේ මහින්ද මහතාගේ හඳහනට වඩා තරමක් යහපත් වුවත් මහින්ද රාජපක්ෂ මහතා හට මේ තත්වය වෙනස් කර ගැනීමට මේ සති දෙකේ ග්‍රහ පිහිටීම උපකාරී කරගත හැක. නමුත් මේ සියල්ල වෙනස් කර ගැනීම හෝ නොගැනීම පවතින්නේ අපේක්ෂකයන් දෙදෙනා අතය. (නදී)
කොහොමත් රවී නීච වෙලා කියලා බව පෙනෙනවා......(ම)
ජනාධිපතිවරණයේදිත් මහින්ද රාජපක්ෂ දිනන බව සමාජ ජාලා වෙබ් අඩවියක ප්‍රකාශ කර තිබුනා. මහින්ද දිනුවද? (නි)
බොරු බේගල් නොකියන නිශාන්ත යෝගීතුමාගේ අනාවැකිය පමණක් මම විශ්වාස කරමි (නි)
අපි නම් කොහොමත් දන්නවා මහින්ද දිනනවා කියලා (නි)
හුරේ.....! ආයෙමත් රට කොහොමහරි ගොඩ ගනිමු. (නි)
කව්රු මොනවා කිවත් කිවත් හොදට කල්පනා කරලා ජන්දේ දෙන්න (ම)
අනේ මේ ගොල්ලෝ දවල් හීන දකිනවා. ජනතාව තීරණය කර හමාරයි මේ රටේ දුෂණය, භීෂණය, වංචාව, මැර බලය, ජනතා මුදල් කොල්ල කෑම ආදියට තිත තියන්න (ම)
මහින්ද දිනයි හිනෙන්. ගිය පාර එක්කෙනෙක් වෙඩි තියා ගන්නවයි කිව්වේ.(ම)
මේවා දකිද්දී හිතෙනවා අපි තවමත් ඉන්නේ ගල් යුගයේද කියලා..(ම)
රට බේරගන්න ඕන වෙන්නේ මේ වගේ ග්‍රහයන්ගෙන් තමා ! (ම)
හුරේ.....! ආයෙමත් රට කොහොමහරි ගොඩ ගනිමු. (ම)
ඔය දේ ජ්‍යෙතිර්වෙිදින් කියන්න ඕනේ නැ දේශපාලනය ගැන පොඩි උනන්දුවක් තියෙන ඕනෑම කෙනෙකුට මේ වෙන දේවල් තේරුම් ගන්න පුලුවන් (ම)
දනුෂ්ක අබේරත්න කියන්නේ අපේ කඩුවෙලට ආඩම්බරයක්. එතුමගේ පැතිරුණු කේන්දර දැනුම එක්ක සුමනදාසටවත් හැප්පෙන්ඩ බැරි වුනා. ආයේ කිව්වොත් දෙයක් කිරි ගහට ඇන්න වගේ තමයි. එතුමගෙන් වෙලාවක් ගන්න එකත් ලේසි නෑ. එතුමා පන්තිත් කරනවා. දවසට 400. අපේ ගරු මහින්ද රාජපක්ෂ ජනපතිතුමා නැතුව රටේ සංවර්ධනය අඩාල වෙලා තියෙන්නේ. තරුණයන්ට රස්සා නෑ. ආයෝජකයෝ එන්නේ නෑ. රටේ කිසිම සංවර්ධනයක් වෙන්නේ නෑ. (නදී)
අනේ ඔබලාගේ ඇඟට උනපු ලේ ටික 17 වෙනිදායින් පස්සේ වාෂ්ප වෙයි (නදී)