(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ඉනාමළුව රජයේ රක්ෂිතයේ තිබූ ගොඩ කිරල ගස් තුනක් කපා දැව කඳන් ටැක්ටරට ප්‍රවාහනය කරමින් සිටි වන නිලධාරීයකු, සුළු සේවකයකු සහ සිවිල් පුද්ගලයෙකු ට්‍රැක්ටර් රථයක් දඹුල්ල ඇටවරාහේන ප්‍රදේශයේදී සැකපිට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ .
මෙසේ අත්අඩංගුවට පත් දැව කදන් 12 ක්, සැකකරුවන් තුනක් ටැක්ටර් රථයක් වන නිලධාරින් පැමිණි යතුරුපැදි දෙකක් සීගිරිය පොලිසියට බාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැවසුහ .
අත්අඩංගුවට ගත් වන නිලධාරීන් දඹුල්ල ඉනාමළුව වන සංරක්ෂණ කාර්යාලය සේවයේ නිරත ව සිටින බව පොලිසිය කියයි. මෙම ප්‍රදේශයේ තවත් ගස් රැසක් කපා දමා තිබෙන බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
මෙම දැව ප්‍රවාහනයට හෝ හෙලීම් සඳහා කිසිදු බලපත්‍රයක් ඔවුන් සතුව නොතිබුණු බව පොලිසිය කියයි.
කාලයක සිට සිගිරිය ප්‍රදේශයේ ලී කැටයම් කපන කර්මාන්තය සදහා රජයේ රක්ෂිතයේ ඇති සංරක්ෂිත දුර්ලභ ගොඩකිරිල්ල ගස් කපා අධික මිලයකට අලෙවි කිරීම සිදුකරන බවය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් වෙත තොරතුරු ලැබී තිබිණි .
රක්ෂිතයේ දැව සොරුන් සැකපිට අල්ලාගෙන වන කාර්යාලයට රැගෙන යන ආකාරයට වන නිලධාරින් ටැක්ටර් රථයේ ඉදිරියෙන් අයකුද පිටුපසින් අයකුද සමඟ ජනතාවට පෙනෙන සේ ගමන් කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත .
වන නිලධාරින් පොලිසියට කියා ඇත්තේ තේක්ක ගස් ඉවත් කිරීමේ වැඩසටහන යටතේ රක්ෂිතයේ තිබුණු ගසක් කඩා වැටි එම දැව කදන් කාර්යාලයට රැගෙන යන බවයි .පසුව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම ගස බැලීමට ඔවුන් සමග රක්ෂිතයට යද්දී එවැන්නක් නොව ගස් රැසක් කපා ඇති බව නිරීක්ෂණයට ලක්වූ බව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පවසති .
නැවත ප්‍රශ්න කිරීමේදී කියා ඇත්තේ වන කාර්යාලයක් ඉදිකිරීම් සදහා මේ ගස් කපා රැගෙන යන බවය .ඒ සදහා අවසර පත්‍ර විමසීමේදී කිසිවක් නොමැති නිසා පිරිස් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පවසති .
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉනාමළුව රක්ෂිතයේ ගොඩකිරල ගස් කැපු වන නිලධාරීන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට