එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ තම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශයට පත් කර ඇත.
එජාප ජාතික ලැයිස්තුව
01. මලික් සමරවික්‍රම
02. කරු ජයසූරිය
03. ඩී.එම් ස්වාමිනාදන්.
04. අනෝමා ගමගේ
05. කේ. වේලායුදම්
06. මොහොමඩ් තම්බි හසන් අලි
07. අහමඩ් මොහොමඩ් ජමීල්
08. අතුරලියේ රතන හිමි
09. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
10. තිලක් ජනක මාරපන
11. මහචාර්ය චන්ද්‍රජිත් ආශුබෝධ මාරසිංහ
12. නිසාම් කාරියප්පර්
13. එම්.කේ.ඩී.එස් ගුණවර්ධන
14. මොහොමඩ් සනූන් අසාද් සාලි
15. අර්වින් වීරක්කොඩි
16. රාජා උස්වැටකෙයියාව
17. විමල් ජයසිරි
18. සුරනිමල රාජපක්ෂ
19. වින්ස්ටන් පතිරාජා
20. සිරිනාල් මෙල්
21. ඒ සසිදරන්
22. යුෂ්ෆ් ලෙබ්බෙ ෂාහුල් හමීඩ්
23. ක්‍රිෂාන්ත කුරේ
24. අබ්දුල් රවුෆ් අබ්දූල් හෆීස්
25. මොහොමඩ් හගීල් මොහොමඩ් සල්මන්
26. ඕමල්පේ සෝභිත හිමි
27. මොහොමඩ් රවුෆ් මොහොමඩ් නජා
28. කේ. යෝගදාස් පංචරත්නම් රාම්
29. ජී.වී ගුණරත්න මිය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ ක්‍රමය වෙනස්කර ජාතික ලැයිස්තුව ඉවත් කළයුතුයි. අනික අපේක්ෂකයෝ මහන්සිවෙලා මුදල් වියදම් කරගෙන දිනුම හෝ පැරදුම ලැබිය යුතු අතර මේ අය නිකම්ම පාර්ලිමේන්තුවේ තැනක් ගන්න එක වෙනස් කළයුතුයි (නි)
නිහාල් මහතා උගත්කම මොකක්ද කියලා දන්නේ නෑ (නදී)
මේ පිවිතුරු යහපාල පොඩ්ඩක් බලන්නකෝ ජවිපේ ජාතික ලැස්තුව කාගාවද රටේ වටිනාම විද්වතුන් ඉන්නේ කියල. (අ)
ඒ සසිදරන් කියන්නේ ආනන්දි ද ? (නදී)
මේ ලිස්ට් එකේ හොඳ හොඳ නම් තියෙනවනේ! බොහොම අගෙයි. (නි)
අනේද කියන්නේ ප්‍රදීප්. මෙතන අදහස් දාන පණ්ඩිතයන්ගේ දේශපාලන දැනීම ඒකෙන්ම පේනවා. ජාතික ලැයිස්තුවේ අරමුණවත් මොකද්ද කියලා දන්නේ නැහැ. (නි)
ඔහොම යන්, ඔහොම යන්. (නදී)
අපේ සන්දාන ලිස්ට් එක බලන්න. සන්දානය තැන දීල තියෙන්නේ වයසක ආචාර්ය වෙච්ච ටික දෙනෙකුටයි තවත් පිරිසකටයි. කව්ද අප්පා සන්දාන කණ්ඩායම තේරුවේ. ඒ අතින් එජාප කණ්ඩායමේ ඉන්නේ සැබෑ බුද්ධිමතුන්. මම සන්දානයට සහයෝගය දැක්කුවත් ඇත්ත කියන්න ඕනෙනේ. (නදී)
ජාතික ලැයිස්තුවක් කියන්නේ සිංහල අයම දාන එක නෙමෙයි. ඒකේ වැඩිපුර ඉන්නේ උගත් අය. ඊළඟට අනෙක් ජාතීන්. (නි)
මෙතනත් හැමදාම වගේ පාවා දීලා (නදී)
ජන අනුපාතයන්ද සළකා, තවත් උගතුන් බුද්ධිමතුන් දැම්මා නම් මීටත් වැඩිය වටිනවා. (නි)
මෙතනත් ඉන්නවා ගොඩක් බුද්ධිමතුන් . හැබැයි ඒ කට්ටිය වැඩිය ප්‍රසිද්ධ නැත (බ)
එක ජාතියක් වැඩියි පිස්සු (බ)
මේ ලිස්ට් එකේ සිංහල ජාතියට කුඩම්මාගේ සැලකිල්ල නේද දක්වල තියෙන්නේ. අපේ ජාතියට සීයට 75 ක් ඕනි. රනිල්ට ඕනි සිංහල ජාතියට කොකා පෙන්නන්න. (බ)
මොකද නිහාල් ඇස් පෙන්නේ නැද්ද (බ)
රතන හිම් ඔහොම අවොත් මිසක් කවුද ඡන්දෙ දෙන්නෙ එයාට කවුද මේ යූඇන්පී එකෙ ඉන්න චරිත ටික...? (බ)
ජාතිවාදය පිලිකුල් කරන අය එන්න කියල කියන ගමන් ජාතිවාදීන් ජාතික ලැයිස්තුවෙන්. (බ)
නියමයි. ජය ශ්‍රී! (නි)
කෝ උගත්තු, බුද්ධිමතුන්..? (ර)
යුඑන්පි ඉතිහාසයේ පළමු වරට, හාමුදුරු දෙනමක් පාර්ලිමේන්තුවට. (ර)