කොකෙකු මාළුවකු අල්ලා ගැනීමට යොදන උපක්‍රමයක් දැක්වෙන විඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරයි.පාන් කෑල්ලක් තම ඇම විදියට පාවිච්චි කරන කොකා ගොදුර තම දෙපා මුලටම ගෙන්වා ගනියි.
කොකෙකු මාළුවකු අල්ලා ගැනීමට යොදන උපක්‍රමයක් දැක්වෙන විඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරයි.පාන් කෑල්ලක් තම ඇම විදියට පාවිච්චි කරන කොකා ගොදුර තම දෙපා මුලටම ගෙන්වා ගනියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කපටිකම මිනිස්සුන්ගේ ලෝකේ කපටිකම් වගේ නෙමෙයි, හරිම චමත්කාරයි (බ)
මෙහි සිටින්නේ ලිහිණියෙකු නොවන අතර, ගොඩබිම් ජලාශ අවට ජීවත් වන ලංකාවේ සිටින, කොරවක්කන් ගනයේ පක්ෂියෙකි. (අ)
කොකත් ලිහිණියත් අතර වෙනස හඳුනා ගන්න බැරිද ඇත්තටම? (බ)
හනේ, හනේ..මොන වර්ගයේ පක්ෂියද කියන එක ගැන ලතවෙනවා, පක්ෂියාගේ දක්ෂකම හා උපාය ගැන කතා නොකර. (බ)
මම නම් දැනට අවුරුදු දෙකකට කලින් මේ වීඩියෝ එක බලල තියෙනවා. (බ)
ස්වභාව ධර්මයේ සුන්දරත්වය! (නි)
විජිත් කියන ආකාරයේ කපුටෙක් ඉස්සර අපි පොඩි කාලේ කළුතර කටුකුරුන්ද පැත්තෙත් හිටියා. විලි අයියා නමින් හැඳින්වුන පැල්පත් වැසියෙක් කාක්කෙක්ව පුරුදු කරලා තිබුනාලු ඒ පැත්තේ මාළු ලෑල්ල තිබෙන තැනින් මුදල් කොළ හොරකම් කරලා විලි අයියාට ගෙනත් දෙන්න. ඔහුට මට මොකෝ නම තිබුණු බල්ලෙකුත් හිටියා. (ම)
මම නම් දැනට අවුරුදු දෙකකට කලින් මේ වීඩියෝ එක බලල තියෙනවා. මඩුල්ල එහෙනම් මෙයා පරණ කොකෙක් (කෞ)
හරිම ආකර්ශනීය වීඩියෝවක්.ඔය වගේම,සමහරවිට ඔයිටත් වැඩිය බුද්ධිමත් පක්ෂියෙක්,අපිට හැමදාම උදේට හමුවෙනවා. ඒ තමයි " කපුටා". සත්ව විද්යාත්මකව කෝඩේ කියන ගෝත්‍රයට අයත් බුද්ධිමත්ම පක්ෂියෙක් මෙයා.ඔයගොල්ලෝ දැකලා තියෙනවාද..කපුටා යම්කිසි උස තැනක සිට අපි කරන දෙයක් කිරික්ෂණය කරනවා. එයා ඒ බලාගෙන, අවධානයෙන් ඉන්නේ අප කරන ක්‍රියාව,සිදුකරන ආකාරයයි.වතුර පයිප්පයක කරාමයට ,හොටෙන් කොටලා කොටලා එය අරගෙන වතුර බොන කපුටෝ දැකලා තියෙනවාද..?එහෙමත් නැතිනම්, කපුටෙක් උඩ සිට බලාගෙන සිටින විටෙක, පාන් කැබැල්ලක් අරගෙන කුඩා පොලිතින් බැගයකට දමන්න.ඉන්පසු එය ලිහිල් ගැටයකින් ගැටගසන්න.පසුව එය විසිකරන්න.අපේ යහළුවා එතනට එවි...ඇවිත් හිමින් සැරේ එයාගේ පාදවල හා හොටයේ ආධාරයෙන් අර ගැටය ලිහා පාන් කැබැල්ල ආහාරයට ගනීවි.මම අහලා තියෙන විදිහට කපුටාව නිවාසවල ඇතිකරන්න තහනම්ලු..(බ)
මම අහලා තියෙන විදිහට කපුටව නිවාස වල ඇතිකරන්න තහනම්ලු. මොකද එයා ඉතා ඉක්මනට හොරකම් පුරුදු වෙනවාලු. මගේ ආච්චි දවසක් කිවුවා මීගමුවේ මාලුකඩේ පැත්තේ ගැවසුන , ඒ කාලයේ භාවිතා වුණ රුපියල් 5 කොළ උදුරාගන්න කාක්කෙක් ගැන. යම් කෙනෙක් මාළු මිලදී ගන්නට, රුපියල් 5 කොලයක් ඇදපු වහාම, උඩ සිට බලාගෙන ඉන්න කපුටා වහාම පියාසරකරගෙන විත් ඒ කොලය උදුරා ගන්නවාලු. අවසානයේදී පොලිසියෙන් මේ කක්කාගේ ගමන්මඟ නිරීක්ෂණය කරලා, ඒ ඔස්සේ ගිහින් ඒ කාක්කාව මෙහෙයවපු හොරාවත් සමඟ සෑහෙන මුදලකුත් අත්අඩංගුවට ගත්තලු. කාක්කා විතරක් නොවෙයි, මිනිස්සු අතරත් උගත් බුද්ධිමත් කියන අය අතර " ලෝක හොරුත් " ඉන්න බව හිතවත් ඔබටත් මටත් රහසක් නොවෙයිනේ... (නි)