(නයෝමි දිල්රුක්ෂි)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම“ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් අඩු ආදායම් ලාභීන් ලක්ෂයක් සඳහා රැකියා ලබා දීමේ ජාතික වැඩසටහන වෙනුවෙන් නව බහු කාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කෙරිණි.
ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයට බඳවා ගත් නිලධාරීන්ගේ පරිපාලන කටයුතු විධිමත් අයුරින් ක්‍රියාත්මක කිරිම සඳහා අඩුපාඩුවක්ව පැවති කාර්යාල අවශ්‍යතාවය සපුරමින් නව කාර්යාලයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ විවෘත කිරීම අද (10) සුබ මොහොතින් සෙත් පිරිත් ආශිර්වාද මධ්‍යයේ සිදු කෙරිණි.
මෙම අවස්ථාවට එක් වෙමින් කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේ නව කාර්යාලය තුළින් නිලධාරීන්ගේ රාජකාරී කටයුතු වඩා පහසු වන බවත්, ඉන් කාර්යක්ෂම හා ඵලදායි සේවයක් ජනතාවට ලබා දීමට හැකි වන බවත්ය.
මෙම අවස්ථාවට සබරගමු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි, සබරගමු පළාත් මාර්ග හා සංචාරක අමාත්‍යංශයේ ලේකම් චාමර බමුණුආරච්චි, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනිෂා එස් රත්නායක, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ. වීරකෝන්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද, සහකාර දිස්ත්‍රික් ලේකම් විජයානි රත්නසේකර, දිස්ත්‍රික් නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ අනූෂා මොරවකආරච්චි, ඊ.ආර් ගාමිණී, සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන් සහ බහු කාර්ය සංවර්ධන දෙපාරතමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ කමාන්ඩර් සෙනෙවිරත්න, දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ (රත්නපුර) මේජර් විතාරණ, දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ (කෑගල්ල) මේජර් රාජපක්ෂ ඇතුලු බහු කාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල බහුකාර්ය සංවර්ධන නිලධාරීන් සහභාගී වී සිටියහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කෑගල්ලට බහු කාර්ය සංවර්ධන දෙපාර්තමේන්තු කාර්යාලයක්