(මොහොමඩ් ආසික්)
කටුගස්තොට නගරයේ ප්‍රධාන පෙළේ වෙළඳ ආයතනයක නම භාවිතා කර තවත් වෙළඳ ආයතනයකින් රුපියල් 41,000 ක මුදලක් වංචා කළ පුද්ගලයෙක් අද (20) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
කටුගස්තොට නගරයේ ප්‍රධාන පෙළේ ආයතනයකට දුරකථන ඇමතුමක් ලබා දුන් පුද්ගලයෙක් ප්‍රකාශ කර ඇත්තේ තමන් කටුගස්තොට නගරයේම තවත් ප්‍රධාන පෙළේ වෙළඳ ආයතනයකින් කතා කරන බවත් හදිසි අවශ්‍යතාවයක් සඳහා රුපියල් විසි දහසක මුදලක් අවශ්‍ය වී ඇති බැවින් තම සේවකයෙක් එවන බවත් ඔහු අත එම මුදල ලබා දෙන ලෙසත් ඉල්ලා තිබේ.
තමන්ට ඇමතුම දුන් පුද්ගලයා සඳහන් කළ වෙළඳ ආයතනය නගරයේ ඉතා විශ්වාසවන්ත ආයතනයක් බැවින් දෙවරක් නොසිතූ මෙම ආයතනය අදාළ මුදල් ලබා දීමට එකඟ වී තිබේග ඒ අනුව එම වෙළඳ ආයතනයට ගිය පුද්ගලයා රුපියල් 20ල000 ක මුදලක් රැගෙන ගොස් තිබේ.
සහෝදර වෙළඳ ආයතනයක් ලබා ගත් මෙම මුදල් ඉතා ඉක්මනින් ලබා දෙනු ඇතැයි සිතූ මෙම ආයතනය ඒ ගැන වැඩියෙන් හිතන්නට ගියේ නැතග එලෙසම ඊට දිනකට පසුවද වෙළඳ සැල අමතා ඇති මෙම පුද්ගලයා රුපියල් 20,000 ක මුදලක් ලබා දීම ගැන ස්තුති කර ඇති අතර තවමත් තමන්ට මුදල් ලබා ගත නොහැකි වූයෙන් අද දවසෙත් රුපියල් 21,000 ක මුදලක් ලබා දෙන් ලෙස ඉල්ලා තිබේ.
එම මුදලද ලබා දුන් නමුත් කිසිදු ප්‍රතිචාරයක් නොවූයෙන් මේ සම්බන්ධයෙන් අදාළ වෙළඳ සැල විමසා තිබේග නමුත් එම වෙළඳ ආයතනයෙන් දැන ගන්නට ලැබී ඇත්තේ තමන් එවැනි කිසිදු ඇමතුමක් ලබා නොදුන් බවත් කිසිදු මුදලක් ඉල්ලා නොසිටි බවත්යග
මේ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසියට පැමිණිල්ලක් කරනු ලැබු අතර මුදල් ලබා ගන්නට පැමිණි පුද්ගලයාගේ හැඩරුව අනුව පරීක්ෂණ පැවැත්වූ පොලීසිය අදාළ සැකකරු අත් අඩංගුවට ගනු ලැබ තිබේග
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කටුගස්තොට වෙළඳ ආයතනයක නම විකුණා තවත් වෙළඳ ආයතනයකින් මුදල් වංචා කරලා