(ක.ග කරුණාරත්න)
සැබෑ රත්තරන් බවට අඟවා කාන්තාවකට වර්ණාලේපිත ව්‍යාජ ලෝහ කැබලි ලබාදී රුපියල් ලක්ෂ 15ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් අධිකරණයේ විභාග වූ නඩුවක වරදකරුවන් වූ චූදිතයින් දෙදෙනෙකුට දඬුවම් නියම කළ හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා එක් අයෙකුට වසර දෙක බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් සහ පැමිණිලිකාරියට රුපියල් ලක්‍ෂය බැගින් රුපියල් ලක්‍ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙසට අද (16) නියෝග කළේය.
චූදිතයින් වන්දි මුදල නොගෙවන්නේ නම් මාස 12 බැගින් සිර දඬුවමකට යටත් කරන ලෙසටද නියෝග කෙරිණි.
මෙවැනිම චෝදනාවක් සම්බන්‍ධයෙන් විත්තිකරුවන් දෙදෙනාට අධිකරණය මගින් නියම කර තිබූ වසර දෙකක අත්හිට වූ සිර දඬුවමක්ද අද දිනයේ පටන් ක්‍රියාත්මක කරන ලෙසටද අධිකරණයෙන් නියෝග කරනු ලැබීය.
ඊට අමතරව එක් අයෙකුට රුපියල් 3000 බැගින් රුපියල් 6000 ක දඩ මුදලක්ද ගෙවන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙසේ දඩ හා සිර දඬුවම් නියම වූයේ කැකිරාව , මඩාටුගම , දුනුමඩලාව පදිංචි බන්දුහාමිගේ ආරියදාස සහ පුත්තලම , කොට්ටුකච්චිය , මැල්ලන්කුලම , අංක 53 ලිපිනයේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ කපිල බණ්ඩාර යන විත්තිකරුවන් දෙදෙනාටය.
2012 වසරේ ජූනි මස 11වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී කඩුගන්නාව , කඩවත්ගම , අංක 48 ලිපිනයේ පදිංචි පිටවල රාජපක්‍ෂගේ දමයන්ති ඒකනායක යන පැමිණිලිකාරියට මැදිරිගිරිය පොලිස් වසමේදී සැබෑ රත්තරන් බවට හඟවා වර්ණාලේපිත ව්‍යාජ ලෝහ කැබලි ලබාදී රුපියල් ලක්ෂ 15ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් පොලොන්නරුව විශේෂ අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලක් සම්බන්‍ධයෙන් විමර්ශන සිදුකර විත්තිකරුවන්ට එරෙහිව අධිකරණයේ චෝදනා ගොනුකරනු ලැබ දීර්ඝ නඩු විභාගයෙකින් පසුව විත්තිකරුවන් අදාල චෝදනාවලට වරදකරුවන් බවට ඔප්පුවීමෙන් පසුව මහේසත්‍රාත්වරයා මෙම දඬුවම් නියම කරනු ලැබීය.
නීතිඥ සමිතා ජයසේකර මහත්මිය විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියාය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කාන්තාවන් රවටා ලක්‍ෂ 15 ක මුදලක් වංචා කළ දෙදෙනෙක් රිමාන්ඩ්