නිශාන්ත කුමාර
කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉලුක්පැලැස්ස, උලුපෝරණූව හා බත්මැඩිල්ල ව්‍යාපරයට අයත් 50 ක පමණ ගොවි පිරිසක් අද (26) දහවල් කන්දකැටිය නගරයේ හා කන්දකැටිය ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වූහ.
ගම්වාසී ගොවි ජනතාව සමඟ බත්මැඩිල්ලේ සුමනන්ද හිමියෝ උද්ඝෝෂණය සංවිධානය කළහ.
ඉලුක්පැලැස්ස, උලුපෝරණූව හා බත්මැඩිල්ල ගොවි බිම්වෙත දියවර සපයන ප්‍රධාන අමුණ හා ඇල මාර්ගය කැඩී බිදී විනාශයට පත්ව මාස ගණනාවක් ගතව ඇතත් එය පිළිසකර කර නොදීමට විරෝධය පල කරමින් ඔවුහු මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
ඇල අමුණ කැඩී යාම හේතුවෙන් මේ වන විටත් එම ව්‍යාපාරය යටතේ වගා කර ඇති අක්කර ගණනාවක වී හා බඩ ඉරිගු වගාවන් විනාශයට පත්වීමේ අවධානමක් මතුව ඇති බවද උද්ඝෝෂකයෝ පැවසූහ.
‘‘බත්මැඩිල්ල අමුණු හදනු, අද ආවේ කියල යන්න හෙට එන්නේ නතර වෙන්න, වී ටික ගේ නැති වුණාම පොලී දෙන්න බැරි වෙනවා, වී ටික ගෙයි නැති වුණොතින් දරුවෝ ගෙයි බඩ ගින්නේ , කුඹූරු කෙටුවේ නැති වුණාම ජීවන බර වැඩි වෙන්නේ . ආදී සටන් පාඨ කියමින් කන්දකැටිය මංසන්ධීයේ සිට කිලෝමීටරයක පමණ දුරක් පා ගමනින් පැමිණි පිරිස කන්දකැටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සේවා නිලධාරි දුමිදු අහංගංගොඩ මහතා වෙත සංදේශයක් ද බාර දුන්හ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කන්දකැටිය ගොවියෝ පාරට බසිති