(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම සිරම්භි අඩිය 6 කනුව ආසන්නයේ දි එකවර පාර මාරු විමට පැමිණ වල් අලියකු මාර්ගයේ ධාවනය වූ ත්‍රිරෝද රියකට පහර දීමේන් එහි රියදුරා තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
මෙසේ බරපතළ ලෙස තුවාල ලබා ඇත්තේ කරුවලගස්වැව මුරුක්කුවටවන පදිංචි කරුවෙකි.
වල් අලියාගේ ප්‍රහාරයට ලක්වන අවස්ථාවේදි කාන්තාවන් දෙදෙනකු හා කුඩා දරුවකු එහි සිටි බව පොලිසිය කියයි.
මෙම පහරදීමෙන් ඔවුනට කිසිදු හානියක් සිදු නැත.
වල් අලි ප්‍රහාරයට ලක්වු ත්‍රි රෝද රථයේ රියදුරා පුත්තලම රෝහලේදි පවසා සිටියේ මෙවැන්නකී.
“මම හයර් එකක් යන්න ආවේ ඒ කල්අඩියට අක්කලා දෙන්නයි දරුවකුයි එක්ක .පුත්තලම අනුරාධපුර මාර්ගයේ සිරම්භිඅඩිය 6 කනුව ආසන්නයේ දි පාර හරහා එකවර අලියකු පැන්නා මම හොදටම බය වුණා .ඒ එක්කම අලියා ත්‍රි රෝද රථයට පහර දුන්නා .
මට කරගන්න දෙයක් නැතිවුණා ත්‍රි රෝද රථය පෙරළුණා අක්කලා දෙන්නයි කුඩා දරුවයි කෑ ගැසුවා අලියා ත්‍රි රෝද රථයට ගහපු පහරට මගේ අතක අස්ථි පුපුරලා වම් කකුලටත් බරපතළ තුවාල හැබැයි අලියා අපේ කෑ ගැසිමට බය වි කෑලයට දිව්වා‘‘ කීය.
වල් අලියා පහර දිමේන් ත්‍රිරෝද රථයට බරපතළ හානි සිදුව තිබුණි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කුපිත වූ අලියා ත්‍රිරෝද රියට පහරදීලා