(දිලීප් ජයසේකර)
රජය විසින් තිස්සමහාරාම අමරවැව ප්‍රදේශයේ ගවයින් සඳහා වෙන් කර ඇති තෘණ භූමිය පිහිටි ප්‍රදේශයේ කම්බි මදු යොදා ගවයින් හා මුවන් දඩයම් කර මසට විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අද (17) අත්අඩංගුවට ගත්බව තිස්සමහාරාම පොලිසිය පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්සමහාරාම,සදගිරිගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.
තිස්සමහාරාම පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අමරවැව තෘණ භූමිය පිහිටි ප්‍රදේශයේ සිදුකළ සොදිසියකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් නිළධාරින් එහි යන විටත් ගවයින් තිදෙනෙකු කම්බි මදු වලට හසුව සිට ඇති අතර එක් ගවයෙකු ඒ වන විටත් මිය ගොස් සිටි බව පොලිසිය පැවසීය.
ගවයින් දෙදෙනෙකුගේ ජීවිත පොලිසිය විසින් බේරාගෙන ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු කම්බි මද්දට හසුව මියගොස් සිටි ගවයා මස් කිරීමට සුදානම් වෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් දෙදෙනෙකු එම ස්ථානයේ සිට ඇති අතර එක් සැකකරුවෙකු පොලිසියෙන් බේරී පැන ගොස් ඇති බව පොලිසිය කීය.
සැකකරු තවත් පුද්ගලයෙකු සමඟ කම්බි මදු තියා මෙම තෘණ භූමියට පැමිණෙන ගවයින් හා මුවන් දඩයම් කර මස් කර ප්‍රදේශයේ හෝටල් වෙත අලෙවි කර ඇති බවට මුලික ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය කීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කම්බි මදු යොදා ගවයින් - මුවන් ඝාතනය කළ අයෙකු අත්අඩංගුවට