සත්‍ය කවදා හෝ ජය ගන්නා බව අප කවුරුත් දන්නා කරුණකි. ඒ බව පසක් කරමින් මේජර් ජනරාල් මහේෂ් සේනානායක ඇතුළු2010 වසරේදී අනිවාර්ය නිවාඩු යැවූ හමුදා නිලධාරින් 10 දෙනෙකු නැවතත් හමුදා සේවයේ පිහිටුවීමට ගත් තීරණය පිළිබඳ ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් හට කළගුණ අමතක නොවූ ශ්‍රී ලාංකිකයින් ලෙස ස්තුතිය පුද කරන්නේ මහත්වූ ගෞරවයෙනි.
ජනතාව පැතූ ''යහපාලනය'' නම් මෙයයි.වෛරී දේශපාලනය වෙනුවට මෛත්‍රී දේශපාලනයක් වෙනුවෙන් රටක් ලෙස පසුගිය
මැතිවණයේදී අප ගත් තීන්දුව පිලිබඳ අප සත්තකින්ම සතුටු වන්නෙමු.
2010 වසරේ මේජර් ජනරාල් මහේෂ් සේනානායක ඇතුළු මේ නිලධාරීන් අනිවාර්ය නිවාඩු යවන ලද්දේ හුදෙක් දේශපාලන පළිගැනිම් නිසා මිසවෙන කිසියම් හෝ
හේතුවක් මත නොවන බව දන්නේ දනිති.
තමදිවි දෙවැනිකොට උතුම් මාතෘභූමිය වෙනුවන් කැපවුණු මෙවන් විශිෂ්ටයින්ගේ තවත් රටට ලැබිය යුතු බොහොමයක් තිබියදී අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය
සැබැවින්ම ඛේදජනකය.නමුත් කෙසේහෝ වේවා,දේශපාලන හේතු මත ගත් ඒ වැරදි තීන්දුනිවැරදි කිරීමට නව ජනපතිතුමන් කටයුතු කිරීම පැසසිය යුතු කරුණකි.
මේජර් ජනරාල් මහේෂ් සේනානායක යනු වසර 1981දී සිට 2010 දක්වා තම යුතුකම මැනවින්ම ඉටුකළ සෙන්පතියකු බව බොහෝ දෙනෙකු දනී. ඒ වෙනුවෙන් ''රණ වික්‍රම පදක්කම'',''රණ සූර පදක්කම''
තුන්වරක් ඇතුළු පදක්කම් රැසක් ඔහුට හිමි වුයේ ඔහුගේ විශිෂ්ටත්වය නිසාමය.
නන්දිකඩාල් කලපුවෙන් ත්‍රස්තයින්ගේ ඊළාම් සිහිනය බොඳ කළ දිනය දක්වා සටනේ සුවිශේෂී මෙහෙවරක් කළ මේජර් ජනරාල් මහේෂ් සේනානායක අවසන් සටනේ යුද්ධ හමුදාවේ ඉතා බලවත්ම තනතුරක්වූ සැලසුම් හා ක්‍රියාන්විත අධ්‍යක්ෂකව සිට කළ මෙහෙය ප්‍රශංසනීයය.
එමෙන්ම නැවත සේවයේ පිහිටවූ බ්‍රිගේඩියර් බිමල් ඩයස්, බ්‍රිගේඩියර් දුමින්ද කැප්පෙටිවලාන, බ්‍රිගේඩියර් ජානක මොහොට්ටි, බ්‍රිගේඩියර් අතුල හෙන්නැදිගේ, බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුම, කර්නල් උභය සිරිවර්ධන,ලුතිනන් කර්නල් පී. ජයසුන්දර,කපිතාන්ආර්.රණවීර හා කපිතාන් ක්‍රිෂාන්ත කළ සේවය අමිලය.
මෙවන් විෂ්ටයින්ගෙන් තවත් අප රටට ලබාගතයුතු දෑ බොහෝය.මේ නිසා මේජර්
ජනරාල් මහේෂ් සේනානායක ඇතුළු මෙම නිලධාරීන් නැවත සේවයට බඳවා ගැනීම පමණක් නොව ඔවුනට හිමිවියය යුතු ඉහළම නිලතල හා වගකීම් ඔවුනට හිමිවන්නේනම් එය තවත් අගනේය.
මන්ද මොවුන් රට වෙනුවෙන් කළ සේවය අතිමහත් වන නිසාවෙනි.අපගේ එම බලාපොරොත්තුවද ජනපතිතුමන් අග්‍රාමාත්‍ය ඇතුළු නව රජයෙන්ඉටුකරදෙනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු. ලක් මව සුරක්ෂිත කරමින් නැවතත් හමුදා ක්ෂේත්‍රයේ ශක්තිමත්
කොට එහිප්‍රෞඩත්වයේ ධජය ඔසවන්නට මේජර් ජනරාල් මහේෂ් සේනානායක ඇතුළු මෙම නිලධාරීන් සියළුම දෙනා හට ශක්තිය ධෛර්ය ලැබේවායි අප ප්‍රාර්ථනා කරන්නෙමු .
(මාධව ධනික ද මෙල් ඇතුළු පිරිස ඩුබායි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේජර් ජනරාල් මහේෂ් සේනනයක කියන්නේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙක් අපටමේ වගේ නිලධාරියෙක් නැවත ලබා දුන් ජනපති ට අපේ ප්‍රණාමය (අ)
එතකොට ශවේන්ද්‍ර සිල්වා ලා කරපු දෙයක් නැද්ද ..? (අ)
මෙය අපි ඉතා අගය කොට සැලකියයුතු කටයුත්තක් නව රජයට අපගේ උත්තමාචාරය (අ)
ශවේන්ද්‍ර සිල්වා කරපු දෙයක් නෑ කියලා කවුරුවත් කියලා නැහැනේ. ශවේන්ද්‍ර සිල්වා, කමල් ගුණරත්න, ප්‍රසන්න සිල්වා වගේ අයත් උතුම් මෙහෙවරක් කළා.(දිල්)
මේජර් ජනරාල් මහේෂ් සේනානායක කියන්නේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙක් අපට මේ වගේ නිලධාරියෙක් නැවත ලබා දුන් ජනපති ට අපේ ප්‍රණාමය(නදී)
නිරෝෂා සංජීව, ලිපියක් උඩින් පල්ලෙන් කියවලා විකාර අදහස් කියන්න එපා. (නි)
කවුද මේ රණවිරුවන් හමුදාවෙන් ඉවත් කළේ ? කුමක් නිසාද? (දිල්)
නිරෝෂා ඔය යුද්ධය අර දුටුගැමුණු හා එළාර රජවරු අතර තිබුණු ඇත්තු පිට නැග ගෙන තනි පංගලමේ කරපු පයිට් එකක් නෙමේ. යුධ පෙරමුණු කීපයක් ඔස්සේ සතුරන් වට කරගෙන් පාබල ,කාලතුවක්කු හා සන්නද්ධ හමුදා යොදා කළ මහා පරිමාණයේ යුද්ධයක් ඒවාට ශවේන්ද්‍ර සිල්වා හා තව සෙන්පතිවරු ගොඩක් සහභාගී වුණා (දිල්)
චන්ද්‍ර, දුටුගැමුණු එළාර යුද්දේ තනිපංගලමේ කරපු යුද්ධයක් නොවේ.ලෝක ඉතිහාසේ සංවිධාත්මක්ව කරපු එකම පළවැනි යුද්ධදයක් කියලා ඉතිහාසය ලියපු ඒවා පිලිගන්නවා.(හේ)