(ජේ.කේ.එල් චාමින්ද)
දකුණු පළාත් ධීවර අමාත්‍යංශය ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සමඟ එක්ව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වතු ආශ්‍රිත ජලාශ සහ පොකුණුවල මිරිදිය මත්ස්‍ය වගාව ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.
මේ යටතේ ගාල්ල නාකියාදෙනිය පිහිටි වටවල වතු සමාගමට අයත් වතුයායේ පිහිටි ජලාශ සහ පොකුණුවල තිලාපියා මත්ස්‍ය ඇඟිල්ලන් 90,000ක් මුදාහැරීමට කටයුතු කර තිබේ. මේ තුලින් මාස හතරකට පසුව මත්ස්‍ය අස්වැන්න කිලෝ 15,000ක් පමණ ලබා ගත හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.මේ සඳහා දකුණු පළාත් ධීවර අමාත්‍යංශය මගින් රුපියල් 250,000ක මුදලක් වැයකර ඇත.
වතු වල මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී සමුපකාර සමිතිවල සහයෝගය ද ලබා ගැනිමට නියමිතව ඇති බවද දකුණු පළාත් ධීවර අමාත්‍යංශය පවසයි.
මත්ස්‍ය පැටව් මුදාහරිනු ලැබූ අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රසාංග සූරියාරච්චි, වැවිලි සම්පත් භාරයේ නියෝජ්‍ය කලාපීය අධ්‍යක්ෂ චන්ද්‍රසේකර දේවරාජ, වටවල වැවිලි සමාගමේ කළමනාකරු නිලන්ත සෙනෙවිරත්න, ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ශ්‍රියාන් චන්ද්‍රකීර්ති යන මහත්වරු ද එක්ව සිටියහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොරෝනා අස්සේ දකුණේ ජලාශවලට මාළු පැටව් මුදාහරිති