(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී කොරෝනා වයිරසය ආසාදනය වූ බවට වාර්තා වූ 28 හැවිරිදි පුද්ගලයෙකුගේ මම පියා ඇතුළු සිව් දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර නිවෙස් දෙකක් අද (10) දා නිරෝධායනයට ලක් කළ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ මහතා පැවසීය.
මෙසේ නිරෝධායනයට ලක් කරනු ලැබුවේ මත්තේගොඩ ගල්වලදෙනිය ප්‍රදේශයේ නිවසක් සහ දියගම තේ කොටුව ප්‍රදේශයේ නිවසක් බව වෛද්‍ය ධනුක පද්මරාජ මහතා කීය.
මත්තෙගොඩ ගල්වලදෙනිය ප්‍රදේශයේ නිවසක පදිංචි පුද්ගලයකු හෙරොයින් පානයට ඇබ්බැහිවීම නිසා අධිකරණ නියෝගයක් මත කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර සිටියදී ඉකුත් (4) දා ඔහු බැලීමට මෙම පුද්ගලයාගේ පියා තවත් හිතවතෙකු සමඟ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට ගොස් ඇති බව පැවසේ.
මේ අතර එම පුද්ගලයාට ඉකුත් (08) දා කොරෝනා රෝගය වැළඳුණු බවට වාර්තා වීමත් සමඟ යුද හමුදා නිලධාරීන් පැමිණ ඔහුගේ පියා , මව , සොහොයුරිය සහ පියා සමඟ නිරෝධායන මධ්‍යස්ථානයට ගිය බව පැවසෙන තේ කොටුව ප්‍රදේශයේ පුද්ගලයකු නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගිය බව කියයි.
පසුව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැමිණ මත්තේගොඩ ගල්වලදෙනියේ නිවස සහ දියගම තේකොටුව ප්‍රදේශයේ නිවස නිරෝධායනයට ලක්කළ බව වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ මහතා කීය.
ඒ අනුව නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගිය පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කර ඇති අතර එහිදී ඔවුන්ට කොරෝනා රෝගය වැළඳුණු බවට වාර්තා වුවහොත් ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතය.
මේ පිළිබඳව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ මහතාගේ උපදෙස් මත,පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී සමරසේකර මහතාගේ මෙහෙයවීමෙන්,මහජන සෞඛ්‍ය පරීක්ෂක,ජී.පී.එච්.පී.මංජුල, බියගම මහජන සෞඛ්‍ය පරීක්ෂක රශ්මික මහතා ඇතුළු නිලධාරීහු ඉදිරි පරීක්ෂණ පවත්වති.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා ආසාදිත අයෙකුගේ නිවැසියන් නිරෝධායන මධ්‍යස්ථානයකට