(සිතුම් චතුරංග)
ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගෙන්වූ බවට සැකකෙරෙන වියළි කහ කිලෝ 344යි ග්‍රෑම් 600 ක් ඇතුළු කුළුබඩු තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනකු මන්නාරම, පේසාලේ වංකාලපාඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පේසාලේ පොලිසිය කියයි.
සැකකරුවන් මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
ලොරි රථයකින් නීතිවිරෝධී රැගෙන ආ කහ තොගයක් ප්‍රවාහනය කිරීමට සූදානම් පිරිසක් සම්බන්ධයෙන් මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වෙත ලැබුණ තොරතුරකට අනුව කළ වැටලීමකදී වෙරළ තීරය ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී මුහුදු මාර්ගයෙන් ගෙන්වූ වියළි කහ තොගය ඇතුළු කුළුබඩු සොයාගෙන තිබේ.
ලොරි රථයේ තිබී ඉන්දියාවේ සිට ගෙන්වන ලද බී ලූනු කිලෝ 742ක්, වියළි මිරිස් කිලෝ 77යි ග්‍රෑම් 500ක්, ගොරකා කිලෝ 698ක්, විශේෂ කාර්ය බලකාය විසින් සොයාගන්නා ලදී. ලොරි රථයේ තිබී විශාල ප්‍රමාණයේ පොලිතීන් මලු තොගයක් තුළ මෙම වියළි කහ සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය තොග අසුරා තිබූ බව පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූයේ අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය තොගයේ වෙළඳ වටිනාකම රුපියල් ලක්ෂ 30 ඉක්මවන බවය.
ලොරි රථය හා සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පේසාලේ පොලිසිය වෙත බාරදීමෙන් අනතුරුව මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පේසාලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කහ කිලෝ 344ක් පේසාලෙන් අල්ලයි