(තිලකරත්න දිසානායක)
කොරෝනා වසංගත තත්ත්වය යටතේ සේවයෙහි නිරත හෙද හෙදියන්ට විශේෂ නිවාඩු සහ ආරක්ෂිත පහසුකම් ලබා නොදීමට විරෝධය පළ කරමින් අද (22) උදෑසන සිට පැය 24 ක කාලයක් අසනීප නිවාඩු මත සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටිති.
සේවාවට වාර්තා නොකළ ද මානුෂිකව සලකා දැඩි සත්කාර ඒකක ඇතුළු හදිසි ප්‍රතිකාර සදහා සිවිල් ඇදුමින් සැරසී හෙද කාර්ය මණ්ඩලය කටයුතු කරන බව පැවසූ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ගම්පහ ශාඛාවෙහි ලේකම් හේම කාන්ති අත්තනායක මහත්මිය, මෙම වර්ජනයට රෝහලෙහි 450 ක් පමණ වන සමස්ත හෙද කාර්ය මණ්ඩලයම එක්ව සිටින බවද කීවාය.
අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙස ඉල්ලා මාස දෙකක පමණ කාලයක් ආයතන මට්ටමින් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මෙන්ම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීම් ඉදිරිපත් කොට ඇතත් විසදුමක් නොලැබුන බවද ලේකම්වරිය ප්‍රකාශ කළාය.
මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතාගෙන් කළ විමසිමේදී ප්‍රකාශ කොට සිටියේ , හෙද හෙදියන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණ ද රෝහලෙහි සෑම අංශයක්ම උපරිමව පවත්වා ගෙන යාමට පියවර ගෙන ඇති බවය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගම්පහ මහ රෝහලේ හෙද නිලධාරීහු ලෙඩ වෙති