(රේඛා තරංගනී ෆොන්සේකා)
ගල්කිස්ස අල්විස් පෙදෙසේ දෙමහල් ගොඩනැගිල්ලක මහා පරිමාණයෙන් සිදු කරගෙන ගිය ඝණිකා ජාවාරමක් වටලා සැකකාරියන් පස්දෙනෙකු සමග කළමනාකරු බව කියන සැකකරුවෙකු අද(22) අලුයම අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
වෙබ් අඩවියක පළ වූ දැන්වීමකට අනුව එම දැන්වීමේ සඳහන් තොරතුරු හා සම්බන්ධ වෙමින් උපාය දුතයෙකු යොදවා සිදුකරනු ලැබූ පරීක්ෂාවේ දී මෙම සැකකාරියන් සහ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඉහල වැටුප් ගෙවන බවට සදහන් වූ පුවත්පත් දැන්වීමකට අනුව කොළඹ පැමිනි සැකකාරියන් කොළඹ ප්‍රදේශයේ කාර්යාලයක සේවය කරන්නියන් ලෙස සිය නිවෙස් වලට දන්වා ඇති බව ඔවුන්ගෙන් කල ප්‍රශ්න කිරීමේදී අනාවරණය වු බව පොලිසිය පැවසීය.
අන්තර්ජාලය හරහා ගැණුම්කරුවෙකු වෙබ් අඩවියේ සඳහන් අංකයට කතා කළ විට එකවරම ජාවාරම සිදුකරන ස්ථානයට ඔහුව ගෙන්වීම නොකරන ජාවාරම්කරු දුරකථනයෙන් සම්බන්ධ වෙමින් විවිධ ස්ථානයන් වෙත එන ලෙස ගැණුම්කරුට දැනුම් දෙනබව පොලිසිය පැවසීය.
සැකකාර කළමණාකරු පොලිසිය යෙදවු උපාය දුතයා සමගද දුරකතනයෙන් සම්බන්ධ වෙමින් ගල්කිස්ස සුපිරි වෙලඳසැලක්,අවන්හලක්,මංසන්ධියක් යන ස්ථානයන් වෙන කැඳවමින් ගැණුම්කරු පොලිසියෙන්ද යන්න සැකහැර ගත් පසු ජාවාරම සිදුකරන ගොඩනැගිල්ල වෙත ඔහු කැඳවාගෙන ගිය බව පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 18,19,20 21,40යන වයස් කාණ්ඩ වල කාන්තාවන් බවද පොලිසිය පැවසීය. අදාල දෙමහල් ගොඩනැගිල්ලට ඇතුල්වීමේ ගාස්තු ලෙස රුපියල් පන්දහසක් අය කළ බවත් සඳහන් කරන පොලිසිය ඉන් අනතුරුව තවත් අයකිරීම් අදාළ ස්ථානයේ තිබූ බවද පැවසීය
අත්අඩංගුවට ගත් සැකකාරියන් දිඹුලාගල,හෙයියන්තුඩුව පල්ලෙවෙල,පොළොන්නරැව ,ලාහුගල යන ප්‍රදේශයන්හි පදිංචිකාරියන් බවද පොලිසිය පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගල්කිස්සේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි