(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අස්වැද්දීම සම්බන්ධව ප්‍රාදේශීය ගොවිජන සංවර්ධන නිලධාරීන්ගේ වාර්තා ලැබී නොමැති බව දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය යූ. ජී. ඩී. ආරියතිලක මහතා පවසයි. ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී ඒ මහතා මේ බව පැවසීය.
“පසුගිය කාලයේ ඇතිවූ නියං තත්ත්වයට මුහුණ දීම සඳහා වගා නොකරන ලද කුඹුරු ඉඩම් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් පවරාගෙන වගා කිරීමට කැමති පුද්ගලයන්ට දීමට තීරණය කළා. ඒත් ගාල්ල දිස්ත්‍රික්කයේ වගා නොකරන කුඹුරු ඉඩම් සම්බන්ධව තවමත් වාර්තාවක්වත් ලැබී නැහැ. දැනට ලබා දෙන්නේ දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු සම්බන්ධ වාර්තාවක්. එය ප්‍රමාණවත් නැහැ.“
“කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී වසම් මට්ටමින් මේ වාර්තාව ලබාගැනීම අවශ්‍යයි. එවිට කුඹුරු වැඩ කරන තැන් සහ නොකරන තැන් බලාගත හැකියි. මේ වාර්තා සකස් කරන්න කියා ප්‍රාදේශීය කමිටු රැස්වීම්වලදීත් දැනුම්වත් කළා. ඒත් ප්‍රාදේශීය නිලධාරීන් ක්‍රියාත්මක වෙලා නැහැ.ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සහාය නැතිව අපිට ඉඩම් පවරාගැනීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ. මාධ්‍යයත් අපෙන් නිතර මේ ගැන විමසනවා.අපිට දෙන්න උත්තර නැහැග“යැයි ඒ මහතා කීය
මේ සම්බන්ධව පිළිතුරු දෙමින් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් ඩබ්ලිව්.කේ.විමලරත්න මහතා පැවසුවේ වැඩපිළිවෙලක් තවමත් සකස් කර නොමැති බවත් පුරන් කුඹුරු ප්‍රමාණය ඇතුළත් වාර්තාවක් සතියක් ඇතුලත ලබා දෙන බවත්ය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගාල්ල දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු පිළිබඳ වාර්තා නෑ