( තිලකරත්න දිසානායක.)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (30) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 566 දෙනෙකු හමුව ඇති බවත් මින් වැඩිම පිරිසක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය සදහන් කරයි.
එම කාලය තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් හමුවීම කැලණිය කොට්ඨාසයෙන් ආසාදිතයින් 79 ක්, මහර - 75 ක්, ගම්පහ - 45 ක්, අත්තනගල්ල සහ දොම්පෙ - 42 ක් බැගින්, ජාඇල - 41 ක්, දිවුලපිටිය - 34 ක්, සීදූව - 29 ක්, මීරිගම - 27 ක්, රාගම සහ වත්තල 16 දෙනෙකු බැගින්, මිනුවන්ගොඩ - 15 ක් සහ මීගමුව - 8 දෙනෙකු වශයෙන් වාර්තා වී ඇතැයිද එම කාර්යාලය කියයි.
දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිදු කළ පී.සී.ආර් පරීක්ෂාවන්හිදී ආසාදිතයින් 515 දෙනෙකු සහ රෝහල්වලින් සිදු කළ පරීක්ෂණ මගින් ආසාදිතයින් 51 ක් වශයෙන් හමුව ඇති බව එහි වෙබ් අඩවියේ සදහන්ය.
ගතවූ පැය 24 තුල දිස්ත්‍රික්කයේ රෝහල් වෙත ආසාදිතයින් 469 දෙනෙකු ප්‍රතිකාර පිනිස ඇතුලත් කොට ඇත.
මේ වනවිට ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 18,820 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් දිස්ත්‍රික්කයෙහි පුද්ගලයින් 2,80,859 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය කොට ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන්ය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගෙවුණ පැය 24 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 566 ක්