(එස් .ඩි. කොඩිකාර )
මාතර දිස්ත්‍රික්කයට ඊයේ (19) දින ඇදහැළුණු අධික වර්ෂාවෙන් හා තද සුළං හේතුවෙන් පවුල් 163 ක පුද්ගලයින් 680 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා අද (20) පැවසීය .
මේ හේතුවෙන් එක් පුද්ගලයෙකු තුවාළ ලබා ඇති අතර පූර්ණ නිවාස හානි එකක්, අර්ධ නිවාස හානි 151 ක් හා වෙනත් දේපළ හානි එකක් වාර්තා වන බවත් එක් සුරක්ෂිත මධ්‍යස්ථානයක පවුල් 09 ක පුද්ගලයින් 36 දෙනෙකු ස්ථානගත කර ඇති බවත් දිස්ත්‍රික් ලේකම් වරයා වැඩිදුරටත් පැවසී ය.
අධික සුළං හා තද වැසි හේතුවෙන් කොටපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 113 ක පුද්ගලයින් 484 දෙනෙක් පීඩාවට පත්ව එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර අර්ධ නිවාස හානි 113 ක් වාර්තා වේ.
පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 35 ක පුද්ගලයින් 133 දෙනෙක් පීඩාවට පත්ව අතර පූර්ණ නිවාස හානි එකක්, අර්ධ නිවාස හානි 25 ක් හා වෙනත් දේපළ හානි එකක් වාර්තා වේ.
ඊට අමතරව බටාඳුර පන්සලේ පිහිටුවන ලද සුරක්ෂිත මධ්‍යස්ථානයේ පවුල් 09 ක පුද්ගලයින් 36 දෙනෙකු ස්ථානගත කර තිබේ.
පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 07 ක පුද්ගලයින් 26 දෙනෙක් පීඩාවට පත් වී ඇති අතර අර්ධ නිවාස හානි 07 ක් වාර්තා වේ.
අධික සුළං හේතුවෙන් හක්මණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 05 ක පුද්ගලයින් 25 දෙනෙක් පීඩාවට පත් වී ඇති අතර අර්ධ නිවාස හානි 03 ක් වාර්තා වේ.
අධික සුළං හේතුවෙන් දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 02 ක පුද්ගලයින් 07 දෙනෙක් පීඩාවට පත් වී ඇති අතර අර්ධ නිවාස හානි 02 ක් වාර්තා වේ.
අකුණු අනතුරු හේතුවෙන් වැලිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ එක් පවුලක පුද්ගලයින් 05 දෙනෙක් පීඩාවට පත් වී ඇති අතර අර්ධ නිවාස හානි 01 ක් වාර්තා වන බව දිස්ත්‍රික් ලේකම්වරයා තව දුරටත් සදහන් කළේය.
විශේෂයෙන් ඊට අමතරව කොවිඩ් 19 වෛරසයේ බලපෑම මත නිරෝධායනය වන පවුල්වල ආපදාවට ලක් වූ පුද්ගලයින් 21 දෙනෙකු අකුරැස්ස - මාරඹ යොවුන් සේනාංකයේ නේවාසිකව සිටී.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගංවතුරින් මාතර පවුල් 163 ක පුද්ගලයන් 680 ක් පීඩාවට