රාජගිරිය ප‍්‍රදේශයේදී සිදුවූ රිය අනතුරට අදාළව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ දුරකථන වාර්තා පරික්ෂා කර බැලීම සදහා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් (රථවාහන) චන්දන කලංසූරිය මහතා අද (14) වැලිකඩ පොලීසියට අවසර ලබා දුන්නේය.
ඉකුත් 09 වැනිදා මෙම දුරකතන වාර්තා ලබා ගන්නා ලෙසට මහෙස්ත‍්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබුණද, පොලිසිය විසින් අදාල අධිකරණ නියෝගය ලබා ගනු ලැබුවේ මෝසමක් ගොනු කරමිනි.
අදාළ දුරකථනයේ ලියාපදංචි අයිතිකරුගේ නම, ලිපිනය, එහි එමි අංකය, අනතුර සිදුවූ දිනයේ රාතී‍්‍ර 8 සිට රාතී‍්‍ර 12 දක්වා කාලය තුළ එම දුරකතනයෙන් ලබා ගත් සහ ලැබුණු ඇමතුම් සම්බන්ධ සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙසට මෙහිදී අදාළ දුරකතන සමාගම වෙත අධිකරණයමගින් නියෝග නිකුත් කරනු ලැබීය.
මෙම සිද්ධියට අදාළව රණවක මහතාගේ සම්බන්ධයක් ඇත්දැයි යන්න තොරතුරු අනාවරණය කර ගැනීම සදහා ඒ මහතාගේ ජංගම දුරකථන වාර්තා කැඳවීමටත් එම අනතුර සිදුවූ ස්ථානය අවට සවිකර තිබූ සීසීටීවී කැමරා දර්ශන ලබාගැනීමටත් මහේස්ත‍්‍රාත්වරයා විසින් වැලිකඩ පොලීසිය වෙත නියෝග නිකුත් කරනු ලැබුවේ ඉකුත් 09 වැනිදාය.
ඉකුත් පෙබරවාරි මස 29 වැනි රාජගිරිය ප‍්‍රදේශයේදී සිදුවූ රිය අනතුරින් සන්දීප් සම්පත් සහ මනුල මින්සුක අබේසුන්දර යන තරුණයින් දෙදෙනා තුවාල ලැබූහ.
මෙම සිද්ධිය අදාළව ඉකුත් 30 වැනිදා පොලිසිය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවකු වූ ඉමදුව උණගස්විල වලවේ මහදුරගේ දිලූම් තුසිත කුමාර යන අය රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබිණ.
අදාළ නඩුව ලබන 30 වැනිදා යළි කැදවීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1000 සීසී බයික් ලංකාවේ තහනම් ඕක ලියාපදිංචි කරලා තියෙන්නේ හොර පාරෙන් .වැරදි තොරතුරු සපයා බයික් එක පිටුපසින් ගොස් මුල් වාහනයේ ගැටිලා. පසුපසින් ගොස් හැපුනානම් බයික් එක වැරදි. යහපාලනයේ වැරදි නොවේ මේවා (බ)
දුරකථන වාර්තා පරික්ෂකරලා මොකද කරන්නේ , ඒවා විසික්කරලා දානවනේ එ්කතමා අන්තිමට වෙන්නේ (බ)
නුවන් , පිටිපස්සෙන් ගිහිල්ල හැප්පුවනම් අයි ජීප් එක නවත්තන්නේ නැතුව ගියේ? එකෙන්ම තේරෙනවා නේද ජීප් එකේ මොකක් හරි වැරද්දක් තියෙනවා කියල. අනිත් එක ජීප් එක එලවල ගිහිල්ල නවත්තපු යාළුවො නිකම්ම අාපහු අවේ ඇයි. සාමාන්‍ය කෙනෙක් හිටියනම් ඔය විදියට එලවාගෙන ගිහිල්ල අපහු නිකම්ම එන්නේ නැහැ නේද දෙකක් අනින්නේ නැතුව? (බ)
රුචිර කීව දේ තමා වෙලා තියෙන්නේ නුවන්ලා අානන්දලා ඒවා දන්නේ නැතිව කඩේ යනවා, ඕක තමන්ගේ කෙනෙක්ට වුනානම් ඔය දාන බොළඳ තර්ක එ් වෙලාවට දායිද දන්නෑ (බ)
නුවන් හරි පිටිපස්සේ වම් පැත්තේ හැපුණොත් වැරදිකාරයා බයික් එක වැරැද්ද බයිසිකලේ (බ)
රසිත, කාලිංග, අතුරු පාරක ඉඳලා ප්‍රධාන පාරට අපරික්ෂාකාරීව වාහනය දාද්දි ප්‍රධාන පාරේ ගමන්කළ යතුරුපැදියක් ගිහින් අර අපරික්ෂාකාරීව ප්‍රධාන පාරට දාපු වාහනේ වැදුනහම එ්කේ වැරැද්ද යතුරුපැදියේ වෙන්නේ කොහොමද? නුවන් ගිය පෙර පාසලටමද ඔයත් ගියේ. (නි)
පවු මේ නුවන් කියන කෙනා. මට එයා ගැන ඇත්තටම දුකයි (නි)
නුවන්, ඉදිරියෙන් යන කෙනා මොනතරම් අපරික්ෂාකාරී වුණත් පසුපසින් යන කෙනා යම්කිසි දුරක් පවත්වාගෙන යන්න ඕනෑ තමන්ගේ පරිස්සමට. නීතියේ තියෙන්නේ එහෙමයි. පසුපසින් ළංව යන්න තහනම්. එ්කත් වරදක්. සමහර වෙලාවල පසුපසින් එන කෙනා ළඟ වැඩිනම් ඉස්සරහ යන කෙනා ඕනෑකමින් බ්රේක් ගහනවා තරහට. මම නම් එහෙම කරනවා. (නි)
නුවන්ට බනින අය රථවාහන නීතිය දන්නේ නැහැ කියලයි මට නම් හිතෙන්නේ (නි)
කවුද කියන්නේ අපරික්ෂාකාරීව දැම්මා කියලා? කොහොම නමුත් පිටුපස කොටසේ වැදුණු නිසා යතුරුපැදිකරු වැරදියි. අනික 1000සීසී බයිසිකල් ....? (නි)
ඉන්ද්‍ර හරි. අඩි 20ක ඉඩක් තියෙන්න ඕනෑ. මේ මිනිස්සු නීතිය දන්නේ නැහැ. නුවන් හරි. (නි)
බාලසුරිය, ඔයා දැක්කද අපරික්ෂාකාරීව වාහනය දානවා? (නි)
හිටපු විදුලි ඇමැති විදුලි වේගෙන් වැඩ (බ)
අනතුර වූ ස්වභාවය පිළිබද හරි අවබෝධයක් නැතිව දේශපාලනයට කඩේ යන හැටි ! අනතුර සිදුව ඇත්තේ ප්‍රධාන මාර්ගය හරහා අතුරු මාර්ගයක් සම්බන්ධ වී ඇති හතරමං හන්දියක අතුරුමාර්ගයේ එක්පසකින් පැමිණ ප්‍රධාන මාර්ගය හරහා අනෙක්පස අතුරු මාර්ගයට අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ රියක වම්පස කෙළවර (පසුපස) ගැටීමෙනුයි (බ)
මෙතන වරද අනතුරින් පසු පලාගොස් සැඟවීමයි. අනතුරින් පසු ඉදිරිපත් වූවා නම් මෙය රටේ ජාතික ප්‍රශ්නයක් නොවන්නට තිබුනා. අඩුම තරමේ කෙළින්ම පොලිසියට ඉදිරිපත් වූවා නම් නියම රියදුරා කවුද කියා සොයා ගන්නට තිබුනා. (නි)
ඒ කාලේ ඒවා ගැන කතා කරන්න නිදහසක් තිබුණෙත් නැහැ. දැන් ලැබී තියෙන නිදහස මෙන්න මේකයි.. (නි)
අන්වර්, එතකොකට බයික් එකේ නම් වැරැද්ද, ජීප් එක නවත්තන්නේ නැතුව ගියේ අයි?(කෞ)
අනේ කවුරු හරි ලොරියක් තියෙන කෙනෙක් නුවන්ගේ මෝටර් බයිසිකලේ පිටිපස්සෙන් හප්පලා පලා යන්නකෝ... (කෞ)
ප්‍රධාන මාර්ගයක වාහන එකක් පසුපස එකක් ගමන් කරන විට පරතරයක් තබා ගත යුතුයි. එහි විවාදයක් නෑ. නමුත් අතුරු පාරකින් ප්‍රධාන මාර්ගයට අවතීර්ණය වීමේදී ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා වාහන වලට ප්‍රමුකත්වය දිය යුතුයි. පාර හරහා දැමීමට ප්‍රථම ප්‍රධාන වාහනයේ වේගය සහ එය තමන් පසුකර යාමට කොතරම් වෙලාවක් යයිදැයි හිතින් උපකල්පනය කල යුතුයි. (කෞ)
අන්වර්, බයික් හොර පාරෙන් රෙජිස්ටර් කරලානම් එ්කට යහපාලනේ වගකිවයුතු නැද්ද? (බ)
අන්වර් පාරේ හරක් දක්කනවා වගේ නෙවෙයි,මාර්ග නීති පිළිපැදීම මහත්මා ගතියක්,දැන් මේවා යටගහන්න සුදු හුණු ගාන වන්දි බට්ටෙක් වෙන්න එපා.(බ)
ලංකාවේ හාරියටම සියලු දෙනාම නීතියට වාහන පදවනවානේ, එහෙම වුනොත් නීතිය පිළිපදින කෙනාට කවදාවත් යන්න හම්බු වෙන්නේ නැ, ඒ නිසා ඔය ඔක්කොම නීතිය ක්‍රියාත්මක කරන්න උදව් කරන්න, එය පිළිපදින්නත් ඉගෙන ගන්න, පොලිසියට ලොකු සහනයක් (බ)
සිද්ධිය ඉතාම කණගාටුයි .හරි වැරැද්ද නීතියට බාර දෙමු ප්‍රශ්නය තිඅන්නේ අයුතු බලපෑම් නොවී සධාරණයක් වේවිද (බ)
සමන්, යහපාලනය උනාට තවම පරණ භුතයෝ හොල්මන් කරනවා. උන්ව සුද්ද කරන්න ඕනේ... අන්වර් හරි. (ර)
නුවන් නිතරම ඉල්ලන් කන්නේ ඇයි..? (ර)
නුවන් කියන දේ හරි. මමත් ඊට එකඟයි (නි)
බොහොම හොඳ තීරණයක්. (ර)
පසුපසින් ගිහින් හැප්පුනොත් තනිකර වැරැද්ද පසුපසින් ගිය කෙනාගේ, ලෝකේ මොන රටෙත් එහෙමයි. මුලින් ගිය වාහනේ පදේව්වේ කව්ද ගියේ ඇමතියේක්ද ජනදිපතිද කම්කරුවෙක්ද කියන එක වැඩක් නැහැ. මොනවද මේ ලංකාවේ නාට්‍ය. රථවාහන නිතිය නොදන්නා වැද්දෙක්ට ඇරෙන්න ඕනෑම කෙනෙකුට මේබව ත්රෙන්න ඕන. (ර)
නුවන්, පසුපසින් ගිහිල්ලා හැප්පූ එක වැරදි බව ඔයා කියන්න ඕනෑ නැහැ. නමුත් ඔයාට තියෙන්නේ ඉතාමත් ලාබාල බොළඳ කෙනෙකුගේ මොළයක් බව ඔයාගේ කතාවෙන් පෙනෙනවා. ප්‍රශ්නය තේරුම් ගන්න (නි)
එතකොට රියදුරාගේ වාර්තාවක් එපාද .....? ඒ දෙකම තිබුනොත් තමයි හොයාගන්න පුළුවන් කවුද ඇත්ත රියදුරා, අනිත් පුද්ගලයා ඒ මොහොතේ හිටියේ කොහෙද, කවුද එයාව ගෙන්නාගත්තේ... වැනි තොරතුරු. (නි)
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
නුවන් කොහෙන්ද රථවාහන නීතිය ඉගෙනගත්තේ? ඉස්සරහින් යන කෙනා අපරීක්ෂාකාරී ලෙස තිරිංග තදකළොත්, හැරෙව්වොත් ඒකේ වැරැද්ද පිටිපස්සෙන් එන කෙනාගේද ? ඉස්සරහින් ගියා පස්සෙන් ගියා කියා නැහැ, රිය අනතුරක් වළක්වා නොගැනීමත් වැරැද්දක්. ඒ වගේම රිය අනතුරකින් පස්සෙ එතනින් පලායාම ඊට වැඩිය ලොකු වැරැද්දක්. (නි)
වරද ගැන ඉක්මන් නිගමන අවශ්‍ය නැහැ. උසාවිය කිව්වේ නැහැ ඔය පසුපස කතාව. පසුපස සහ පැත්ත කියන්නේ දෙකක්. (නි)
නුවන් හරි. හරියට ලංකාවේ සිදුවුණ පළමු රිය අනතුර වගේ. චම්පික ඇමතිතුමාගේ විස්තර හොයලා එයා වරදක් කර ඇත්නම් දඬුවම් කරනවා සේම ආණ්ඩුවේ වාහනයක් පස්සෙන් ඇවිල්ලා හප්පා කළ අලාබයත් ඔවුන් ගෙවිය යුතුය. ඒ සමානව වැඩි ධාරිතාවෙන් යුත් මෙවන් යතුරුපැදි ගෙනාවේ කවුද, ඒවා ලියාපදිංචි කළ විදිය සොයා බලා නිසි දඬුවම් දෙන මෙන්ද ඉල්ලා සිටිමි. (නි)
නුවන්, නොදන්නා නීතිය කතානොකර මෝඩ තර්ක ඉදිරිපත් කර මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. (නි)
නුවන්, ඔයාගේ දැනුම ගැන හරිම කණගාටු හිතෙනවා. පස්සෙන් හැපුනත්, ඉස්සරහින් හැපුනත් පැනලා යන්න බැහැ. (නි)
නුවන්, හැපිලා තියෙන්නේ පිටුපස වම් පැත්තේ මිස, පිටුපස නෙමෙයි. ජීප් එක පාර හරහා දැමුවිට තමා හැපී තිබෙන්නේ. අනතුර වූ ජීප් රථයේ පින්තූර බලන්න. එවිට ඔබට වැටහේවි. (නි)
අලපලුවට වුණ දෙයක්.(අ)
අර රජයේ වාහන නෝනා කෙනෙක් අරගෙන ගිය ප්‍රශ්නයට මොකද වෙන්නේ කියලාත් දැනගන්න කැමතියි (නි)
මෙචර කල් ගියේ ඕක කියන්නද? මෙලහකටත් ඕවා මකලාද දන්නෙ නැහැ (නි)
නුවන්, ඔබ හරි. මමත් ඔබට එකඟයි (නි)
වහාම අත්අඩංගුවට ගන්න ඕනෑ. මොකද මේ විපක්ෂයේ කට්ටිය කියන විදිහට ඇමතිතුමා බයිසිකලය හප්පලා තියෙන්නේ මහ පාරේ රිවස් එකේ ගිහින්. නීතියේ හැටියට මහ පාරේ රිවස් කරන්න බැහැනේ (නි)
නුවන්, අමල්, ඔබ දෙදෙනා මුලිකව නිවැරදිය. එහෙත් අනතුර කුමක් වුවත් තීරණය ගන්නේ අධිකරණය විසිනි. අනතුරක් සිදුවූ පසුව වාර්තා නොකර පලායාම බරපතල වරදකි. මේ යහපාලනයයි. (නි)
වරද කාගේ වුණත් අනතුරකදී පලායාම දඬුවම් ලැබිය යුතු වරදක්. පලාගියේ රියදුරු මාරුකිරීමට බවයි අපි නම් හිතන්නේ (නි)
මෙතන තියෙන්න හරිම සරල වැඩක්. නුවන් සමන් කියන දේ සමහරුන්ට තේරිලා නැතුවා වගෙයි (නි)
සමහරු මේක දේශපාලන ඇසින් බලන්නේ. නුවන් කියන්නේ එහෙම කෙනෙක්. අනතුරකදී දෙපාර්ශවයම එතන සිටිය යුතුයි. පලායන්න කාටවත් බැහැ. පළමුව තුවාලකාරයව රෝහලට ගෙනියන්න ඕනෑ. චම්පික ඇමති එ්ක කළාද වාහනයක් තිබිලත්. එයා බැලුවේ කොහොමද බේරෙන්නේ කියලා. වරද කාගේ වුණත් පළායාම ඊටවඩා වරදක් ලෙසයි මම දකින්නේ. (නි)
හැපුනේ පාර හරහා යද්දී නේද? දන්නා හැටියට නම් පොලිස් වාර්තාවේ තියෙන්නේ එහෙම. ඒක තමා පසුපසින් හැපුනේ (නි)
වැරදි කරවකු බවට සි. සි. ටි. වී. කැමරා උපකාර වෙනවානම් දුරකථන පරික්ෂාව බොරු වැඩක්! (ම)
අපේ රටේ අනතුරක් වුනහම වැරැද්ද කාගේ වුනත් රියදුරාට ගහන එක සාමානය දෙයක්. ඉතින් හොදම දේ ළගම තියන පොලිසියට යන එක තමයි. (බ)