එළැඹෙන මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජය ගන්නා බවත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත්වන බවත් ජ්‍යෙතීර්වේදී යෝගී සුජිත් නිශාන්ත මහතා පවසයි.
ලංකාදීප එසැණ සමග සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට යම් කිසි ඡන්ද බලයක් ලැබෙන බවත් පාර්ලිමේන්තුවේ ආසනයක් ලබාගැනීමට හැකිවනු ඇති බවත්ය.
තමා කිසිම පක්ෂයට ගැතිව අනාවැකි පළ නොකරන බවත් මෙතෙක් පළ කළ අනාවැකි කිසිවක් අසත්‍යවී නැති බවත් යෝගීවරයා සඳහන් කළේය.
(විශේෂ - ඕනෑම ජ්‍යෝතීර්වේදියකුට තම අනාවැකි පළ කළ හැකි බව සලකන්න. ඔබේ අනාවැකිය ඔබේ දුරකතන අංකය ද සමග අපේ විද්‍යුත් ලිපිනයට එවන්න. [email protected]. නැත්නම් ෆැක්ස් කරන්න. (ලංකාදීප වෙබ් අඩවිය සඳහා යැයි පිටුවේ ඉහළින් ලියන්න) 011 24 79 245)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවු. ඒක ස්ථිරයි (නි)
මගේ අනාවැකිය නම් දේශපාලනය දිනුම්, පක්ෂ දිනුම්, මහා ජනතාව පරාදයි. අතීතය හා අනාගතය වැඩක් නැහැ. අද ගැන හිතපල්ලා . යමපල්ලනට කතිරය වැටෙනවා. ඒ අය රට කයි (නදී)
රනිල් හවුලේ ආණ්ඩුවක් හැදුවත් තනි සන්දානයක් හැටියට මහින්ද රනිල්ට වඩා අාසන 8ක් වැඩියෙන් ගන්නවා. නමුත් රනිල් උතුරු නැගෙනහිර අාසන ටිකත් එකතුකරගෙන ආසන 117 කින් අලුත් ආණ්ඩුවක් හදනවා මේ අනාවැකිය 95% හරි. මේක ජොතිශය නෙමේ ඇසට පෙනෙන්න තියන සමාජ පෙළගැස්ම. ජනතා විමුක්ති පෙරමුණේ මනාපය මේ පක්ෂ දෙකටම නොලැබේ. නමුත් ඔවුන් පාර්ලිමේන්තුවේ විශේෂ කාර්ය බාරයක් ඉටු කරනු පෙනේ. ෆොන්සේකා මහත්තයාගේ ආසන 4 ත් රනිල්ගේ පිලට එකතුවේ. දැන් පේනවද වෙනස (නදී)
කලබල වෙන්න එපා. මහින්ද දිනනවා. (නදී)
අපි දන්නවා ඒක. (නි)
කවුරු වුණත් රට දියුණු කරලා, මිනිසුන්ගේ ජීවිත සුඛිත මුදිත කරන්න ආර්ථිකය උසස් මට්ටමකට තියන්න පුළුවන් ජගතෙක් ඉන්නවා නම් ඒ තමයි රටේ රජා. (නි)
සුමනදාස මහත්තයා මේ ගමන මොකුත් කියන්නේ නැද්ද? (නි)
යුද්ධය නැතිකරලා භීෂණය නැතිකළ එකද මහින්ද කළ වැරැද්ද? (නි)
මම නම් කියන්නේ මහින්ද තමයි අගමැති (නි)
ඒකත් එහෙමද? (නි)
බලමු බලමු. තව ටික දවසනේ (නි)
මේක කියන්න ජ්‍යෝතිෂය ඕනෑ නැහැ කියලයි මම නම් කියන්නේ. අපිට ලංකාව පුර යනකොට පෙනෙනවා ජනතාවගේ දැක්ම මොකක්ද කියලා. මහින්ද පරදින එක ඒකාන්තයි (නි)
ජය ශ්‍රී වේවා! (නි)
රනිල් අගමැති වෙන එක ස්ථිරයි (නි)
මෙයට වඩා විස්තරාත්මකව දුන්නනම් තමා හොද.(ම)
යුද්ධයට පෙර සමහර කට්ටිය හෙණරාජ තෛලය කියලා තෙලක් විකුණුවා. සුරයක දාලා බෙල්ලේ දාගත්තහම වෙඩි වදින්නේ නැහැ කියලා. (නි)
මටත් හිතෙන්නේ වෙන්නේ මේක තමයි (නි)
නියමයි... ජය වේවා! (නි)
මෙතුමාට බැරිද ලංකාවට කුඩු ගෙන්වන අය සහ කුඩු විකුණන අයත්, කුඩු සඟවා තිබෙන තැනුත් පෙන්වා දෙන්න. එය ජන සමාජයට කරන ලොකුම සේවාවක්. මෙතුමාගේ වැඩවලට එය ආශිර්වාදයක්. (නි)
මොන පක්ෂයෙන් ආවත් දේශපාලුවෝ නිසා රට ඉවරයි. එච්චරයි අනාගතේට පෙනෙන්න තියෙන්නේ. (නි)
අනාවැකිය හරි. මගේ අනාවැකිය ජනතා විමුක්ති පෙරමුණට ඡන්දෙ වැඩිවෙනවා ඒකාන්තයි. හම්බන්තොටින් සජිත් මහත්තයා පළවෙනියා වෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කය අලියා දිනනවා. ජනතා විමුක්ති පෙරමුණට හම්බන්තොටින් 1යි (නි)
මහින්ද කියන්නේ කොන්ද පණ ඇති පුද්ගලයෙක්. (නි)
රනිල් දිනලා අගමැති වෙයි. (නි)
ජ්‍යෝතිෂය අනුව රනිල් දිනුම්.ඡන්ද ප්‍රතිඵල ආවහම මහින්ද දිනුම් වෙයිද? (නි)
නියමයි. ජය ශ්‍රී! (නි)
මෙතුමාගේ අනාවැකි බොහෝදුරට නිවැරදියි.රනිල් මෙවරත් රටේ අගමැති. (නි)
රනිල් දිනන එක දිනනවමයි (බ)
ජය පරාජ තාවකාලිකයි එ්ත් ජනතාව රට ගැන සිතන්න ඕන රට ගොඩනංවන කෙනා තමා ජයගන්න ඕන (බ)
මට දෙයක් ලියන්න හිතුන..එත් බුදු දහම අදහන මම හිත හද ගත්තා(ම)
අනේ ඔයාගේ ඉරණමත් කියන්නකෝ (නදී)
රනිල් දිනන එක වළක්වන්න බැහැ. දැන් තියෙන්නේ කැඳ හැලි ආණ්ඩුවක් නේ(ම)
මේ සැරේ නියම ජය ලබන්නේ ජනතා විමුක්ති පෙරමුණ එයාල ඔය හොර ගුහාව කලඹවලා හොල්ලලා දමනවා. ජනතාව වෙනුවෙන් උපරිමය ජේ.වී.පී එක කරනවා (නදී)
මෙතුමාත් වැඩි කලක් යන්න ඉස්සර අර චන්ද්‍රසිරි බණ්ඩාර වගේ වෙයි කියල හිතෙනවා. ඡන්ද ගැන අනාවැකි කියනවට වඩා මිනිස්සුන්ගේ අධ්‍යාත්මික වර්ධනයට සේවයක් වන විදියට හිටියා නම් තමයි වැදගත් (නදී)
රනිල් දිනන්නේ, මහින්ද සහ ගෝල පිරිස අවසාන කාලේ කළ කී දේවල් වල ප්‍රතිඵලයක් ලෙසයි. මහින්දගේ පරාජය වළක්වන්න අමාරු බව රට පුරා ජනතාවගේ ප්‍රතිචාර වලින් පෙනෙනවා. (නි)
දිනන්නේ රනිල්ද මහින්දද කියන එක නෙමෙයි ප්‍රශ්නය. අවුරුදු 67 ක් තිස්සේ දවසෙන් දවස වල්වදින අපේ රට ගොඩගන්න පුළුවන් කාටද කියලා ඔය අනාවැකිකරුවන්ට කියන්න තාරකා අහසේ පහළවෙන්නේ නැති එකයි (නි)
මහින්ද දිනන බව මට නම් ඒකාන්තයි (නි)
මම නම් කියන්නේ මහින්ද තමයි අගමැති (නි)
ජ්‍යෝතිෂය අනුව මිසක් ඈත අතීතයේ සහ මෑත අතීතයේ කළ වැඩ අනුව නම් රනිල්ට දිනන්න බැහැ කියලයි මම නම් කියන්නේ. (නි)
ඕන්ග් රීන්ග් කට්ටු කට්ටු ... ඔහෙලගෙ මොලවල පිට්ටු පිට්ටු !(නදී)
මේ වගේ අනාවැකි බොරුකිරීම සඳහා අපි ඡන්දය කල්පනාකාරීව ලබාදෙමු (නි)
ඒ කාලේ මහින්ද බහු බූත විශ්වාස කරනවා කියලා හිනාවුණා. දැන් මෙයාලා ඊට හපන්. එයාලා විශ්වාස කරනවා මදිවට අපිවත් අන්දන්න හදන්නේ..බලමු බලමු. තව ටික දවසනේ..මේක කියන්න ජ්‍යෝතිෂය ඕනෑ නැහැ කියලයි මම නම් කියන්නේ. අපිට ලංකාව පුරා යනකොට පෙනෙනවා ජනතාවගේ දැක්ම මොකක්ද කියලා. රනිල් පරදින එක ඒකාන්තයි ...මහින්ද අගමැති වෙන එක ස්ථිරයි (නදී)
මට ලොතරැයියක නොම්මරයක් දෙන්නකෝ ? නිකම් මනස්ගාත කියන්නේ නැතිව ඉන්න. (නදී)
මෙයාලා මේ කොහෙන් මතුවුණ අයද? හරියට මෙරු මතුවෙනවා වගෙයි. ගිය යුද්ධ කාලෙ මොකද බැරිවුණේ ප්‍රභාකරන් ඉන්න තැන කියන්න? (නි)
ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වසර 20 ගණන් එකම පාලකයෝ තියාගන්නේ නැහැ. ඕකට අනාවැකි ඕනෑද? නව මුහුණුවරක් ලංකාවට ලැබේවා (නි)
89 ,90 කාලය සහ අවුරුදු 30 යුද්ධය මතක නම්,අගමැති මහින්ද. අමතක නම් අගමැති රනිල්. (නි)
උතුර , නැගෙනහිර, පසුබෑමක් තිබ්බට අනෙකුත් කොට්ටාස වලින් විශිෂ්ට ජයක් ලබනවා සන්දානය. මුළු ඡන්ද ප්‍රමාණය ලක්ෂ 60 පනිනවා. (නදී)
මේ යන විදිය දැක්කහම අපිටත් එහෙම හිතෙනවා (නි)
මේක පුදුම හැකියාවක්! ඡන්දෙ කාලෙට සහ ක්‍රිකට් තරඟ කාලෙට අනාවැකි කියනවා (නි)
මොකද දන්නෙ නැහැ මේ අය අනාවැකි කියන්නේ? (නි)
මේවා මොවුන්ගේ වැරදි නෙමෙයි. අපේ මිනිස්සු තවමත් මේවා විශ්වාස කරන එකයි වැරැද්ද. (නි)
ඔච්චරම විශ්වාස නම් ඉතින් බයවෙන්න දෙයක් නැහැනේ (නි)
මට නම් හිතෙන්නේ මෙදාපාර එජාපයට ටිකක් අමාරුවෙයි වගේ (නි)
මට නම් මෙහෙම හිතෙන්නේ නැහැ (නි)
හරියටම කියන්න බැහැනේ ඉතින්. (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
ප්‍රභකරන්වත් හිටියා නම් හැංගිලා ඉන්න තැනක්වත් අහගන්න තිබුනා.ඒකත් බැහැනේ දැන්. හැබෑට බැරිද දන්නෙ නැහැ අර අහිංසක ඡන්දදායක කාන්තාවට වෙඩිතියපු අය ගැන අනාවැකියක් දැනගන්න.පොලිසියටත් පහසුයිනේ. (නි)
මම නම් පිළිගන්නේ නැහැ ඕවා (නි)
මම නම් විශ්වාසය තියන්නේ ජ්‍යෝතිෂය ගැන නෙමෙයි, ආත්ම ශක්තිය ගැන (නි)
ඔහු හරියටම හරි (නි)
රනිල් අගමැති වෙන එක ස්ථිරයි (නි)
හොඳයි කලින් කියන එක. තව ඡන්ද මහින්දට එකතු කරගන්න පුළුවන්. (නි)
නියමයිනේ! ජයවේවා! (නි)
මහින්ද මෙවර දිනනවා අනිවාර්යයි (නි)
ඡන්දෙන් පස්සේ අපි ඕක යෝගීතුමන්ගෙන් නැවත අහන්න යන්නේ නැහැනේ. (නි)
මේ ගැන නම් දෙපාරක් කල්පනා කරලා බලන්න වෙනවා (නි)
මම නම් කියන්නේ සරත් ෆොන්සේකා දිනනවා (නි)
ඊටපස්සේ රටට වෙන්නේ මොකක්ද කියලත් බලලා කියන්න පොඩ්ඩක් (නි)
අපි ඕක දන්නවා (නදී)
කොහොමත් රැස්වීම් දැක්කහම සහ අලුතෙන් එජාපෙට බැඳෙන කට්ටිය දැක්කම ඕක පැහැදිලියි. අනික මීට මාස හයකට කලින් මහින්ද පැරදුන එක ආයෙත් පැරදෙනවා (නදී)
ඕක ඉතින් පොඩි ළමයෙක් වුණත් දන්නා දෙයක්නේ. (නි)
කණා උත්තර නැතුව හරියටම 'ටක්කෙටම' ගණන් මිනුම් එක්ක උත්තර දෙන්න. (නි)
දැන් මේක තමයි ජනතා මතය. (නි)
අනිවාර්යෙන්ම ජනතාව පරදිනවා. මගේ අනාවැකිය ගලේ කෙටුවා වගේ. ඔබටත් අනාගතය ගැන දැනගන්න ඕනෑ නම් මට අමතන්න (නි)
අපි බලමුකෝ... (නි)
ඒ කාලේ මහින්ද බහුබූත විශ්වාස කරනවා කියලා හිනාවුණා. දැන් මෙයාලා ඊට හපන්. එයාලා විශ්වාස කරනවා මදිවට අපිවත් අන්දන්න හදන්නේ ! (නි)
මේ අනාවැකිකරුවන්ට මැතිවරණ ගැන විතරද දන්නේ නැහැ අනාවැකි කියන්න පුළුවන්.30 අවුරුද්දක් තිස්සේ තිබුන යුද්ධය ගැන නම් එකක්වත් අනාවැකි කිව්වේ නැහැනේ.අඩුම ගානේ දිනන පරදින එක ගැනවත් කිව්වේ නැහැනේ.ඡන්දය කියන්නේ මිනිස්සු ළඟ තිබෙන දෙයක්. (නි)
උගත් තරුණ යෝගී සුජිත් නිශාන්ත, ඔබ නිවැරදියි.මගෙත් අනාවැකිය ඒකමයි. (නි)
රනිල් විශිෂ්ට ජයක් ලබාගන්නවා (නි)
ඇත්ත ඇත්ත අනිවාර්යෙන් දිනනවා. (නි)
එතකොට මහින්දගේ ලක්‍ෂ 58 ට මොකද වුණේ? යහපාලන වැඩ දැකල ජනතා සිත වෙනස් වෙලාද? (නි)
ලැබෙන මනාප ගානත් කියමුද බලන්න ?(ම)
අපරාදෙ කියන්න බැහැ. කතාව ඇත්ත (නි)
බලමුකො බලමුකො... (නි)
ජයවේවා! (නි)
මම කියන්නේ මේ අනාවැකිය 95% හරි. මේක ඇසට පෙනෙන්න තිබෙන සමාජ පෙළගැස්ම. ජනතා විමුක්ති පෙරමුණේ මනාපය මේ පක්ෂ දෙකටම නොලැබෙන නමුත් ඔවුන් පාර්ලිමේන්තුවේ විශේෂ කාර්යබාරයක් ඉටුකරනු පෙනේ (නි)
මට අර සුමනදාස මතක්වුණා (නි)
මමත් ඒක පිළිගන්නවා.රනිල් තමා අගමැති.(ම)
චන්දෙන් දිනන පුද්ගලයා නම් දිනුම්.. වරප්‍රසාද... ආණ්ඩුවට පැන්නොත් ඇමතිකම් .. පැන්ෂන් ...(ම)
අපිටත් මේ වෙලාවේ එක එක දේවල් හිතෙනවා. (නි)
රනිල් දිනනවා අනිවාර්යයි. ඒක කාටවත් නවත්වන්න ලැබෙන්නේ නැහැ (නි)
මෙන්න මාගේ අනාවැකිය! සියලු පක්ෂ දිනුම්, ජනතාව පරාදයි. මේ අනාවැකිය කියන්න අනාගතය දකින්න අවශ්‍ය නෑත. අතීතය මතක තිබුනහම ඇති (නි)