IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ඡන්දෙන් පැරදුණු විදුහල්පති ගුරුවරයාට පහර දෙයි

හොරොව්පොතාන පැතුම් දර්ශන

හොරොව්පතාන දෑකැතිපොතාන විදුහලේ විදුහල්පතිවරයා විසින් කළ පහර දීමක් නිසා තුවාල ලැබූ කිඹුල්පැටියාව විදුහලේ ගුරුවරයකු ඉකුත් 14 වනදා සවස සිට මේ දක්වා හොරොව්පතාන රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වී පරාජයට පත්වීම නිසා උරණ වූ විදුහල්පතිවරයා දැකෑතිපොතාන ප්‍රරදේශයේ දී තමන්ට මෙම පහරදීම සිදුකළ බව පහරකෑමට ලක්වූ කිඹුල් පැටියාව විදුහලේ ඉංග්‍රීසි භාෂා ගුරුවරයකු වන එච් එම් ඉලංගසිංහ මහතා ලංකාදීපයට පැවැසීය. මීට පෙර අවස්ථා කිහිපයකදීම තමන්ට මෙම විදුහල්පතිවරයා තර්ජනය කොට තිබුණ බවත් මැතිවරණයෙන් පරාජයට පත්වීමත් සමඟ මෙම පහරදීම සිදු කළ බවත් ඔහු වැඩිදුරටත් පවසයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පහරකෑමට ලක්වූ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන ඉලංගසිංහ මහතා මෙසේද කීය.

"මම කිඹුල්පැටියාව විදුහලේ ඉංග්‍රීසි ගුරුවරයෙක් විදිහට වැඩ කරන්නේ මට පහර දුන් පුද්ගලයා අත ලකුණින් ඡන්දය ඉල්ලුවා. මම එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයෙක් මාත් එක්ක ගමේ මිනිස්සු හොඳයි. මීට පෙරත් මට තර්ජනය කරලා තියෙනවා. ඒත් මම සද්ද නැතුව හිටියා. විදුහල්පතිවරයා ඡන්දයෙන් පරාජය වුණාට පස්සේ තමයි මට මෙහෙම පහර දුන්නේ. ඡන්ද දවසෙත් උදේ දහයට මට කිව්වා හවස හතරෙන් පස්සේ  ඉවර කරනවා කියලා. පරිස්සමට ඉන්න කියලත් කිව්වා. මම ඉස්කෝලේ ගිහින් කෙටි නිවාඩුවක් දාලා එනකොට මිනිස්සු විසිපහක් තිහක් විතර එක්ක ඇවිල්ලා පාර හරස් කරලා මට කණට ගැහුවා.  මට මුකුත් කරන්න විදියක් තිබුනෙත් නෑ. මම නිශ්ශබ්දව ගෙදර ගියා ඒත් මට කනට ගහපු පාරට හරිම අමාරුවක් දැනුණා. ගහපු පාරට මගේ කම්මුල ඉදිමුණා. මම හෘද රෝගියෙක් බයිපාස් සැත්කමක් කරලා ඉන්නේ මට හරිම අමාරුයි. එ්කයි රෝහලේ නේවාසික ප්‍රතිකාර ගන්න නතර වුනේ. මගේ කම්මුල දැන් පැත්තක් ඉදිමිලා."

මේ සම්බන්ධයෙන් අප දෑකැතිපොතාන විදුහලේ විදුහල්පති ආර් ජයතිස්ස මහතාගෙන් දුරකථනයෙන් කල විමසීමකදී පැවසුවේ බහින්බස් වීමක් සිදු වූවා මිස පහරදීමක් සිදු නොවුණ බවය.



අදහස් (0)

ඡන්දෙන් පැරදුණු විදුහල්පති ගුරුවරයාට පහර දෙයි

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 317 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1307 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 385 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 466 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 447 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 337 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 569 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 772 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2163 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site