(තිස්ස කොටින්කඩුව)
පසුගිය දින දෙක තුළ ජාඇල ප්‍රාදේශීය සභාවේ නිලධාරින් දෙදෙනෙකු ඇතුලු සේවකයින් 7දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරුවීම හේතුවෙන් ජාඇල ප්‍රාදේශීය සභාව තාවකාලිකව වසා දැමීමට කටයුතු යොදා ඇති බව ජාඇල සෞඛ්‍ය නිලධාරි කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඩබ්.එමි.වයි.විජේසිංහ මහතා පවසයි.
කොරෝනා වයිරස ආසාදිතයන් අතර ප්‍රාදේශීය සභාවේ වැඩ අධිකාරි, සැපයුම් නිලධාරි ඇතුලු රියදුරන් 5දෙනෙකුත් සෞඛ්‍ය අංශයේ සේවකයින් දෙදෙනෙකුත් වන බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියයි.
ආසාදිතයන්ගේ සමිප ආශ්‍රිතයන් ගණනාවකගේ තොරතුරු අනාවරණය වී ඇති බවද ඔුහු වැඩිදුරටත් සදහන් කරයි.
ජාඇල ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුලු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඇතුලු විවිධ අංශවල සේවකයින් 70 දෙනෙකුට අධික පිරිසක් මේ වන විට පීසීආර් පරීක්ෂණ සදහා යොමු කර ඇත. ප්‍රාදේශීය සභාවේ සියලුම සේවකයින් අද දින (09) තුළ පීසීආර් පරික්ෂණ සදහා යොමුකිරීමට කටයුතු යොදා ඇති බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පවසයි.
ජාඇල ප්‍රාදේශිය සභාවේ සභාපති චන්ද්‍රපාල මදුරප්පෙරුම මහතා පවසන්නේ දින 14 ක් ප්‍රාදේශීය සභාවේ සියලු කටයුතු නවතා ප්‍රාදේශීය සභා කාර්යාලය වසා දැමීමට කටයුතු යොදා ඇති අතර මන්ත්‍රිවරුන් සියලු දෙනාද නිරෝධායනය සදහා යොමු කර ඇති බවය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජාඇල ප්‍රා. සභාව වසා දමයි