ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සීදූව ප්‍රදේශයේ සංචාරයක නිරතවූයේය. සීදූව දවිසමර විද්‍යාලයේ ඉදිකරන ලද ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගෘහස්ථ ක්‍රීඩාංගණය විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා සීදූව ශාන්ත මරියා දේවස්ථානයට ගියේය. දෙසැම්බර් මාසයේ දී එම දේවස්ථානය 125 වැනි සංවත්සරය සැමරීමට සූදානම් වෙමින් තිබෙන ආකාරය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා එහි පැමිණ සිටි ප්‍රදේශවාසීන් පිරිසක් සමග සුහද කතාබහක ද නිරතවිය.
සීදූව සිරිසුගතාරාම විහාරස්ථානයේ අටවිසි බුද්ධ මන්දිරය සහ බෝධී ප්‍රාකාරය විවෘත කිරීමට සවස් කාලයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූයේය.
ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ මහා නායක දවුල්දෙණ ඥාණිස්සර හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ද ප්‍රදේශවාසී බෞද්ධ බැතිමත්හු රැසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.
රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා, අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් ද මේ සංචාරයට එක්ව සිටියහ.
ඡායාරූප - සුදත් සිල්වා ( ජනාධිපති මාධ්‍ය ඒකකය )
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ජනපති සීදූවේ සංචාරයක
පරාක්‍රම Thursday, 19 November 2015 05:04 PM
ජනාධිපතිතුමා දරුවාව අතගැවා විතරයිනේ, වඩාගෙන ලෝකෙට පෙනෙන්න බොරුවට ඉම්බේ නැතිඑක ලොකු දෙයක්. (ස)
සුසන්ත Thursday, 19 November 2015 05:42 PM
ළමයි අතගාන්න හෙම පටන් අරන් වගේ දැන් සිරිසේනත්..(ස).
නිශාන්ත Thursday, 19 November 2015 07:08 PM
සමහරුන්ට දැන් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මෙතුමා දරුවා සුරතල් කළ එක වගෙයි (නි)
ශානක Thursday, 19 November 2015 08:32 PM
දැන් වැඩ කිරීමට කාලයයි (නි)
තිලක් Thursday, 19 November 2015 10:17 PM
ඔබට ජය ජනපතිතුමනි! (නි)
මුනිප්‍රිය Thursday, 19 November 2015 11:51 PM
ඔබතුමාගේ නිහතමානීකම රටේ දියුණුවට ආභරණයක් (නි)