මහා මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය ජාතික ලැයිස්තුවට හිටපු විගණකාධිපති එස්.සී.මායාදුන්නේ මහතා ප්‍රධාන උගත් විද්වතුන් , නීතිවේදීන් , පරිසරවේදීන්,ජනමාධ්‍යවේදීන්, කලාකරුවන් ගෙන් සමන්විත පුද්ගලයන් 29 දෙනෙකු නම් කරනු ලැබ ඇත.
එම පක්ෂය විසින් සිය ජාතික ලැයිස්තුවට නම් කළ සෙසු පුද්ගලයින් වනුයේ නීතිවේදීන් වන ක්‍රිෂ්මාල් වර්ණසූරිය , උපුල් කුමරප්පෙරුම, මහාචාර්යවරුන් වන ඒ.ජේ.රුහුණු හේවගේ, මහාචාර්ය සුසිරිපාල මානවඩු,මහාචාර්ය කපිල පෙරේරා,ආචාර්ය කේ.එස්.චනද්‍රබෝස්, පරිසරවේදී සජීව චාමිකර , මාධ්‍යවේදී විනී හෙට්ටිගොඩ, කලාකරුවන් වන සරණපාල ජයසූරිය , අනුරුද්ධ ජයසිංහ,අනුර ශ්‍රීනාත් ඇතුළු පිරිසක්ද වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් මෙවර ඡන්දය පාවිච්චි කරන්න ඉන්නෙ ජනතා විමුක්ති පෙරමුණට.ජවිපෙ නැතිනම් අදටත් අපි පොලවේ පය ගහල ඉවරයි. (බ)
උගත් බුද්ධිමත් අයට තැනක්දෙන ජ වි පෙට රටේ එක ගෙදරකින් එක ඡන්දයක් වත් ලබාදෙන්න කාරුණික වන්න.ජවිපෙ ජය යනු රටේම ජයග්‍රහනයක් බව අවධාරනය කරගන්න. (බ)
රටේ ජනතාව මේ පක්ෂ 2 ට අවුරුදු 60 කට වැඩියෙන් රැවටුන ඒකේ තව එක පාරක් රැවටෙනවා කියල හිතලා ජවිපෙට මේපාර දීල බලන්න ඔබ බලාපොරොත්තුවෙන රට ජවිපෙ හදයි ඔබ ජන්දය නොදී දීල වැඩක් නැ කියල හිතන්න එපා එක පාරක් රැවටුනනට මොකද වෙන්නේ මෙච්චරකල් රැවටුන ඒකේ (බ)
මමත් 17 ට කලින් ලංකාවට එනවා මෙම විශ්වාස කළ හැකි, බලාපොරොත්තු තියා ගත හැකි, පක්ෂය වෙනුවෙන්ම මගේ ජන්දය පාවිච්චි කරන්න.(ම)
රටේ අනාගතය පිළිබඳ සිතනවා නම් අපේ ජන්දයට වැඩි වටිනාකමක් බලාපොරොත්තු වෙනවනම් දිය යුත්තේ ජවීපෙට තමා (ම)
ඔන්න මිනිස්සු. අනෙක් උන් දාන්නේ කුඩ්ඩෝ, එතනෝල් කාරයෝ, පිස්තෝල කාරයෝ, ගල් ගහන උන්. (බ)
උගතුන්ට තැන දීම ගොඩක් හොඳ තීරණයක්. (නි)
ජනතා අපේක්ෂා තේරුම්ගෙන එයට අනුකූලව කටයුතු කරනු ලබන ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් හට වැඩි පාර්ලිමේන්තු නියෝජනයක් ලබාදිය යුතුයි.උගත් බුද්ධිමත් අයට තැනක්දෙන ඔවුන්ට එක ගෙදරකින් එක ඡන්දයක්වත් ලබාදෙන්න. උගතුන් පිරිසක් සමඟ රට ඉදිරියට ගෙනයන්න අපි ඔවුන්ට සහය වෙමු. (නි)
ජනතා විමුක්ති පෙරමුණ පීඩිත අපගේ ආදරණීය පක්ෂයයි, රටට ආදරය උගත් තරුණ පිරිසක් ඉන්නෙ මෙතැනයි. කොල නිල් එලවා රතු කොල්ලො පාර්ලිමේන්තුවට යවමු. (ර)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා ලබා දීමේ දී ජනතා අපේක්ෂා තේරුම් ගෙන තිබෙන්නේ ජවිපෙ පමණක් බව ඒ ඒ පක්ෂයේ නාම යෝජනා ලැබූ පුද්ගලයින් දෙස බැලූ විට පැහැදිලි වේ. ජනතා අපේක්ෂා තේරුම් ගෙන එයට අනුකූලව කටයුතු කරනු ලබන ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් වැඩි ප්‍රමාණයක් පත් විය යුතුයි. (බ)
රටට ආදරය කරන සැබෑ මිනිසුන්ගේ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි. අපේ දේශයේ හෘදසාක්ෂිය! --- දිනේවා මවුබිම ශ්‍රී ලංකා --- (නි)
හෙට දිනේ රට බාර දෙන්න සුදුසුම අය ජවිපෙ .මට හැකි පමණින් මිනිසුන් දැනුවත් කර ඒ සඳහා මාවත සකසනවා .ජවිපෙ ඔබලාට ජයෙන් ජයම වේවා .මන්ද ඔබලාගේ ජයග්‍රණය අපේ ජයග්‍රහණයක් නිසා (බ)
රට විනාශ කල මිනීමරුවන් පිටු දකිමු. (නදී)
කව්රු මොනවා කීවත් රට බේරාගැනීමට ඇති එකම විකල්පය ජවිපෙ විතරයි. එනිසා අපේ යුතුකම ඉටු කරමු. (ස)
ජීවිත් පරිත්‍යාගයෙන් පක්ෂය බේරා ගත් හිටපු නායක සහෝදරයා අමතකද ? (නදී)
රටේබහුතරයක් ජේ.වී.පි හොද බව දන්නවා. නමුත් අපේ ජනතාව ඡන්දය දෙනකොට එක අමතක කරලා අයෙත් අමාරුවේ වැටෙනවා (ස)
අධිරාජ්‍ය ගැති රනිල්ට අගමැතිකම අරන් දෙන්න ජේ වී පී එක මරුනේ ඒ පක්ෂය හොඳ නැති නිසාද. මේවා බයිලා. මේ පාර ආසන 3 ලැබෙයි.(නදී)
මේ පක්ෂය විතරයි මේ රටට ආදරේ. සියලුම දෙනා එකතු වෙලා අපි යවමු රතු කොල්ලෝ කෙල්ලෝ ටිකක් රටට වැඩ කරන්න. (ම)
සන්ධාන ලැයිස්තුවට එහෙනම් ආටක නාටක නිලියෝ ටිකක් හොඳයි නේද? (බ)
විද්වතුන් පාර්ලිමේන්තුවට යැවීම ජනතාවගේ වගකීමකි, මෙම මැතිවරණයේදී ජනතාව ඒ වගකීම ඉටුකළ යුතුය. (බ)
මමත් මෙවර ඡන්දය පාවිච්චි කරන්න ඉන්නෙ ජනතා විමුක්ති පෙරමුණට. අනිත් ප්‍රධාන පක්ෂ දෙකම කරන්නෙ බොරුව බව පේනව. බලයට ආවට පස්සෙ දුන්න පොරොන්දු එකක්වත් ගැන තැකීමක් නෑ. බලයට ආපු වෙලේ ඉදන් බලන්නෙ හම්බ කරන්නෙ කොහොමද කියල. (බ)
ආටක නාටක නිලියෝ එහෙම නැද්ද සන්ධාන ලැයිස්තුවට? (බ)
අද වෙනකන් අපි කළේ හොරු රැලක්, කුඩු කාරයෝ රැලක්, එතනෝල් කාරයෝ, පවුල් බලය පත්කරලා නිහඩව බලා හිටපු එක. අද මේ දේ වෙනස් කළ යුතු දවස ඇවිත් තියෙනවා. උගතුන් පිරිසක් සමග රට ඉදිරියට ගෙනයන්න ජේවීපී එකට ජන්දය දිය යුතුයි. (බ)
අනිත් දෙකෙන් කවුරුන්ව දාවිද? අනර්කලීව එහෙම? (බ)
බුද්ධිමත් ශ්‍රී ලාංකිකයන්ගේ සතුටට හේතු වෙනවාට සැක නැත. කොළ පාට, නිල්පාට දේශපාලනය මඟින් වංචාව සහ දුෂණය ඉවත් කළ නොහැකි බව සහතිකය. එය ඉවත්කර ගැනීම රටේ දියුණුවයි. රටේ දියුණුව ජනතාවගේ යහපතයි. ජනතාවගේ නිවැරදි තේරුම් ගැනීම රටේ අනාගතය විය හැකිය. (බ)
අනේ අපිට නම් නිලියක් දෙකක් ඕනෙමයි. නැත්නම් අපි ඡන්දය දෙන්න නැහැ. උගතුන් මොකටද අපිට නේද? (බ)
ජයවේවා.අප ඉතාම අගය කරන සාධාරන අපක්ෂපාත රජ්‍ය සේවකයෙක්. (බ)
මෙයාල එයාලව ඉස්සරහට දාලා ගොඩ යන්න වගේ හදන්නේ (ම)
මුන් ඔක්කොම හොරු මමත් මෙදා රතු සහෝදරයන්ට ,මොනවා නැතත් එයාල පක්ෂේ දාල යන්නේ නැහැ , අවුරුදු පහම එක තැන ඉන්නවා (බ)
අපි මෙදා ජනතා විමුක්ති පෙරමුණ බලවත් කරමු, එතකොට දුෂ්ටයෝ, අධමයෝ විසිවේවී. අපේ රටට පාලනයේ වෙනසක් අවශ්‍යයි. අපට ගැලපෙන ඡන්ද ක්‍රමයකුත් අවශ්‍යයි. (බ)
අනාගතය කලින් දකින, එඩිතරව තීරණ ගතහැකි, මිල මුදලට තනතුර පවා නොදෙන, එක ප්‍රතිපත්තියක සිට අදහස් ප්‍රකාශ කරන ලංකාවේ එකම පක්ෂයට වැඩි පාර්ලිමේන්තු නියෝජනයක් ලබා දීම රටේ ජයග්‍රහණයක් බව අමතක නොකරමු. (බ)
ගොඩක් හොද වැඩක් (ම)
කව්රු කොහොම කිව්වත් රටට ආදරේ කරන එකම පක්ෂය මේක විතරයි. එහෙම පක්ෂයක් වෙනුවෙන් ජන්දේ දෙන්න (ම)
කවදත් හොඳදේ කරන පක්ෂයට මෙවර සහයෝග වැඩිවෙයි . ජයවේවා ජයවේවා ! (බ)