‘අද පක්ෂය තහනම් කළොත් හෙට ආයුධ ගන්නවා.‘ යැයි අද (12) පැවැති දකුණු පළාත් සභා රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නලින් හේවගේ මහතා පැවසීය.
හත්වැනි දකුණු පළාත් සභාවේ තුන් වන සැසි වාරයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්ව කතා කරමින් සිටියදී මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.
මන්ත්‍රීවරයා කතා කරමින් සිටියදී ග්‍රාම සංවර්ධන හා ක්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා ඇතුළු ඒ ජී සී පියසිරි, සමන් කුමාර, චම්ලි විතානාච්චි, විජය වීරසිංහ, සම්පත් අතුකෝරල යන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු දිගින් දිගටම බාධා කරමින් ඝෝෂා කරන්නට වූහ. එහිදී නලින් හේවගේ මහතා සහ එම පිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවිය.
සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිස අසූ අට අසූ නවය කාලයේ සිද්ධීන් සිහිපත් කරමින් බාධා කළ අතර එම අවස්ථාවේ ඉතා උද්වේගකරව කතා කරමින් සිටි නලීන් හේවගේ මහතා ‘ඔව් අද පක්ෂය තහනම් කළොත් හෙට ආයුධ ගන්නවා.‘ යනුවෙන් පැවසීය.
පසුව මූලාසනයේ සිටි නියෝජ්‍ය සභාපතිවරයා ඇමතූ නලීන් හේවගේ මහතා තමාගේ දීර්ඝ කතාවේ එවැනි ප්‍රකාශයක් කියවුණ අකර එය මාධ්‍යවල වැරදි විදියට පළ වීමට ඉඩ තිබෙන නිසා එම ප්‍රකාශයට සාධාරණයක් ඉටු කරන දෙන ලෙස ඉල්ලා සිටියේය.
මේ පිළිබඳව කළ විමසීමක දී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කීවේ දකුණු පළාත් සභා මන්ත්‍රීවරයා කියා ඇත්තේ 1989දී අයුධ අතට ගැනීමට සිදුවූයේ ජවිපෙ තහනම් කළ නිසා බවයි. එසේ නැතිව ඉදිරියේදී ජවිපෙ ආයුධ අතට ගැනීමක් ගැන එම මන්ත්‍රීවරයා කියා නැතැයි ද හේරත් මහතා කීවේය.
‘‘අපේ පක්ෂය 88/89 ත් තහනම් කළා. අද තහනම් කළොත් හෙට ආයුධ අතට ගන්නවා.‘‘යනුවෙන් නලීන් හේවගේ මහතා පැවසූ බව අපේ මාධ්‍යවේදියා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම අවස්ථාවට අනුව මේ ප්‍රකාශය නිවැරදි වුනත්,පක්ෂයේ ඉදිරි ගමනට එය යම් පාඩුවකි. ජ. වී.පෙරමුණ ගැන අද ජනතාව තබා ඇති විශ්වාසය ආරක්ෂා කර ගැනීම එහි ක්‍රියාකාරීන්ගේ වගකීමය. (බ)
ජවිපෙ ධනවාදී පාලකයන්ගේ ඔඩොක්කුවේ ඉඳගෙන තමයි බොරුවට පීඩිත ජනතාව රවට්ටන්න ඔය වගේ කතා කියන්නේ. මේ ගොල්ලෝ දැන් කරන්නේ මොකක්ද කියලා අපි දන්නවා (නි)
මේවට මොනවගේ උත්තර දෙන්නද කියලා හිතාගන්න බැහැ (නි)
89 කාලයේ මාගේ හොඳම මිතුරා බේකරියක් කරලා , ඔහු විසින්ම පාපැදියේ පාන් දමා විකුනන්න ගිය අවස්ථාවේ , ජේ වී පි ත්‍රස්තයෙක් ඔහුට වෙඩි තබා මරලා , කොලයක මෙසේ ලියලා ගිහින් තිබ්බ , ජේ වී පි එක එදා සියලු කඩ වසන්ට අණ කළාලු , එහෙත් මගේ මිතුර පාන් විකුණන නිසා මරා දැම්මා , එදා ජේ වී පි කැලේ නිතිය එසේ , ආපහු ආයුධ ගන්නවා කියන්නේ තව කියක් අහිංසකයන් මරන්නද ? (බ)
88,,89 කාලේ දාපු සෙල්ලම් දැන් දාන්න හිතන්න එපා මහත්තයෝ ..රටේ සම්පත් විනාශ කළාට ජේ.වී.පි ය තහනම් කරලා විතරක් මදි. වුන අලාබයත් අය කරගන්න ඕනි..(බ)
මෙහෙම පක්ෂ දෙකට රැවටෙනවට වැඩ හොදයි ආයුධ අරගෙන හරි නියමිත පාලනයක් ඇති කරගන්නවා (බ)
කලිනුත් ආයුද අතට අරන් කොච්චර විනාශයක් කරාද. (හේ)
දුප්පත් මිනිස්සුන්ට බදු බර පටවල තුප්පහි දේශපාලකයෝ සැප වාහන ගනිද්දී ආයුද අතට ගන්න කාලය හරි කියල හිතෙනවා. (බ)
කවුද අනේ මේගොල්ලන්ට සහාය දෙන්නේ. තමන්ගේ නායකයා එදා මරුනේ කොහොමද කියල දැන් මේ අයට මතක නැහැ. මේක තහනම් කරන්න ඕනේ නැහැ ජනතාව අවසන් ජන්දෙදි දිය කරලයි තියෙන්නේ. (බ)
ජ.ව්.පෙ.සහෝදරවරුනි, හීනෙන්වත් අායෙත් එහෙම හිතන්න එපා.71 සහ 89 ඉපදිලා හිටපු නැති ජ.වී.පෙ නායකයෝ අද ඉන්න බැහැ. ඔක්කොම පරණ අය. ඔයාලට අමතක වුනාට අපිට අතීතය මතක් වෙද්දී ඇඟ හිරිවැටෙනවා. ටයර් සෑය ,පිටිපස්සට කටුකම්බි බස්සපුව. ඔලු කම්බි වැටවල. මේ ඔක්කොටම මූණ දුන්නේ අහිංසක පාක්ෂිකයෝ. අවසාන ප්‍රතිපලය මොකක්ද. (බ)
නියමයි ,බටහිර රටවල් බලන් ඉන්නේ ලංකවේ තවත් සිරියාවක් හදන්න අවස්ථාවක් එනකන් ,ජේවීපී වගේ කට්ටිය තමයි ඒ අයගේ එකම පැතුම (බ)
ඔව්, එහෙම පක්ෂ තහනම් කරන්න පුලුවන්ද (බ)
දැනටත් සමහරු ජේ වී පි එකේ ආයුධ සන්නද්ධව ඉන්නේ ඡන්ද කාලෙට ඒ අය එළියට බහින්නේ වෙස් මුහුණු බැඳන් , කොහොම වෙතත් ඡන්දයෙන් පත්වන රජයක් පෙරලීමට ආයුධ ආරන් එන්නේ ත්‍රස්තවාදීන් , ඒ ක්‍රමය අද ලෝකට කාලෙට ගැලපෙන්නෙත් නෙහැ , ආයුධ අතට ගෙන වුණු හරිය අතීතයේ පෙනුනා නේද ? (බ)
බොල තරුණයිනි ආරක්ෂා වෙයල්ලා, අපි දන්නවා බොරු විප්ලවවාදින්ගේ තරම. (බ)
අපි ඔබට සහාය දෙනවා. (බ)
මගේ සම්පුර්ණ සහයෝගය දනින් වැටී මිය යනවාට වඩා දෙපයින් සිට මිය යාමයි (ම)
හලෝ තාම උඩුගම්පල මැරිලා නෑ, මතකනේ ඉතිහාසේ නිකන් රටකන්න හදන්න එපා "ජවීපෙ" මහත්වරු. ආයේ ලයට් කණු ගානේ මිනිස්සු ගැටගහ ගහ ඉන්න කාලයක් තවත් ඕනා නෑ නලින් හේවගේ මහත්තයෝ. (අ)
හලෝ ආයේ තණකොළ කන්න ලෙහෙස්තිවෙන්න එපා, ඒ දවස්වල තාප්පවල කොළ කොටි ලියා තිබුනා "දනින් වැටී මිය යනවාට වඩා දෙපයින් හිටගෙන මුත්‍රා කිරීම උතුම්ය කියා" (අ)
හේවා, ජවිපෙ අදහන අය කැමති විධියකට, දනින් වැටී හෝ දෙපයින් බැරිනම් තනි කකුලෙන් මියගියත් ප්‍රශ්නයක් නැහැ .නමුත් ජවිපෙ අදහස් අනුමත නොකරන අනිකුත් මිනිසුන්ට තියන ජීවත් වීමේ අයිතිය, නැති කරන්න ඔව්නට නැවතත් ඉඩ නොදිය යුතුයි . (අ)
මගේ හිතේ ආපහු ගරාජ් බාස් කෙනෙක් වෙන්න හිතේ ඇති .(අ)
වහල් බව මකා දමා නිවහල් මිනිසුන්ට මිනිසත්කමට සිටිය හැකි සැබෑම ශ්‍රී ලංකාවක් සදහා ඔබ ඇතුළු පිරිස ගෙනයන සටනට අපේ ආශීර්වාදය (අ)
මොනව වුනත් මේ ප්‍රකාශය නම් බරපතල වැඩි නේද, ලොකු ගමනක් ඔයාලට යන්න තියනව මෙහෙම ප්‍රකාශ එ්ගමනට බාධාවක්. (බ)
ඔව් අපි ඔබ සමග, මේ හොරු එළවියහැකි එකම ක්‍රමය මෙයයි (බ)
ඔව්... ඉතින් ඒකෙ ලොකු දෙයක් නෑ.. අද වෙද්දි ලංකාවෙ ඉන්න මුස්ලිම් අන්තවාදීන් ආයුධ අරන් ඉන්නෙ... හෙට අනිද්දම ඒක දැකගන්න පුලුවන් වෙයි දෙමල බෙදුම්වාදීන් ආයුධ අරන් ඉන්නෙ... උන් අරන් ඉන්නෙ මේ වගෙ කියල නෙමෙයි.. වෙනස තියෙන්නෙ ජ වි පෙ ආයුධ ගන්න යන්නෙ කියල... එච්චරයි. (බ)
මගේ සම්පුර්ණ සහයෝගය (හේ)
පක්ෂ දෙක දෙගොල්ලන්ට ඇඟිලි දික්කර දික්කර ඉන්නවා විතරයි. කරන හොරකන් වලට දඬුවන් නෑ. (හේ)
අම්මෝ බය හිතෙනවා.(හේ)
මේ අය කියවනවා විතරයි.(හේ)
අපි සැවොම සහයෝගය ලබාදිය යුතුය. ධනවාදී පාලකයින් අතු ගා දමා නිදහස් රටක් ගොඩනගන්නට (හේ)