ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, ජේතවන බෞද්ධ විහාරාධිපති මුරුංගාගස්යායේ ඤාණිස්සර මාහිමිපාණන් වහන්සේ විසින් මිද්දෙණිය ග්‍රාමීය රෝහල් පරිශ්‍රයේ ඉදි කරවන ලද වාට්ටු සංකීර්ණය 2016.06.25 වන දින ප:ව 6.00 ට ජනතා අයිතියට පත් කෙරේ. එදිනම රාත්‍රී 8.30 සිට අභිනව වාට්ටු සංකීර්ණය තුළ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශණාවක් ද පැවැත් වේ.
රණවිරුවන් සිහි කිරීමේ අරමුණින් ඉදි කළ මෙම වාට්ටු සංකීර්ණය ඇඳන් 20 බැගින් වූ කාන්තා හා පිරිමි වාට්ටු දෙකකින් ද, භික්ෂුන් වහන්සේලා සහ සිල් මාතාවන් සඳහා වෙන වෙනම ඇඳන් 2 බැගින් වූ කාමර දෙකකින් ද, රෝගීන්,වෛද්‍ය, හෙද හා අනෙකුත් කාර්ය මණ්ඩලයන් සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් ද සමන්විත වේ.
ජූනි 26 වැනිදා දින පෙ:ව 8.30 සිට ප:ව 2 .30 දක්වා මිද්දෙණිය හා අවට ප්‍රදේශ වාසීන් වෙනුවෙන්, විෂේශඥ වෛද්‍යවරුන්ගේ ද සහභාගීත්වයෙන් නොමිලේ වෛද්‍ය සායනයක් පැවැත් වේ. එහි දී ස්නායු රෝග, හදවත් රෝග, අක්ෂි රෝග දියවැඩියා රෝග ළමා රෝග සහ දන්ත රෝග පිළිබඳව විශේෂ අවධානය යොමු කරන අතර, මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි පදනම මගින් එදින සහභාගි වන රෝගීන් සඳහා නොමිලයේ ඖෂධ සහ ඇස් කණ්ණාඩි ලබා දීමට ද කටයුතු කෙරේ. ලේ දන්දීමේ පින්කමක්ද එදින පැවැත්වේ.
26 වැනිදා පැවැත්වෙන වෛද්‍ය සායනයට තම දායකත්වය ලබා දෙන ලෙසට මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි පදනමේ ශිෂ්‍යත්ව ලාභී වෛදවරුන් වෙතින් කාරුණික ඉල්ලීමක් ද එම පදනම මගින් සිදු කෙරේ. ඊට දායකත්වය ලබා දීමට කැමති වෛද්‍යවරුන් 2016.06.20 දිනට පෙර වෛද්‍ය චාමර සුරංග 0777609991 දුරකථන අංකයට ඒ බව දැනුම් දීම මැනවැයි පදනමේ ගරු ලේකම් පූජ්‍ය කිරින්දේ පේමසිරි හිමියෝ දන්වා සිටිති.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඤාණිස්සර හිමිගෙන් මිද්දෙණියට රෝහලක්
එම්. ගුණානන්ද හිමි Saturday, 11 June 2016 03:55 PM
මහණෙනි, යමෙක් මාගේ අවවාදය අගය කරන්නේ නම් ඔහු ගිලනුන්ට උපස්ථාන කරන්නේය නම් උතුම් බුදු වදන තම දිවිය කොටගත් නාහිමියන්ට තෙරුවන් සරණින් දිගාසිරි ලැබේවා....!!! (නි)