(ජේ.කේ.එල් චාමින්ද, ජී. ඩබ්. කේ. ප්‍රේමතිලක සහ රවී ලියනගේ)
උඩුගම කොතලාවල ඇල්ල ප්‍රදේශයේ දි සතුන් දඩයම් කිරීම සදහා යමින් සිටි තිදෙනෙකු බෙහෙත් කොටන තුවක්කු 8ක්, මත්පෙති ඇතුළු උගුල් ඇටවීමේ මෙවලම් සමග අත්අඩංගුවට ගත්බැව් උඩුගම පොලිසිය පවසයි.
කොතලාවල ඇල්ල කැළෑබද ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් මෙකි සැකකරුවන් තිදෙනා උඩුගම පදිංචි වයස අවුරුදු 27,23 හා 48 වියේ පසුවෙති.
මොවුන් සතුන් දඩයම් කිරිම සදහා සුදානමින් සිටින බවට උඩුගම පොලිසියේ විශේෂකාර්යංශ නිලධාරියාට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන ඇත.
මෙකි සැකකරුවන් සන්තකයේ තිබී බලපත්‍ර නොමැති බෙහෙත්කොටන තුවක්කු 8ක් සමග, මරුඋගුල් අටවන, බෙහෙත් කොටන තුවක්කු සදහා යොදාගනු ලබන වෙඩිබෙහෙත් ග්රැම් 100ක්, අහස්කූරු, ඊයම්බෝල, කිනිසි 02ක්, මත්පෙති 08ක් පොලිසිය සොයාගෙන ඇත. සැකකරුවන් දෙදෙනෙකු ළග තිබි ගංජා මිලිග්රැම් 2,200ක් ද තිබී ඇත.
කාලයක් තිස්සේ මොවුන් සතුන් දඩයම් කිරීම සදහා බෙහෙත්කොටන තුවක්කු යොදාගෙන ඇතිඅතර, අත්අඩංගුවට පත්වු එක් සැකකරුවකු මීට පෙරද බලපත්‍රයක් නොමැති බෙහෙත් කොටන තුවක්කුවක් සමග පොලිසියට හසුවු අයෙකු බවද පොලිසිය පවසයි.
සැකකරුවන් තිදෙනා අද (16) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
(ඡායාරූප - රවී ලියනගේ)
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දඩයමේ ගිය තිදෙනෙකු තුවක්කු 8ක් සමඟ අත්අඩංගුවට