(ප්‍රියාණි මංගලිකා)
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 03ක් අඩියක් දක්වා අද (11) පෙරවරුවේ විවෘත කිරීම හේතුවෙන් දැදුරුඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින්, පහත් බිම්වල වෙසෙන පිරිසට අවධානයෙන් සිටින ලෙස නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනතාවට දැනුම් දෙයි.
සති දෙකක පමණ කාලයක සිට ප්‍රදේශයට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් ජලාශයේ ද ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙලෙස වාන් දොරටු විවෘත කිරීමට නිලධාරීන් පියවර ගෙන ඇත.
මෙමගින් තත්පරයට ඝන අඩි 6200ක් දැදුරුඔයට මුදා හැරෙන අතර එය මේවන විට ගංවතුර තත්වයක් නොවුනද , මේ වන විටත් ප්‍රදේශයට වැසි ලැබෙමින් පවතින බැවින්,පවතින ජල මට්ටම වෙනස් විය හැකි බවද , නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන්දර මහතා සඳහන් කළේය.
විශේෂයෙන් දැදුරුඔය ආශ්‍රිතව සත්ව පාලන කටයුතු සිදු කරණ පුද්ගලයන් දැදුරුඔය භාවිතා කිරීමෙන් වලකින ලෙස හා ගවයන් ආරක්ෂා කර ගැණිම පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම ග්‍රාම නිලධාරීන් මගින් සිදුකරණ බවද ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.
තවදුරටත් ප්‍රදේශයට වැසි ලැබෙමින් පවතින බැවින් දැදුරුඔයේ ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් යම් ආපදා තත්වයක් ඇති වුවහොත්, එයට මුහුණ දීම සඳහා ග්‍රාම නිලධාරීන් ,ආපදා නිලධාරීන් සහ අදාල නිලධාරීන් සියලු දෙනා දැනුවත් කර ඇති බවද නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කලේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු තුනක් අරී