(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරු ඇතුළු සේවක හිඟය නිසා රෝගීන් මෙන්ම දැනට සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු සියළු සේවකයන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව සේවකයෝ පවසති.
දඹුල්ල රෝහලේ වෛද්‍ය හිඟය පිළිබඳව අප රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ගාමිණී සේනානායක මහතාගෙන් විමසීමේදී සේවක හිඟය පිළිබඳව හෙළිදරව් කරගැනීමට හැකියාව ලැබිණි.
එම වාර්තා අනුව දඹුල්ල රෝහලේ දැනට වෛද්‍යවරුන් 58 සේවය කරති. වෛද්‍යවරුන් 25ක පමණ එහි හිඟයක් පවතී. එමෙන්ම රෝහලේ හෙද හෙදියන් ප්‍රමාණය 178 කි. එහි හිඟය හෙද හෙදියන් 40කි. රෝහලේ දැනට සේවය කරන සුළු සේවකයන් පිරිස 110 කි. තවත් සුළු සේවකයන් 70ක් පමණ හිඟයක් පවතී . එමෙන්ම අතුරු වෛද්‍ය සේවය සඳහා ද 20 පමණ හිඟයක් පවතින බව අනාවරණය වෙයි.
දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි ගාමිණී සේනානායක මහතාගෙන් විමසීමේදී මෙම පුරප්පාඩු පිළිබඳව හෙළිදරව් විණි. ඒ අනුව සියළු වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය 150 කටත් වඩා හිගයක් පැවතෙද්දී දඹුල්ල රෝහල මේ ආකාරයෙන් පවත්වාගෙන යන බව රෝහල් සේවකයෝ පවසති.
දඹුල්ල රෝහලෙන් දිනකට බාහිර රෝගී අංශයෙන් පමණක් එක්දහස් පන්සියයකට වඩා රෝගීහු ප්‍රතිකාර ලබති. එමෙන්ම අනුරාධපුර පොලොන්නරුව මාතලේ කුරුණෑගල ත්‍රිකුණාමලය ආදී දුර බැහැර දිස්ත්‍රික්කවල බෝහෝ රෝගීන් දඹුල්ල රෝහලින් ප්‍රතිකාර ලබා ගන්නා බව රෝහල් සේවකයෝ පවසති.
නේවාසික රෝගීන්ට පවතින ඉඩකඩ අවම වීම නිසා නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් එක ඇඳේ දෙදෙනා තුන්දෙනා බැගින් ප්‍රතිකාර ලැබීම ද මෙහි තවත් විශේෂත්වයකි.
රෝහල් සංවර්ධන කමිටු සාමාජිකයකු කියා සිටියේ සංවර්ධන කමිටුව රැස්වී මේ පිළිබඳව මැතිඇමතිවරුන්ට බලධාරීන්ට මාධ්‍ය හරහා පවා දැනුම් දුන්න ද අවසානයේදී සිදුවන්නේ මැතිඇමැතිවරුන් දඹුල්ල රෝහලේ නිරීක්ෂණ චාරිකා වලට පැමිණ මාධ්‍ය සංදර්ශන පවත්වමින් යන බවය. ඔවුන් කිසිදු ආකාරයකින් දඹුල්ල රෝහලට අඩුපාඩුවක්ව පැවති මානව සම්පත ලබා නොදෙන බවද ඔහු පැවසීය.
දඹුල්ල රෝහල නවීන රෝහලක් බවට පත් කිරීම සඳහා මේ වන විටත් රජයේ අවධානය යොමු වී තිබෙන බවත් කඩිනමින් නව රෝහල් සංකීර්ණයක් දඹුල්ලේ ඉදිකිරීමට නියමිත බව පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය පැවසුවාය.
රෝහල්වල පවතින මානව සම්පත් හිඟය පිළිබඳව මේ වන විට ඉහළ බලධාරීන්ට තමන් දැනුම් දී ඇති බවද ඇය වැඩිදුරටත් කීවාය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දඹුලු රෝහලේ රෝහල්කාර්ය මණ්ඩල හිඟයෙන් රෝගීන් අසීරුවට