(විනීතා එම් ගමගේ)
දිවුලපිටියේ නගරයටම ඇත්තේ එකම එක ඖෂධ අලෙවි සැලක් පමණක් බවත් ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවක දී පවා දිවුලපිටියේ ඖෂධ අවශ්‍ය සියලු දෙනාට එහි පැමිණ ඖෂධ ලබා ගැනීම ප්‍රායෝගික නොවන බවත් ජවිපෙ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පෙන්වා දෙයි.
මෙවැනි ප්‍රශ්න ගණනාවකට ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය පවතිද්දී ජනතාව මුහුණ දෙන බව ද මන්ත්‍රීවරයා කියයි.
නිරෝධායනයට ලක්ව සිටින පවුල් සඳහා ආහාර හා අත්‍යවශය ඖෂධ වර්ග ලබා දීමේ ක්‍රමවත් වැඩ පිළිවෙලක් ආණ්ඩුව මැදිහත්වී ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ද ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා පෙන්වා දෙයි.
මේ වනවිට බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර ඇඳිරි නීතිය ඉවත් කළද ගම්පහ ඇතුළු පොලිස් කොට්ඨාස ගණනාවක දිගටම ඇඳිරි නීතිය පවත්වාගෙන යන බව රජය නිවේදනය කර ඇතැයි පෙන්වා දුන් හේරත් මහතා ආහාර මෙන්ම ආහාර පාන ලබා ගැනීමට මුදල් ද බහුතර පිරිසකට නැතැයි පෙන්වා දුන්නේය. විශේෂයෙන් නිරෝධායනය කර සිටින පවුල් සඳහා ආහාර මල්ලක් දුන්නත් එය ප්‍රමාණවත් නොවන බවත් ඔවුන් ගේ පවුල්වල සාමාජිකයන්ට අවශ්‍ය වන ඖෂධ ලබා ගැනීම විශාල ප්‍රශ්නයක් වී ඇති බවත් හෙතෙම කියා සිටියේය.
මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ සහන සේවාවන්හි තත්ත්වය පිළිබඳව ලංකාදීප කළ විමසීමක දීය.
කොවිඞ් අරමුදල යොදාගෙන සමෘද්ධී නිලධාරින් හා ග්‍රාම නිලධාරින් හරහා මේ ප්‍රශ්නවලට පිළිතුරක් සකස් කළ යුතු යැයි ද හෙතෙම සඳහන් කළේය.
ඇඳිරි නීතිය මධ්‍යයේ ගම්පහ දිස්ත්‍රික්කයට සතියට දින දෙකක් කඩසාප්පු අරින්නට තීරණය කර ඇතත් එසේ විවෘත කළ කඩවල් වල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නැතැයි නිරික්ෂණය කළ බව පැවසූ හේරත් මහතා සුපිරි වෙළඳසැල්වල පවා පාරිභෝගිකයන් පෝලිමේ සිටිය දී භාණ්ඩ ඉවර වන බවත් සතොස හා සමුපකාරයේ තත්ත්වය ද මෙයම බවත් පැවැසීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දිවුලපිටියටම එක ඔසුසැලයි