ධාතු වන්දනා වැඩසටහන් පසු පස ගොස් නිවන් දැකිය නොහැකි බවත්, මිත්‍යා විශ්වාස පසු පස හඹා නොගොස් විපස්සනා වඩා නියම බෞද්ධ දර්ශනය ජීවිතයට එකතු කර ගත යුතු බවත් බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමවාසී පිටිදූවේ සිරිධම්ම හෙවත් සිරි සමන්තභද්‍ර හිමියෝ කියති.
අද වැඩිපුර ඇත්තේ ලේබල් බෞද්ධයන් බවත්, ලේබල් බෞද්ධයකු නොවී නියම බෞද්ධයකු විය යුතු බවත් ඒ හිමියෝ පවසති.
පොසොන් පොහොය වෙනුවෙන් සිරිධම්ම හිිමියන් කළ ධර්ම දේශනය පහත වීඩියොවෙන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හාමුදුරුවෝ නේද උන්වහන්සේගේ උපන්දිනේට මස් මාංශ උයලා ගේන්න කිවේ? (නදී)
සමිරු සංජීවගේ අදහසට මම එකඟයි. අපි හැමෝම බෞද්ධයෝ විදියට එක පාරටම විදර්ශනා වඩනවා කියන එක හීනයක්.ආමිස පුජා ප්‍රතිපත්ති පුජාවන්ට ගිහියන් නැඹුරු කරවමින් විදර්ශනාවන් වැඩීමට ප්‍රථම මිනිස් සිත් තුල මෛත්‍රිය කරුණාව දයාව ඇති කරවීමට කටයුතු කරන්න.දැන් සමහර භික්ෂුන්ට වඩා අපේ ගිහි ජනතාව සුපේෂලයි, ශික්ෂාකාමියි. අපි භික්ෂුවකගෙන් දකින සංයමය දැන් භික්ෂුවගෙන් ගිලිහිලා ගිහින්. (බ)
පිරිසිඳුම වෙනස් නොවන විද්‍යාව... දහම... ලොවටම දෙන්න ඉතුරු වූ ලක් මාතාවේ සඟ රුවනට මෙහෙම වෙන්නේ ඇයි කියලා සොයන්නවත් පෙර පින් ඇති සැමට සිත් පහල වේවා. අවසන් නෞකාව බවම පේනවා ගොඩ නොවුනොතින්. කොමන්ට් ලියන අය ගැන හිතුවම. (බ)
සමිරු සංජිව හැමදාම මිනිස්සු භෞතික දේවල් පස්සේ පොරකමින් වැඳ වැටෙමින් දර්මය අවබෝදයක් නැතුව දුවනවා (නදී)
හාමුදුරුවනේ මම දන්නා විදිහට අපි ධාතු වන්දනාවෙන් බලාපොරොත්තු වෙන්නේ ශ්‍රද්දාව සහ පින. හැමෝටම මෙන්න මම නිවන් ගියා කියල නිවන් දකින්න බැහැ. එ්කට ආත්ම ගණනක පෙරුම් පුරන්න ඕනේ පින ඕනේ හාමුදුරුවනේ බුද්දහගම විකුර්ති කරන්න එපා (නදී)
මේ ලගදි මම දැක්ක ධාතු වන්දනාවට පෝලිමේ ඉන්නකොට සිදුවෙන දේවල් දැකපු කෙනෙක් හොඳ කවි ටිකක ලියල තිබුන බ්ලොග් එකක. එකේ හැටියට නම් ඒ පෝලිම සෙනග පිරිණු ප්‍රයිවට් බස් එකක් වගේ. (නදී)
වර්ෂ 2006 දී අතිපූජනීය මහනුවර වජිරබුද්ධි යතිවරයාණෝ විසින් ගෙෳතම බුදුරජාණන් වහන්සේ විසින් දේශිත නිර්මල බුද්ධ දේශනාව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවය ඔස්සේ විකාශනය වූ වැඩසටහන් මාලාවකින් සාකච්ඡාවට බඳුන් කෙරිනි. උන්වහන්සේ ද මෙවන් අදහස් පල කලේය. උන්වහන්සේගේ දේශනා ශ්‍රවණය කිරීමට ගූගල් වෙත පිවිස මහනුවර වජිර බුද්ධි ස්ථවිරයන් සර්ච් කරන්න (නදී)
අප බුදුන් වහන්සේට සැදැහැවත් සිතින් පූජා කරන මල් පෑගීමේ පොටෝ එක දුටුවෙමි. එය හදවතට ශෝකය දන වන්නකි. (නදී)
ඔබ කියන ආකාරයට ධර්මයක් නැති අය සත්තු වගේ නම් සතුන් කාටවත් තණ්හාව, වෛරය,ක්‍රෝධය,ලබන ආත්මයේ ඇමරිකාවේ හොලිවුඩ් වල උපදින ආශාවන් නොමැත. ඒ නිසා මමත් කිසිම ධර්මයකට අලි ගැලී නොසිටිමි.(නදී)
ඕවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට කියල කොහේදෝ තිබුන මට මතකයි (නදී)
ධාතු වන්දනාව හොද නෑ කියන මේ හිමියන් මස් මාන්ස සහිත බුෆේ වන්දනාව කරන්නේ ඇයි කියලා කියනවා නම් අගෙයි. බුදුන් වහන්සේ පිලිබදව සාමාන්‍ය මිනිසුන්ගේ ශ්‍රද්ධාව වර්ධනය වෙන්නයි මේ ධාතු වන්දනා කරන්නේ. ඒක මේ වහන්සේට තෙරුම් ගන්න බැරිද? වන්දනාවෙන් පමණක් නිවන් දකින්න බෑ කියලා අපි දන්නවා. බොරුවට අහිංසක මිනිසුන් රවටන්න තමන් රහත් කියලා කීමම මහා අකුසලයක්. (නදී)
මෙතන ප්‍රශ්නේ තියෙන්නේ පින් කරන එක නෙවේ. පින් කරනවානම් ඕනේ තරම් වැඩ බුදුන් වහන්සේ කියලා දීල තියනවා. අනික උන් වහන්සේ කිවේ ප්‍රතිපත්ති පූජාවක් කරන්න කියලා මිසක් අන්ධ විස්වාස පස්සේ දුවන්න කියලා නෙවේ.. ඔය ධාතු වන්දින්න එන අයට එතැනින එහාට දෙයක් කියලා දෙන්න දන්නේ නැද්ද.? (ර)
කෙනෙක්ට බුදුන් කෙරේ සිත පහදවා ගැනීමට ධාතුන් වන්දනා කලට කමක් නැ කියලයි මට හිතෙන්නේ. ධාතුන් වැන්ද පමිනින් නිවන් දකින්න බැරි බවටනම් මමත් එකඟයි. (ර)
ධාතුන් වහන්සේලා වැඳ පුදා ගැනීම මහත්පලයි මහානිසංසයි. දෙවිවරු පවා මේ පුණ්‍යකර්මයට සහභාගි වී පින් රැස් කර ගනිති. ධාතුන් වහන්සේලා අහසට පැන නැගී පෙළහර පෑ ඇති සැටියෙන්ම මෙහි ඇති අනුභාව සම්පතිය මොනවට පැහැදිලිවේ.(බ)
බුද්ධ දර්ශනයේ යතාර්ථය අනුව ධාතු වන්දනා, බෝධි වන්දනා, ආමිස පුජා හුදෙක් මානසික සුවය පිණිස පමණි. කල යුත්තේ ප්‍රතිපත්ති පුජාවයි. ප්‍රතිපත්ති පුජාවෙන් අධ්‍යාත්මික මානසික සුවය සහ නිවන් සුවයත් ලබා ගන්න පුළුවන් (නදී)
සිතක සර්ධාව ඇතිවෙන අවස්ථාවේ එම සිතේ ලොබ දේවේශ මෝහ අකුසල් සිත් ඇතිවන්නේ නැත. පුද්ගලයෙකුට විනාඩි පහක් තුනුරුවන් කෙරේ විශ්වාසයෙන් යුක්තව හටගත් සර්ධාව කුසලයටම හේතු වෙනවා. සර්ධාව සිතේ ඇති වෙනවිට සිතට දැනෙන සැහැල්ලු සුවය පිනය. එහි ප්‍රතිපලය කුසලයි මෙය කුසලකර්මය බවට පත් වේ. සංසාරේ අපි ඕනෑතරම් ‘ධාතු වන්දනා, චෛතිය වන්දනා, පිළිම වන්දනා, බන ඇසීම කරලා ඇති . එකයි අපි බෞද්ධ වෙලා ඉපදුනේ ඉතින් දැන් අපට සත්‍ය වශයෙන්ම කාලය ඇවිල්ලා විපස්සනා වඩන්න . මොකද අපේ ඊලග උප්පත්තියේදී බුදුදහම බුද්ධ ධර්ෂණය ලෝකේ නැති වෙන්න පුළුවන්. (ර)
ඔබ වහන්සේ හරියටම හරි. (බ)
මාධ්‍ය ආයතන ධාතු පෙන්න පෙන්න මාකටින් වෙනවා . අද තියෙන්නේ බුදු දහම යොදාගෙන ජනප්‍රිය වීම මිසක , බුදුදහම ජනප්‍රිය කරවීම නොවේ (බ)
ඇයි? මාධ්‍ය දොර වසන්න කොයිතරම් පිරිසක් බලා සිටිනවාද? මෙවන් දහමක් ශ්‍රවණය කරන්නට ඔබලාගේ මේ උත්සාහයට අපි ගරු කරන්නෙමු. අනෙකුත් මාධ්‍ය වලටත් නුවණ පහළවේවා!! (නි)
මම බෞධයෙක් නෙමෙයි. නමුත් මම බෞධාගමට ගරුකරනවා. මම අහන්නේ ධාතුන්වහන්සේලා වැඳලා මිනිස්සුන්ගේ සිත් තවත් බෞධාගමට ලංවෙනවා. සිත ශ්‍රද්ධාවෙන් පිරෙනවා. ඉතින් වැන්දයි කියල ඇති වැරැද්ද මොකක්ද? (ර)
පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවෝ ලැහැස්ති වෙන්නේ අායිමත් ප්‍රසිද්ධිය හොයාගෙන යන්න වගේ. (බ)
ෂෙරිෆ්, ඔබට ඇසුනද උන්වහන්සේ මස් ගෙනෙන්න කියා මිනිස්සුන්ට කියනවා? එසේ නැත්නම් මිනිසුන්ගේ උවමනාවට මස් පිළියෙළකර ගෙනවිත් තිබුණාද? (නි)
මුන් වහන්සේ දේශනාකර සිටින්නේ, ආමිස පුජාවෙන් තව ටිකක් ඉදිරියට ගොස් ප්‍රතිපත්ති පුජාවට අවතීර්ණය වන ලෙසය. ධාතු වන්දනාව ආමිස පුජාවකි. බුදු දහම ගැන පොත්පත් (අභිධර්ම පිටක පොත්) කියවා ඇති අය මේ ගැන දන්නවා ඇති. (නි)
සහතික ඇත්ත හාමුදුරුවනේ (නි)
සෙනරත්, මිනිසුන්ගේ උවමනාවට නොවේ නම් වෙන කාගේ උවමනාවටද මස් ,මාළු පිළියෙල කරගෙන තිබුනේ? නිකම් මෝඩ කතා කියන්න එපා. (නි)
අද මිනිස්සු බුදුන්ගෙ ධර්මය හරියට දන්නෙ නෑ. මිනිස්සු බුදු දහමෙනුත් බලාපොරොතුවෙන්නෙ ප්‍රාතිහාර්ය. ධාතු වන්දනා කරලත් පතන්නෙ දිව්‍ය සැප සම්පත්. සිත් තවත් ලෝබකමට පෙරලෙනවා. පෝලිමෙන් එලියට ආපු ගමන් ශ්‍රද්ධාව ඉවරයි. හිත් වල ආපහු ඊර්ෂයාව, වෛරය පිරිල. "දහම ඇත සැගවිලා" (නදී)
අචිනි, මම ලියා ඇති දෙයට නොවෙයි ඔබ අදහස ලියා තිබෙන්නේ. නැවත වරක් මම ලියු දේ කියවා බලන්න. (ස)
මුන්වහන්සේගේ ඉගැන්වීම තේරුම් ගැනීමට විවෘත මනසක් තිබිය යුතුයි. මුන්වහන්සේව විවේචනය කරන්නේ විවෘත මනසකින් කරුණු තේරුම් ගැනීමට බැරි හෝ එවැනි අවශ්‍යතාවක් නැති අයයි. ඔවුන් සමග වාදකොට ඵලක් නැත. බොහෝවිට ඔවුන් එසේ කරන්නේ ත්‍රිපිටක බුද්ධ වචනය නොදන්නාකමටයි. (නි)
අද ජනතාව රවටන්න බැහැ. ඔවුන් බුද්ධිමත් (නි)
ලබන උපන් දිනයට දෙන්න ඉන්නේ මොනවාද කියලා පොඩ්ඩක් හිතලා බැලුවොත් නරකද? (නි)
පාරම්පරික බුදුබණ වෙනුවට දැන් පිරිසුදු බුදුබණ අහන්න ලැබෙනවා පෙර පිනකට. එය අහල හිත නිවාගන්නෙ නැතුව එයටත් ගරහන්න මිනිස්සු දැන් පෝලිමේ. (නදී)
අපේ හමුදුරුවනී ඔබ වහන්සේ කරන ප්‍රකාශය සත්‍යයයි. මිනිසුනේ නිරවුල් මනසකින් මේ ගැන හිතන්න. දැන් මේ මාධ්‍ය ආයතන වලින් ධාතු ප්‍රදර්ශනය යැයි කියාගෙන කරගෙන යන මේ දෙය ඒ ඒ ආයතන ජනතාව අතරට යන්න කරන තවත් උත්සහයක් නොවෙයිද?. මේ විදිහට හැම තැනම ධාතු යැයි කියා ගන්නා මෙවැනි ප්‍රදර්ශන තුලින් සැබෑ දළදා වන්දනාවත් හෑල්ලුවට ලක් කරනවා නොවේද?. (ර)
ගොඩක් මාධ්‍ය වලින් අද පෙන්වන ධාතු ප්‍රදර්ශන තරඟ නිසා බුදු සසුන හෑල්ලු වෙලා. ඔය ගොඩක් පෙන්වන ධාතු බොරු ඒවා. සිප්පි කටු ගෙනල්ලා ධාතු විදියට තියලා මිනිස්සු රවට්ටලා සල්ලි ගරනවා. මිනිස්සුත් පෝළිම් ගැහිලා එනවා. කවුරුහරි මේකේ ඇත්ත පෙන්නුවොත් ගහලා එළවනවා. ත්‍රිපිටක බුද්ධ දේශනාවේ තියෙන්නේ මුගලන් තෙරුන්ව සාක්ෂියක්වත් ඉතුරු නැතුව ඝාතනය කළා කියලා. ඒ වුණාට ලංකාවේ උන්වහන්සේගේ යැයි කියනා ධාතු ප්‍රදර්ශන නම් තියෙනවා.. (නි)
ඇත්ත තමයි හාමුදුරුවනේ! (නි)
අපි පින් කුසල් දන්නවා. තවත් කතා එපා (නි)
ඒක නම් සහතික ඇත්ත (නි)
මේ කතාව නම් මමත් පිළිගන්නවා (නි)
ඔබ කියූ දෙය ඉතාම නිවැරදියි.අවසානයේදී ඔබ බුදුදහම දන්නා බව නිවැරදිව අඟවන බව මිස එමඟේ සෝවාන් ඵලය දක්වා නොගිය බව බුදුදහම තේරුම් ගනිමින් සිටින අයට නිවැරදිව අඟවයි. ඔබ ධර්ම භාණ්ඩාගාරික නමකි. ධර්මය දැනගැනීමත් එහි හැසිරීමත් අතර වෙනස පෙන්වීමටත් ඔබට පෙර කළ පින් හේතුවී ඇත (නි)
හරියට හරි හාමුදුරුවනේ. නිවන් දකින්න නම් ආශාව තණ්හාව අත්හරින්න ඕනෑ. අපිට කරන්න අමාරුමදේත් ඕකයි. නමුත් කළයුතුයි.මමත් ආසයි ලබන ආත්මයේ ඇමරිකාවේ හොලිවුඩ් වල උපදින්න. ඕක තමයි ආශාව (නි)
මේ කියන විදියට එතකොට ලෝකයේ අනෙක් හැම පුද්ගලයාම ලේබල් බෞද්ධයෝද? (නි)
අපේ හාමුදුරුවනේ , ධාතු වන්දනාව කරන්නේ ශ්‍රද්ධාවන්ත බෞද්ධයෝයි. බුදුන්ගේ කාලේ පටන් මේ දක්වා බුදුසසුන පවත්වාගත්තේ මේ අයයි. එහෙම නැත්නම් නිවන් ප්‍රාර්ථනා කරන ඔබ වහන්සේලාට සිවුපසයෙන් ඇප උපස්ථාන කරන්නේ කවුද? (නි)
මල් පාගාගෙන ඇවිද්දත් නිවන් දකින්නට බැරිබව අපිටත් තේරෙනවා (නි)
මේ හාමුදුරුවන්ගේ දර්ශනය ඉතා නිවැරදියි. (නි)
ලේබල් හාමුදුරු කෙනෙක් නොවී ස්වාමින් වහන්සේලාද නියම බෞද්ධයන් වියයුතුයි. (නි)
ඔබේ දර්ශනය කුමක්ද? (නි)
ඕක තමයි ඇත්ත. දැන් ධාතු මාකටින් කරලා හම්බ කරන ප්‍රතිරූපකයෝ ටික උන්වහන්සේට විරුද්ධවෙලා නැඟී සිටිනවා. ඇත්ත කතා කරලා බැනුම් අහන අපේ හාමුදුරුවෝ...! (නි)
පිටබැද්දර ජයා ,බුදුන් වහන්සේ පෙන්වාදුන් නිවැරදි පණිවිඩය අවබෝධ කරගෙන දුක නිවන පණිවිඩය පෙන්වා දෙනවා නම් ඔච්චර ධාතු පස්සේ දුවන්න ඕනෑ නැහැ. බලන්න අද පඳුරකට ගලක් ගැහුවොත් ධාතු ප්‍රදර්ශන හත අටක් වැටෙනවා. මේකද බුදු දහම? සමන්තභද්‍ර හිමි බැනුම් අහගෙන හරි මේ දුවන දිවිල්ල නවත්වනවා. නැවතත් දුක නිවන පණිවුඩය පෙන්වා දෙනවා. නිර්වාණ ධාතුව පෙන්වා දෙනවා. නැත්තම් අපි හැමදාම ධාතු වැඳ වැඳ සංසාරේ දුවනවා මිසක්, අපිට ධාතුන් වහන්සේලා වෙන්න බැරි වෙලා. දැන්වත් බුද්ධ දර්ශනය හරි පැත්තට ගනිමු. නැත්තම් මේක විනාශ වෙනවා. (නි)
සම්පූර්ණ ඇත්ත (නි)
නියම බෞද්ධයෙකු වෙන්න ඔබවහන්සේ වගේ වෙන්න ඕනෑද? (නි)
ඔබ වහන්සේ නිවැරදියි හාමුදුරුවනේ. නාමික බෞද්ධයොයි,චීවරධාරියොයි කොච්චර මඩ ගැහුවත් ඔබ වහන්සේ ඒවාට නොසැළී සත්‍යම දේශනා කරන එක ගොඩාක් වටිනවා හාමුදුරුවනේ.ඔබවහන්සේ සැබෑ යතිවරයෙක්. (නි)
මෙතුවක්කල් ලොව පහළ වු සියළුම සම්‍යක් සම්බුදුවරුන්ගේ උත්සාහය සියළුම සත්වයින්ට නිවන් අවබෝධ කරවීමටයි.නමුත් උන්වහන්සේලාට එය සම්පූර්ණ කිරීමට නොහැකිවු නිසා සත්වයා තවමත් සංසාරේ ගමන් කරනවා.බුදුවරුත් දන්නවා එකවර සියළුම සත්වයින්ට නිවන් අවබෝධ කරවන්න බැරිබව.ඒ සත්වයා තුළ තිබෙන ප්‍රධානම හේතුව තණ්හාවයි.පාරමී ධර්ම සම්පුර්ණ නොවු,තණ්හාවෙන් අන්ධ වු අපිට දුගතිගාමී නොවි සුගතිගාමී විමට මෙවැනි පින්කම් අවශ්‍ය නොවේද? මේ හාමුදුරුවන්ගේ දර්ශනය හොඳ වුණත්,බුදුදහමට අනුව නම් කිසිසේත්ම ප්‍රායෝගික නැත. (නි)
ධාතු වන්දනාවෙන් ධර්මාවබෝධය ලබාගත නොහැකි බව සත්‍යයයි.නමුත් ධාතු වන්දනාවෙන් ලැබෙන පින මහත්ඵලයි මහානිසංසයි.මේ බවයේ ධර්මාවබෝධයට ඉඩ නොලැබුනොත් මතු භවය සුගතියක ඉපදවීමට හේතුවෙනවා.ශ්‍රද්ධාවෙන් තොර නිවනක් නොමැත. (නි)
මිනිස්සු ධාතු වන්දනාවට යන්නෙ නිවන් දකින්නම නෙමෙයි. ධාතූන් වහන්සේලා වන්දනාවෙන් තමන්ට පිනක් ලැබෙනව කියල මිනිස්සු හිතන නිසා. එක පාරට මිනිස්සුන්ට විදර්ශනාව වඩපල්ලා කිව්වට කවුරුවත් ඕක කරන්නෙ නෑ. මෙතන කමෙන්ට් අය කරන්නෙත් නෑ. ධාතු ප්‍රදර්ශනයෙන් මිනිස්සුන්ගෙ සිත යම් ප්‍රමාණයක හෝ පැහැදීමක් වෙනවා නම් ඒක වටිනවා. ඒ පැහැදීමත් එක්ක මිනිස්සුන්ට ධර්මය අහන්න තියෙන ආසාව, ධර්මය ගැන තියෙන ගෞරවය වැඩිවෙනවා. ධාතු ප්‍රදර්ශන වලින් මිනිසුන් ධර්මයෙන් ඈත් වීමක් සිදුවෙලා නැහැ. පිං සඳහා කැමති පිරිස් තමයි මේවට එන්නෙ. ඔවුන්ගේ සිත් තුළ තිබෙන පැහැදීම ප්‍රයෝජනයට අරන් ඔවුන්ට විදර්ශනාව ගැන දේශනා කරල ඔවුන්ව නිවනට යොමු නොකර මිනිසුන් මෙමගින් මූලිකව ලබන පුංචි හෝ පැහැදීමත් වළක්වන එකෙන් පිටිදූවෙ ස්වාමින්වහන්සේ මොනවද බලාපොරොත්තුවෙන්නෙ? මම දන්නෙ නැහැ පිටිදූවේ ස්වාමීන්වහන්සේ ධාතු ප්‍රදර්ශන මිත්‍යා විශ්වාස හැටියට සළකන්නෙ ඇයි කියල. මහනුවර දළදා ප්‍රදර්ශනයත් මිත්‍යාවක්නෙ එහෙනම්. දළදා පෙරහැර ඕනෙම නෑනෙ. ධාතූන් වහන්සේලා බලලා නිවන් දකින්න බැරි බව බෞද්ධ අපි දන්නවා. ඒක කියන්න ඕන දෙයක් නෙමෙයි. නමුත් බුදුන්වහන්සේගේ, රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාට වන්දනා කිරීමෙන් පිං ලැබෙන බව අපි දන්නවා. ඒක සියලුම බෞද්ධ හිත් වල තිබෙනවා. මිනිසුන් ලබන ඒ මූලික පැහැදීම වළක්වා අවමන් කර කර විදර්ශනාව වඩපල්ලා කීමෙන් කිසිවෙක් ඒ මගට ගත නොහැකි බව පිටිදූවේ සිරි සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේ තේරුම් ගත යුතුයි. එසේම තමන් එම ධාතූන් ගැන 100% ක් නොදැන බොරු ධාතු, සිප්පිකටු කිය කිය අවමන් කරමින් තමන්ගේ මාර්ගය සකස් කර නොගන්න. (නදී)
ඔබ වහන්සේ දේශනා කරන සත්‍ය වූ නිවැරදි බුදු දහම තේරුම් ගැනීමට තරම් බුද්දියක් නොමැති මිනිසුන්ගේ අමන මෝඩ අපහාස කිරීම් වලට පිලිතුරු දීම ඔබ වහන්සේට තරම් නොවේ. මෙම මොඩයන් යම්කිසි දිනක ප්‍රමාද වී හෝ ඔබ වහන්සේගේ වටිනාකම වටහා ගනු ඇත (නදී)
එතකොට ලේබල් රහතන් වහන්සේලා එහෙම නැද්ද? (නදී)
ඔබ වහන්සේ හරියටම හරි. මම වරින් වර ඔබේ ආශ්‍රමයට එන අයෙක්. මමත් ඔබ වහන්සේ කියන දෙය සුළු වශයෙන් හරි පුළුවන් හැම අවස්ථාවකම පිළිපදින කෙනෙක්. ඔබ වහන්සේගේ බණ හැකි පමණින් තව තවත් දේශනා කිරීමටත් සහ මෙවැනි මාද්‍ය තුලින් එය ප්‍රචාරය කිරීමටත් ශක්තිය ලැබේවා. (නදී)
තවද ඔබ වහන්සේ පවසන පරිදි බෝ රුක් , චෛත්‍ය ය සරණ යාම මිත්‍යාවක් නම්, ඔබ වහන්සේගේ ආශ්‍රමයෙහි එවැනි දේ තිබීමෙන් ඔබ වහන්සේ මට දැනෙන හැටියට මුසාවක් පවසන හැටියට තේරුම් ගතිමි. ඔබ වහන්සේ එය නිවැරදි කරන්නේ යයි සිතමි. නැතිනම් මම වැරදි විදියට එය තේරුම් ගත්තේ නම් සමා උව මැනවි.(නදී)
අනේ හාමුදුරුවනේ අපට මේ උතුම් පෝය දවසේ පවු පුරවන්නැතිව ඉන්නවද ඔබ වහන්සේ යන ගමන දැන් රටම දන්නවා. පිංසිද්ධ වෙයි පාඩුවේ ඉන්න ඔබ වහන්සේ උපදින්නත් කලින් සිට බෞද්ධයෝ බුදුන් අැදහුවේ හැමෝම දන්නවා නියම වන්දනාව මොකද්ද කියල (බ)
චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ගමන් ආමිස පුජාවලත් යෙදෙන්න ඕනේ. ධාතු වන්දනාව ආමිස පුජාවක්. එ්ක මිත්‍යා විශ්වාසයක් නෙමෙයි. ධාතු වන්දනාව යනු එම ධාතුන් වහන්සේලාගේ අයිතිකරුවන් වන රහතුන් වහන්සේලාට ගෞරව කිරීමක්. අද කාලේ බුද්ධ දේශනාවේ යම් කිසි හිඩැසක් අල්ලගන්න බලන් ඉන්න අන්තවාදීන්ට මේ වගේ හාමුදුරුවරු තව උඩගෙඩි දෙනවා. (බ)
බොරුවෙන් මිදෙන්න මේවා කියවන්න https://www.facebook.com/goldentruth?fref=ts (බ)
මුළු ත්‍රිපිටකයම හොදට ඉගෙනගෙන,අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නත්, බුද්ධ ධර්මය දේශනා කරන්නත් අන්‍යඅගමිකයෙකුට වුනත් පුලුවන්.ඒක උගත්කම. බුදුන්වහන්සේ මේ ධර්මය උපමා කරන්නේ දෙපැත්ත කැපෙන දැලිපිහියක් ලෙසයි. අපහාසයක් කළා නොවෙයි. බුදුන්වහන්සේගේ ධර්මය නිවැරදි අයුරින් දකින්නත්,පිළිපදින්තක් සැමටම ප්‍රඥාව පහළවේවා. (බ)
හාමුදුරුවනේ ඔය කියන නියම බෞද්ධයෝ 100 ක් ලංකාවේ හොයාගන්න පුලුවන්ද ? (නදී)
එතකොට "වන්දාමි චේතියං සබ්බං" කියලා වැන්දට කිසිම වැඩක් නැද්ද? අපරාදේ මගේ වටිනා කාලය..(බ)