(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රැල්ලෙන් රැල්ලට නගර වැසීමේ විලාසිතාවට බණ්ඩාරගම නගරය නතු නොකරන බව බණ්ඩාරගම ප්‍රාදේශීය සභා සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පවසයි.
කොරෝනා වසංගතය හේතුවෙන් බණ්ඩාරගම නගරයේ වෙළඳසැල් වැසිය යුතු ද ? නැද්ද ? යන්න බණ්ඩාරගම වෙළඳ සංගමය හා පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව කීය.
බණ්ඩාරගම නගරයේ සියලුම වෙළඳ වෙළඳ ප්‍රජාවටත් මේ වන විට එන්නත් දෙකම ලබා දී තිබෙනවා .පෙට්ටි කඩේ සිට සුපිරි වෙළඳසැල දක්වා .ඒ වගේම බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ පදිංචි ජනතාවගෙන් සියයට 70 කට අධික ප්‍රමාණයකට එන්නත ලබා දීලා තිබෙනවා .ඒ වගේම එන්නත් කරණයත් ඉතාමත් සාර්ථකව සිදු කරමින් පවතිනව.
බණ්ඩාරගම නගරයේ පමණක් නොව ඕනෑම නගරයක වෙළඳසල් වැසීමෙන් කොරෝනා වයිරසය පාලනය කරන්න බැහැ .ඒකට තමන්ම ස්වෙච්ඡාවෙන් සෞඛ්‍ය පුරුදු නිවැරදිව වගේම සංචරණ සීමා සිදුකර අනවශ්‍ය ගමන්බිමන්වලින් වැළකීමෙන් වයිරසය පැතිරීම වළක්වා ගන්න පුළුවන් .
දවසක්, දෙකක්, දවස් දහයක් මෙලෙස වෙළඳසල් වැසුවොත් නැවත මෙම වෙළඳ සැල් විවෘත කරන විට මේ කොරොනා වසංගතය අවසන් වෙලා තියෙනවා නම් වෙළඳසැල් වැසුවට කමක් නැහැ.
විශේෂඥ වෛද්‍යවරු කියන්නේ තවත් වසරක් දෙකක් යනකන් මේ කොරෝනා වයිරසය සමග අපට ජීවත්වෙන්න වෙනවා කියලා.කොරෝනා වසංගතය සමග අපිට ජීවත්වෙන්න හුරු වෙන්න වෙනවා.
තත්ත්වය එසේ නම් රැල්ලක් ලෙස නගරවල වෙළඳසැල් වසා ගෙන යන එක තේරුමක් නැහැ, පලක් නැහැ.කොරෝනා වසංගතයක් එක්ක සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වෙන්න හුරු වෙමු,පුරුදු වෙමු,
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘‘නගර වැසීමේ විලාසිතාවට අපි අහුවෙන්නේ නෑ‘‘
pakeer Thursday, 19 August 2021 12:50 PM
වසරක් දෙකක් ?පිස්සුද හලෝ .මේක අඩු ගානේ තව අවුරුද්දු 20 ක් තියෙනවා .
de silva Thursday, 19 August 2021 06:35 PM
සර් සමග කඩේ යමු.