(සංජය මදුශාන්)
හබරණ මොරගස්වැව උදාකල ගම්මානයේ පිහිටි වැඩ නතර කළ ගල් කොරියක් නැවත ආරම්භ කිරීමට උපකාර කරනවා යැයි පවසමින් ගල් කොරියේ හිමිකරුට හා හබරණ පොලීසියේ ස්ථානාධිපතිට විරුද්ධව ප්‍රදේශවාසීහු සාමාකාමි විරෝධතාවක් ගල් කොරිය ඉදිරිපිට පැවැත්වූහ.
හබරණ පොලොන්නරුව මාර්ගයේ මොරගස්වැව උදාකළ ගම්මානයේ පිහිටා ඇති පහේ ගල ව්‍යාපාරිකයකු විසින් 1992 දී ගල් කොරයක් සඳහා භාවිත කර ඇති අතර එහි බලපත්‍ර කල් ඉකුත්වීමෙන් 2019 දී ගල්කොරියේ වැඩ තාවකාලීකව නවතා දැමිණි.
ගල් කොරය අවට පදිංචි ප්‍රදේශවාසීන්ට ඇතිවූ විවිධ ගැටලු හේතුවෙන් ගල් කොරිය පිළිබඳ හබරණ පොලීසිය වෙත පැමිණිලි කළ බව ගම්වැසියෝ කියති. නීතිවිරෝධි පිපුරුම් ක්‍රම භාවිතයෙන් ගල් කැඩීමෙන් ගල් කැබලි නිවාස මතට පතිතවීම, ගල් කුඩු හේතුවෙන් ළමුන්ට ආසාත්මිකතා ඇතිවීම, නිවාස ඉරිතලා යාම, නිතී විරෝධි ආකාරයට බලපත්‍රයේ කොන්දේසි ඉක්මවා කැනීම් කිරීම සිදුකරන බව පවසති.
මෙවැනි තත්වයක් හමුවේ මෙම ගල් කොරිය ආරම්භ කිරීම සඳහා හබරණ පොලිස් ස්ථානාධිපති මෙම ව්‍යාපාරිකයාට සහය දක්වන බව ප්‍රදේශවාසීහු වැඩිදුරටත් පවසති. එම ගල්කොරිය පවත්වාගෙන යන හිමිකරු විසින් ප්‍රදෙශවාසීන්ට පැවසූවායැයි කියන කරුණු කිහිපයක් තම පුවරු මත ප්‍රදර්ශණය කරනු ලැබ ඇත.
මේ පිළිබඳව හබරණ පොලීසියේ ස්ථානාධිපති සී.අයි.එන්.පී ජයලත් මහතා අප කළ විමසුමකදී මෙසේ පැවසීය.
'මෙම ගල් කොරයේ හිමිකරු විසින් නැවතත් ගල් කොරය පවත්වාගෙන යාම සුදුසුද නැද්ද යන්න සදහා අවශ්‍ය පරීක්ෂාවක් කිරීමට හිගුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අවසරයක් අරගෙන තියනවා. පරීක්ෂණය කිරීමට ගල් වලෙහි තිබෙන ජලය ඉසගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්න යැයි අධිකරණයෙන් නියෝගයක් ලැබී තියනවා. ඒ සදහා අවශ්‍ය ආරක්ෂාව අප විසින් ලබා දුන්නා ගම්වාසීන්ගේ විරෝධතා පැවතීමෙන් පරීක්ෂණය කරන්න තිබුණේ අද (18) නමුත් ජලය ඉසගැනීමට නොහැකි වීමෙන් පරීක්ෂණය ගල් කොරියේ හිමිකරු විසින් අධිකරණයෙන් කල් ඉල්ලාගත්තා. මේ ස්තානයේ සිදුවෙන්නේ භූවිද්‍යා එකෙන් සිදුකරන පරීක්ෂණයක් පමණයි.'
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නතර කළ ගල්කොරිය යළි ඇරඹීමට විරෝධය