මොහාන් ලාල් ග්‍රේරු පදනම ආරම්භ කැර ඇති වෘත්තී පුහුණු පාඨමාලා නොමිලේ හැදැරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට අවස්ථාව දෙන බව ග්‍රේරු පදනම කියයි.
පරිගණක,විදුලි කාර්මික,ගුවන් විදුලි උපකරණ අලුත් වැඩියාව,විද්‍යානුකූල ඇඳුම් කැපීම හා මැසීම,ශිතකරණ,වායු සමීකරණ හා ශෘහ විදුලි උපකරණ අලුත් වැඩියාව, යන පාඨමාලා සඳහා වයස අවුරුදු 18 -30 අතර තරුණ තරුණියන්ට මේ සදහා අයදුම් කළ හැක.
මැයි 31 වැනිදාට පෙර , ‘නොමිලේ පවත්වන වෘත්තිය පුහුණූ පාඨමාලා,’ වෘත්තිය පුහුණු අධිකාරිය ,අංක 207/01/01,ගාලු පාර ,රත්මලාන යන ලිපිනයට අයදුම් පතක් එවීමෙන් ලියා පදිංචි විය හැකි බවත් 011-4216591 දුරකතන අංකයෙන් වැඩි විස්තර ලබා ගත හැකි බවත් එම පදනම කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයස ටිකක් වැඩිකලොත් නරකද (අ)
මොනවද මේ " යටි අරමුණු?' කවුද මේ සේනාරත්න ? ඊර්ෂාව පැත්තකට දමා හොඳ දේ අගයන්න . මේක රටට අවශ්‍ය දෙයක් (ස) .
ඔව් සම්පත්, සේනාරත්න සර් හොඳ අවංක මනුෂ්‍යයෙක්. ඔයාට එතුමාව අඳුනගන්න ලැබුණා නම් තේරෙයි. කිසිම යටි අරමුණක් නෑ. (ස)
එතකොට ගිහාන් ඔයත් සේනාරත්න සර් ගෙන් ඉගෙන ගත්තද?ග්‍රේරු සර් ගෙ නොමිලේ කොයි තරම් සේවා තියෙනවද?එත් ඔහු කවදාවත් මේ වැඩවලදි අපේ පක්ෂෙ අහන්නෙත් නැහැ.අපෙන් ඡන්ද ඉල්ලලත් නැහැ.වෙනස ඒකයි.මටත් අද රස්සවකට යන්න පුලුවන් උනේ මෙම මෝටර් කාර්මික පාඨමාලාවට පින් සිද්ධ වෙන්න.ඔබට පින් මැතිදුනි.(දිල්)
කුමාර ඇත්තටම මම ඔබත් එක්ක එකඟ වෙනවා. සේනාරත්න සර් දෙවි කෙනෙක්. සැහෙන දරුවෝ ප්‍රමාණයක් හොඳ මගට ගත්ත යතිවරයෙක්. දරුවන්ට පියෙක්. අපේ දරුවන්ගේ අවාසනාවකට එතුමා අප අතරින් වියෝවුනා. ග්‍රේරෝ සර්ට සේනාරත්න සර් වගේ වෙන්න තව කල්පයක්වත් යයි. (නදී)
සේනාරත්න සර් සහ ග්‍රේරෝ සර් සමාන කරන්න බැහැ. සේනාරත්න සර් දෙවි කෙනෙක්. යටි අරමුනු නැතිව වැඩ කර කෙනෙක්. අදීක්ෂන ඇමති අනික් ඇමතිලාට වඩා ටිකක් හොදයි (නදී)
පසිඳු, ග්‍රේරෝ සර් ආදර්ශයට ගත්තේ භෞතික විද්‍යාව කරපු සේනාරත්න සර්ව. ග්‍රේරෝ සර්ට වඩා සේනාරත්න සර් ගව් ගානක් ඉදිරියෙනුයි හිටියේ. සේනාරත්න සර් ඉගෙන ගන්න දරුවෝ ගැන හොඳින් බලපු කෙනෙක්, උදව් කල කෙනෙක් (නදී)
නොමිලයේ උගන්වන එක නම් හරිම හොඳය. මේ ආර්ථිකයත් සමග මුදල් ගෙවලා ඉගෙනගන්න හරිම අපහසුය. (අ)
එතකොට අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ඔයවගේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්නේ කවදද? (නදී)
ගරු මැතිතුමනි, අපේ ගම් දනවු ප්‍රදේශ ගැනත් පොඩ්ඩක් අවධානය යොමුකරන්න කියලා මම ඉල්ලා සිටිනවා (නි)
හැම කෙනාටම ෆ්‍රී කාර්ඩ් දෙන්නේ කොහොමද? ඒ කාලේ ගුරුවරු ගරාගෙන කන කොට, කුනුහරප වලින් ලමයින්ගෙ ඔලු පුරවනකොට. ග්‍රේරු සර් රුපියල් 20ට පන්ති කලේ.එක මතකද? අපේ ඔලු කැවේ නැහැ. (ස)
අපෝ මෙතුමාගෙන් ෆ්‍රී කාර්ඩ් එකක් ගන්න ඒ දවස්වල හරිම අමාරුයි. දේශපාලන ඉදිරි දැක්ම මත කරන දේවල්. (ස)
මෙතුමා අනෙකුත් දේශපාලකයන්ට ආදර්ශයක්. ඇයි මෙතුමා වගේ රට පුරා මන්ත්‍රී වරු 225ක් ඉන්නෙ? තව පළාත් සබා වල තව සිය ගනනක් ඉන්නෙ.එයාලත් මෙය ආදර්ශයට ගත්තා නම් වටිනා සේවයක් තරුණ පරපුරට කරන්න පුලුවන්. අවවාදයට වඩා ආදර්ශය උතුම්ය. ඔබේ ආදර්ශය හදවතින්ම අගය කරමි. (ස)
ඔබට මාගේ සුභ පැතුම්! (නි)
මෙවැනි දේ අගය කළ යුතුයි. ඒත් කොළඹට පමණක් සිමා නොකළ යුතුයි. (නි)
මම මෙතුමාගේ පන්තියක නොමිලේ ඉගෙන ගත්තා. 96/98 අවුරුදු වල. අද මම පිටරටක ඉහල වැටුපකට රැකියාවක් කරනවා. අදටත් මම ඔබ තුමාට ගරු කරනවා මට දුන් ඒ සහනය වෙනුවෙන්.(නදී)
එක පැත්තකට සීමා නොවී මුළුරටේම දියත් කරන්න. (ස)