IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ විරෝධතා දෙකක්

(මොහොමඩ් ආසික්)

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න එපා යැයි මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා විසින් කරනු ලැබූ බව කියන  ප්‍රකාශයකට පූජාපිටිය ප්‍රාදේශය සභාවේ  එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අනුර මඩලුස්ස මහතා අද (9) පැවැති මාසික මහ සභා රැස්වීමේදී  ලා කළු(අළු)  පැහැති කමිසයක් පැළඳ පැමිණ විරෝධය දැක්වූ අතර බඩු මිළ වැඩි විමට විරෝධය දක්වමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී එස්.එම් කලීල් මහතා සීනි ග්‍රෑම් සියයක් සභාවට ගෙනවිත් පෙන්වමින්  සිය විරෝධය දක්වනු ලැබීය.

පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ මාසික මහ සභා රැස්වීම අද 09 වනදා එහි සභාපති අනුර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පූජාපිටියේ පිහිටි ප්‍රාදේශය සභා කාර්යාලයේදී   ආරම්භ වූ නමුත් මෙම විරෝධතාවයන් පැවැත්වෙන අවස්ථාවේ  සභාපතිවරයා සභාවේ නොසිටි අතර එහි උප සභාපති  ඒ.එල්.එම්.රසාන් මහතා මූලාසනයේ  සිටියේය.

මෙහිදී මුලින්ම නැඟී සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සහ හිටපු සභාපතිවරයෙකුද වන අනුර මඩලුස්ස මහතා මෙහිදී සඳහන් කළේ, ස්වාධීන කොමිසමක් කියන මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට  ඡන්දය දෙන්න එපා යැයි  කීම තුලින් මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය අභියෝගයකට ලක්ව ඇති බවත් එම ප්‍රකාශයට විරෝධය දක්වමින් තමන් කළු පැහැති මෙම කමිසය හැඳ  අද (9) සභාවට පැමිණි බවයි.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී එස් .එම්.කලීල්  මහතා  සීනි ග්‍රෑම් සියයක් පමණ අඩංගු මල්ලක්   සභාවට පෙන්වමින් ප්‍රකාශ කළේ  රුපියල් 98 කට තිබූ සිනි කිලෝව මේ වනවිට රුපියල් 150 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්  හාල් අල ලූණු  ඇතුළු අනෙකුත්  අත්‍යාවශ්‍ය භාණ්ඩත්  අසීමිතව ඉහළ ගොස් ඇති නිසා ජනතාවට  ජීවත් වීමට නොහැක ව ඇති බවත්ය.  

පසුගිය යහපාලන රජය සමයේ බඩු මිළ ඉතා අඩු මට්ටමක පැවැති බවද ඔහු මෙහිදී කීය.

මෙම අවස්ථාවේදී  මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම අදහස් දැක්වූහ.



අදහස් (0)

පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ විරෝධතා දෙකක්

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 318 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1307 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 385 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 466 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 447 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 337 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 588 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 792 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2209 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site