(එච්. චන්දන සහ හිරාන් ප්‍රියංකර)
රෝහලේ සේවකයකු ලෙස පෙනීසිටිමින් පුත්තලම රෝහලේ සායනවලට පැමිණ සිටි රෝගීන්ගේ ලක්ෂ දෙකකට ආසන්න රන් භාණ්ඩ සොරකම් කල පුද්ගලයකු සොයා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පුත්තලම පොලීසිය කියයි.
එම තැනැත්තා රෝහලේ සායනවල රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකුට අවස්ථා දෙකකදී ඊසීජී (ECG) පරීක්ෂණ සඳහා ලොකු මහත්තයා පැමිණ ඇති බව පවසා, බාහිර ප්‍රතිකාර අංශය ආසන්නයේම තිබූ කාමරයකට රැගෙන ගොස්, පරීක්ෂණ කටයතුවලට රන් භාණ්ඩ ගැලවිය යුතු බව පවසා ඇත. ඔවුන්ට රන් භාණ්ඩ ගලවා ඉවත් කරන ලෙස දන්වා තිබේ. පසුව රන් භාණ්ඩ ගෙන මෙම පුද්ගලයා පලා ගොස් ඇති අතර, රෝගීන් ඒ බව රෝහලේ බලධාරීන්ට හා පොලීසියට පවසා ඇත.
මදුරන්කුලිය තොඩුවාව පදිංචි ලුසී ඇග්නස් (84) මහත්මියගේ මුද්දක් සහ රන් මාලයක් ද, පාලකුඩාව පදිංචි එම්. ඇග්නස් ප්‍රනාන්දු (64) මුදු දෙකක් ද මෙලෙස පරීක්ෂණ කටයතු සඳහා කියා ගලවාගෙන පලා ගොස් තිබේ.
ලුසී ඇග්නස් මහත්මියගේ දියණිය වන ඩබ්. ජෙනට් ජසින්තා මහත්මිය මෙසේ පැවසුවාය.
“මගේ අම්මත් එක්ක මම ළඟ හිටියා. එකපාරට එක්කෙනෙක් ඇවිත් කිව්වා රතු නොම්මර තියෙන අය එන්න ලොකු මහත්තයා බලන්න ඕනේ කියලා, අපිව ඉස්සරහා කාමරයකට අරන් ගියා. අම්මාව ඇඳට දාලා අම්මට කිව්වා මාලේ, මුද්ද ගලවන්න පරීක්ෂණ කටයතුවලට කියලා. ඒ අතර තුර තවත් අම්මා කෙනෙක් ගෙනල්ල පුටුවේ වාඩි කරලා ඒ විදියටම කිව්වා. මට කිව්වා අර කාමරයේ තියෙන පොත අරන් එන්න කියලා. මම එනවිට ඒ පුද්ගලයා නැහැ. මගේ අම්මාගේ මාලයයි මුද්දයි, අනිත් අම්මාගේ මුදු දෙකක් ගලවාගෙන ඒ මනුස්සයා ගිහිල්ලා. අපි මේ පිළිබඳව කාර්යාලයට කිව්වා. එයාලා මුකුත් දන්නේ නැහැ කිව්වා”
මේ පිළිබඳව පුත්තලම රෝහලේ වෛද්‍ය අධිකාරී සුමිත් අත්තනායක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ, මේ පිළිබඳව ඔවුන් තමන් දැනුවත් කළ බවත්, මීට පෙර මෙවැනි සිදුවීම් සිදු වී ඇති බවත්ය. විශාල පිරිසක් වෛද්‍ය සායනවලට හා ප්‍රතිකාර ලබා ගැනීමට පුත්තලම රෝහලට පැමිණෙන බවත් මේ තත්වය ගැටළුවක් බවත් සියලුදෙනා මීට වඩා අවධානයෙන් සිටිය යුතු බවත් ඒ මහතා සදහන් කළේය.
(ඡායාරූප - එච්. චන්දන)
(ඡායාරූප - හිරාන් ප්‍රියංකර)
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පුත්තලම රෝහලේ රෝගීන්ගෙන් ලක්ෂ 2ක රන් භාණ්ඩ සොරාගෙන