(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පෞද්ගලික බස් රථයක අමතකව දමා ගිය රුපියල් 70,000 ක මුදලක් සහිත මුදල් පසුම්බියක් එහි හිමිකාරිය සොයා භාරදීමට පෞද්ගලික බස්රථ කොන්දොස්තරවරයෙකු අද( 6) කටයුතු කළේය.
හෝමාගම සිට පිටකොටුව දක්වා ධාවනය වූ මාර්ග අංක 138 wp nc 3596 බස් රථයට ඊයේ රාත්‍රී වැල්ලවත්ත ඩබ්ලිව් ඒ ද සිල්වා මාවතේ පදිංචි සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ සහකාර තනතුරු දරන ඩී නදීකා මහත්මිය මහරගමින් බස් රථයට ගොඩ වී ඇත්තේ අමතර පන්තියට සහභාගි වූ සිය දියණියත් රැගෙනය .
රෑ බෝ වූ බැවින් දියණිය ඇයගේ ඔඩොක්කුවේ නින්දට ගොස් ඇති අතර කිරුළපන ප්‍රදේශයේ දී ඇය බස් රථයෙන් බැස ත්‍රීරෝද රථයකින් යාමට අවශ්‍ය රුපියල් 80ක මුදලක් අතට ගෙන ඇත.
බස් රථය පිටකොටුව ගමනාන්තයට ළඟා වීමෙන් අනතුරුව එහි කොන්දොස්තරවරයා බස් රථයේ පිටුපස සිට ඉදිරිපසට පැමිණෙමින් සිටියදී අසුන මත තිබූ මුදල් පසුම්බිය දැක එය විවෘත කර බැලීමේදී රුපියල් 70,000 ක මුදලක් , බැංකු කාඩ්පත් ,ඇතුළු වටිනා ලිපි ලේඛන රැසක් තිබෙන බව රියැදුරු මහතා ට දැනුම් දී ඇත .
පසුව එම රියදුරු සහ කොන්දොස්තරවරයා මේ බව හෝමාගම පොලිසියට පැමිණ පැවසීමෙන් අනතුරුව එහි තිබූ දුරකථන අංකයකට කතා කර එහි අයිතිකාරිය වන නදීකා මහත්මිය පොලිස් ස්ථානය වෙත ගෙන්වා කොන්දොස්තර වන සමන්ත දේශප්‍රිය මහතාගේ සුරතින් මා එය භාර දීමට කටයුතු කළ බව හෝමාගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ප්‍රසන්න මහතා පැවසීය
ඇත්තටම මම මුදල් පසුම්බිය නැති වී ඇති බව දැනගත්තේ පසුදා උදේ .එම මුදල් තිබුණේ ඉඩමට ලබාගත් ණය මුදලට වාරික ගෙවීමට හා නිවසේ කුලී මුදල් ගෙවීමටයි .මම හිතුවේ නෑ මට මේ මුදල් ආයෙ හම්බ වෙයි කියලා .සමන්ත දේශප්‍රිය කොන්දොස්තර මහතාගේ මේ උතුම් ගුණාංගය අගය කරනවායැයි මුදල් පසුම්බිය හිමිකාරිය වූ නදිකා මහත්මිය පැවසුවාය .
මුදල් පසුම්බිය දැක්ක ගමන් මට හිතුණා. මම මේකෙ අයිතිකරු හොයල කොහොමහරි දෙනවා කියලා . ඒ දේ ඉෂ්ට වුණා .මුදල් පසුම්බිය මම ඒ නෝනගේ අතට දුන්නාම එ නෝනගේ හිතේ ඇතිවුණ සතුට මට හදවතට දැනුනා .ඒ සතුට මගේ හිතේ තියනවා මැරෙන තුරාවටම යයි බස් කොන්දොස්තරවරයා වූ සමන්ත දේශප්‍රිය මහතා පැවසීය .
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පෞද්ගලික බස් කොන්දොස්තරවරයකුගේ මනුසත්කම
කුමාර ඩුබායි Sunday, 06 September 2020 06:33 PM
සමන්ත ඔබට වඩා ගෞරවය හිමිවන්නේ ඔබ වැනි යහපත් දරුවෙක් මෙලොවට දායාද කරපු දෙමව්පියන්ටයි ..... ඔබටත් පවුලේ සැමටත් තෙරුවන් සරණින් ජය සතුට උදාවේවා ...