(මොහොමඩ් ආසික්)
පෙම්වතියගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කරමින් ඇයගේ පෙම්වතා වූ රජයේ සේවකයකුගෙන් කප්පම් ගැනීමට උත්සාහ කළ කාර්මික විද්‍යාලයක ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු කොටු කර ගැනීමට කටුගස්තොට පොලීසිය සමත්ව තිබේ.
රජයේ ආයතනයක සේවය කරන තරුණයෙකු අම්පාර ප්‍රදේශයේ තරුණියක සමඟ පෙම් සබඳතාවයක් පවත්වාගන ගොස් ඇති අතර තරුණියගේ දුරකථන අංකය පෙම්වතාගේ මිතුරකු විසින් ඔහුගේ මිතුරකුට ලබා දී තිබේ. ඉන් පසුව එම තරුණියට මෙම තරුණයාගෙන් දිගින් දිගටම මිස් කෝල් ලැබෙන බවට පෙම්වතිය විසින් පෙම්වතාට දැනුම් දී ඇති අතර පෙම්වතා එම අංකයට ඇමතුමක් ගෙන මේ ගැන විමසා තිබේ. එහිදී එම තරුණයා ප්‍රකාශ කර ඇත්තේ මෙම තරුණියගේ අසභ්‍ය දර්ශන තමන් සතු බවත් ඒවා අන්තර්ජාලයට මුදානොහැරීමට නම් කප්පමක් ලබා දෙන ලෙසත්ය. මේ ගැන බියට පත්ව ඇති පෙම්වතා වහාම කටුගස්තොට පොලීසියට ගොස් පැමිණිල්ලක් කර ඇති අතර එම පැමිණිල්ල සටහන් කරන අවස්ථාවේදීත් මෙම තර්ජනාත්මක දුරකථන ඇමතුම ලැබී තිබේ. ඒ අනුව පොලිසිය ඒ මොහොතේම ක්ෂණිකව සහ සූක්ෂම ලෙස මෙම කප්පම් කල්ලිය වැටලීමට සැලසුමක් සකස් කර ඇති අතර කප්පම ලබා දීමට කැමැත්ත ප්‍රකාශ කර කප්පම්කරුවන් කටුගස්තොට නගරයේ එක්තරා ස්ථානයට ගෙන්වා ගෙන ඇත.
පසුව කප්පම්කරුවන් ස්ථානය වෙනස් කර වෙනත් ස්ථානයකට පැමිණෙන ලෙස දන්වා ඇති අතර සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් එහි ගොස් කප්පම්කරුවන් අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකරුවන් වයස අවුරුදු 17 හා 20 යන වයස්වල පසුවන කාර්මික විද්‍යාලයක ඉගෙනුම ලබන කටුගස්තොට ප්‍රදේශයේම පදිංචි සිසුන් දෙදෙනකු බව අනාවරණය වී තිබේ. මොවුන් ප්‍රකාශ කළ ආකාරයට එම තරුණියගේ කිසිදු අසභ්‍ය දර්ශනයක් ඔවුන් සතුව නොමැති බවද අනාවණය වී ඇති අතර එම තරුණිය හා ඔවුන් අතර කිසිදු හැඳුනුම්කමක් හෝ නොමැති බවද හෙළිවී තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පෙම්වතියගේ අසැබි දර්ශන ඇතැයි පෙම්වතා රවටා කප්පම් ඉල්ලලා