ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර කෙන්වික් බෞද්ධ විහාරස්ථාන භූමියේ දර්ශනීය වෙසක් පහන් කූඩුව අජා බ‍්‍රහ්ම වංසෝ හිමි, ඔස්ටේ‍්‍රලියා පාර්ලිමේන්තී‍්‍ර මන්තී‍්‍ර දොන් රැන්ඩෝල් ඇතුළු මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් විවෘත විය. මෙම දර්ශනීය පහන් කූඩුව නිර්මාණය කර තිබුණේ කලාශූරී චන්ද්‍රදාස හේවගේ මහතා ප‍්‍රමුඛ කණ්ඩායම විසිනි. සිදුහත් කුමරු සත් පියුම් මතින් වඬින නිර්මාණය පර්ත් සිංහල පාසල විසින් ඉදිරිපත් කැරිණි.
දෙදිනක් පුරා පන්සල් භූමියේ බත් දන්සලක් ද , අයිස්කී‍්‍රම් දන්සලක් ද පැවැත්විණි. 200කට ආසන්න පිරිසක් පෙහෙවස් සමාදන්ව සිටියහ. සතියක් පුරා ධර්ම දේශනා මාලාවක් ද පැවැත්විණි.
පර්ත් ශ‍්‍ර‍්‍රී ලංකා බෞද්ධ විහාරාධිපති ඔස්ටේ‍්‍රලියාවේ ප‍්‍රධාන සංඝනායක බේරුවල ශී‍්‍ර සෝභිත හිමිහන්ගේ අනුශාසනා පරිදි මලිඳුව සුගුණසිරි, තලංගල්ලේ රතන , ඇඹුල්අඹේ ඉන්ද්‍රසාර හිමිවරු මේ පිංකමට සහය වූහ.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු දහම ලොව පුර පැතිරේවා (නදී)
මේ අවිහිංසා දර්ශනය ඔස්ට්‍රේලියාව තුල පැතිරේවා ! (නදී)
සන්තෝසයි අපේ පන්සල (නදී)
සාදු සාදු සාදු (නදී)
පහන දල්වන්නේ අජාන් බ්‍රහ්මවම්සෝ හාමුදුරුවෝ . උන්වහන්සේ තරම් දේශකයෙක් ලෝකේ කොහෙවත් නෑ. ඉංගිරිසි තේරෙනවන නම් එම දේශනා යු ටයුබ් එකේ බලන්න. (අ)
සාදූ ..සාදූ ..සාදූ ..සියලු මනුෂ්‍ය වර්ගයාට කිසිම බේදයකින් තොරව පුදන වගයි .....මේ බුද්ධ දර්ශනය ....සාදූ සාදූ සාදූ . මෙයට දායක උන සැමටම මේ බව සසරේ සැරි සරනතාක් කල් මේ පින ලැබේවා.....(නදී)
මේ තියෙන්නේ ලින්ක් එක වෙසක් පහන බලන්න: http://www.youtube.com/watch?v=pqmQUjM5PjQ
බේරුවල සෝභිත හාමුදුරුවොත් චන්ද්‍රදාස හේවගේ මහතාත් ඉන්නකම් වෙසක් තොරණත් පින්කමත් හොඳින් සිද්ධ වේවි. මටත් ගිය අවුරුදු දෙකේ පන්සලේ තොරණ හැදීමට උපකාර වන්නත් සිල් ගන්නත් පුළුවන් වුණා. තවද අජාහ් බ්‍රහ්ම වන්සෝ හාමුදුරුවන්ගේ බන ඉතා හොඳයි. එය කාලයට හා අවස්ථාවට ඔබින ලෙස කරන ධර්ම දේශනාවකි. (ස)
ඕස්ට්‍රේලියාව තමයි දැන් ලංකාවේ මිනිසුන්ට ඉතුරු වෙලා තියෙන්නේ, යමු, යමු, නැවක් හොයා ගමු. (ස)
බුදු දහමේ සත්‍යයේ බලයෙන් බුදු සසුන බැබලේවා ! (ස)
ගිය වර වගේම සිත් සුවපත් කරන නිර්මාණයක් කළ නාහිමි,චන්ද්‍රදාස, අනුර, සමිතියේ උපාලි, ඇතුළු සැමට තෙරුවන් බලයෙන් මෙවන් දේ කිරීමට හැකිවේවා. (ස)
වෙසක් සිරිය සෑම වසරකම පර්ත් නුවර අපට දන්වන සෑම දෙනාටම ඉතා පින්! ඒ සියලු දෙනාටම ඉදිරියටත් එවැනි දෑ කිරීමට ශක්තිය හා ධෛර්යය පතමු . (ස)
රට පුරා පිංකම් (දී)