ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙසක් අනුස්මරණය වෙනුවෙන් පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා ඇතිව වාර්ෂිකව සංවිධානය කරන වෙසක් අනුස්මරණ සංස්කෘතික උත්සවය පසුගියදා බුවා ද වැන්සන්හි පිහිටි බෞද්ධ විහාරස්ථානයේ දී පැවැත්විණි. සීල සමාදානය, පිරිත් දේශනය, ධාතු ප්‍රදර්ශනය, පිණ්ඩපාත දානය, ප්‍රංශයේ උපන් දු දරුවන්ගෙන් සමන්විතවූ දවුල් කාණ්ඩයම සමඟ සධාතුක කරඩුව සහිත විවිධ ජාතිකයන්ගෙන් යුක්ත වූ බෞද්ධ පෙරහැර, තෙසත්තා ඥාණ පුජාව, වෙසක් අනුස්මරණ උත්සව සභාව, භක්ති ගීත සහ මස්සෙන්නේ විජිත හිමියන් විසින් පවත්වන ලද මා පිය උපහාර පුජාව ද මෙදින පැවැත්විණි.
පැරිස් නුවර ජේතවන විහාරාධිපති මුරුංගාගස්යායේ ඤණිස්සර නාහිමි, බුද්ධියාගම සිගල පුරාණ විහාරාධිපති බැදිගම චන්ද්‍රලෝක හිමි, කිරින්දේ ප්‍රේමසිරි හිමි, ධම්මචක්ක බෞද්ධ විහාරයෙන් මහගම සූනීත හිමි, විතාරන්දෙණියේ විමලරතන හිමි, මාපලගම ජිනානන්ද හිමි, කුල්ලේවැවේ ආනන්ද හිමි , බැදිගම මනිරතන හිමි, පණ්ඩිත කැන්දවින්නේ රාහුල හිමි, රාජකීය පණ්ඩිත කදුරුපොකුණේ ධම්මාලෝක හිමි, කහත්තෙවෙල සුගතසිරි හිමි ඇතුළු මහාසංඝ රත්නය සමඟ ප්‍රංශයේ ශ්‍රි ලංකා තානාපති තිලක් රණවිරජා මැතිතුමන් ඇතුළු විවිධ ජාතික බෞද්ධයන් මෙන්ම බුදුදහම ගැන උනන්දුවක් දක්වන බොහෝ ප්‍රංශ ජාතිකයන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ප්‍රවීණ දේශකයෙක් ලේඛකයෙක් මෙන්ම ප්‍රවීණ රංග ශිල්පියකු වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ද ධර්මානුකූල දේශනයක් පවත්වනු ලැබීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙසක් සමරයි